ආදරයට අත වනන ආහාර

SiteGround

Banned
  • Jul 30, 2018
    259
    63
    28
    ආදරයට අත වනන ආහාර

    SoyaBeans.jpg

    ආදරයට අත වනන ආහාර


    අප ආදරයට ආදරය කරන තරමටම ආහාරයට ද ආදරය කරන්නෙමු. එහෙත් සමහර ආහාර වර්ග හරහා ආදරය වර්ධනය කර ගත හැකි බව ඔබ දන්නේ ද? විද්‍යාත්මක පර්යේෂණ පෙන්වා දී ඇත්තේ තම තමන්ගේ ආදර හැකියාව හා බැදීම් ප්‍රවර්ධනය කර ගැනීමට ගන්නා ආහාර තුළ අඩංගු සමහර විටමින හා ඛනිජ ඇතුළු පෝෂකවලට හැකියාව පවතින බවය.
    මේ පෝෂක කවරේදැයි විමසා බලමු.අප ආදරයට ආදරය කරන තරමටම ආහාරයට ද ආදරය කරන්නෙමු. එහෙත් සමහර ආහාර වර්ග හරහා ආදරය වර්ධනය කර ගත හැකි බව ඔබ දන්නේ ද? විද්‍යාත්මක පර්යේෂණ පෙන්වා දී ඇත්තේ තම තමන්ගේ ආදර හැකියාව හා බැදීම් ප්‍රවර්ධනය කර ගැනීමට ගන්නා ආහාර තුළ අඩංගු සමහර විටමින හා ඛනිජ ඇතුළු පෝෂකවලට හැකියාව පවතින බවය. මේ පෝෂක කවරේදැයි විමසා බලමු.


    ඔමේගා 3
    ඔමේගා 3 යනු සමහර ආහාරයන්හි අඩංගුව පවතින මේද අම්ලයකි. විශේෂයෙන් හෘද රෝග ඇතුළු රෝග ගණනාවකට පවතින අවදානම පහළ හෙළීමට එය සමත්ය. ඔමේගා 3 ශරීරය තුළ පවතින ප්‍රදාහ තත්ත්වයන් අඩු කිරීමට උදව්වනවා පමණක් නොව එය වයස්ගත වීමේ ක්‍රියාවලිය පමා කිරීමට ද ක්‍රියාකරන්නකි. හෘදය සහ මොළයේ සෞඛ්‍යයට විශේෂ ආධාරකයක් වීමට එයට පුළුවන.
    සමස්තයක් වශයෙන් මනෝභාවය නංවාලීමට මෙන්ම හෝර්මෝන තුල්‍යතාවය නියාමනය කිරිමටත් සමත් ඔමේගා 3 ආදරය කිරීමට පිබිදීමක් සහිත මනෝභාවයන් උරුමකිරී මෙහිලා මූලික වෙයි.

    අඩංගු ආහාර
    සැමන්, හුරුල්ලන්, කෙළවල්ලන් ඇතුළු මාළු වර්ග, ඇට වර්ග, සෝයා සහ ටෝෆු වැනි සෝයා නිෂ්පාදන, ඔලිව් තෙල්




    බී විටමින

    බී විටමින යනු එක් විටමිනයක් නොවේ. එය විවිධ ගුණ සහිත විටමින් සමූහයකි. සමස්තයක් වශයෙන් ගත් කළ ශරීරය තුළ ස්‍රාවය වන ලිංගික හෝර්මෝන ප්‍රමාණය නියාමනය තුළින් ලිංගික අවයව ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් නියාමනයක් කිරීමට එය සමත්ය. බී විටමින ඌනතාවය ඇති වුවහොත් එය අලස බව හා වෙහෙසකාරී බව ඇති කිරීමට සමත් වනවා මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වයට ද හරස් වෙයි. එලෙසින් එය ආදරය කිරීමේ හැකියාවට ද බාධාවකි.

    අඩංගු ආහාර

    පලා වර්ග, එළවළු, කෙසෙල් ඇතුළු පලතුරු, නිවුඩ්ඩ සහිත ධාන්‍ය, බිත්තර, කිරි ආහාර, මාළු සහ තෙල් රහිත මස්
    සින්ක්

    ගැහැනු , පිරිමි දෙපාර්ශවයේම ලිංගික පිබිදීමට හා ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වූ ටෙස්ටස්ටරෝන් නම් හෝර්මෝනය නිපදවීමට සින්ක් අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම සින්ක් ඌනතාවය ඇති වුවහොත් පිරිමින් තුළ ලිංගික අප්‍රාණිකත්වය ඇති විය හැකියි.

    අඩංගු ආහාර

    නිවිති, මුං ඇට, කඩල, වට්ටක්කා සහ සූරියකාන්ත ඇට, රටකජු, කොට්ටන් මද, කජු, බෙල්ලන් ඇතුළු කවඩ මාළු වර්ග

    ලේ පවිත්‍ර කරන ආහාර

    රුධිර නාළ තුළ අධික ලෙස මේදය හා තෙල් කොටස් තැන්පත් වී රුධිර ගමනා ගමනයට බාධා ඇතිවීම ලිංගික ඉන්ද්‍රියයන් ඇතුළු ඉන්ද්‍රිය ගණනාවකටම බලපායි. ලිංගික ඉන්ද්‍රිය තුළට හොඳ ලේ ගලා ඒමක් නොමැති වුවහොත් එය ලිංගික උත්තේජනයට බාධාවකි.

    වඩා සුදුසු ආහාර

    කොළ පැහැති පලා වර්ග, සුදුළූණු, ලීක්ස්, ලූණු, බීට් රූට්, ඇපල්, ඉඟුරු, ගම්මිරිස්, අබ, අලිපේර, මිරිස්, දොඩම්, සැමන් වැනි මාළු වර්ග

    වකුගඩු පණගන්වන ආහාර

    චීන වෛද්‍ය විද්‍යාවේදී අපගේ “ජින්ග්” ගබඩා කරන ඉන්ද්‍රිය ලෙස සැලකෙන්නේ වකුගඩුය. ජින්ග් යන්නෙහි තේරුම “ජීවිතය” යන්නය. එයින් හැඟෙන්නේ ජීවිතයට වකුගඩු කොතරම් ප්‍රයෝජනවත්ද? යන්නය.

    වකුගඩු අක්‍රීය වුවහොත් එය ඔබගේ කායික හැකියාවන්ට, ප්‍රතිශක්තියට එනම් රෝග මර්දන හැකියාවන්ට මෙන්ම සක්‍රීය ලිංගික ක්‍රියාවන්ට ද අඳුරු ලෙස බලපායි. චීන වෛද්‍ය මතයට අනුව අධික ලෙස කැෆේන් (කෝපි, හා තේ තුළ අඩංගු) දුම්කොළ සහ මත්පැන්, වකුගඩු සෞඛ්‍යයට හා එමඟින් “ජීවිතය” ට හානි කරයි. ආහාරවේල හා ජීවන රටාව නිසිමඟ ගැන්වීම තුළින් වකුගඩු හා “ජීවිතය” පණ ගැන්වීමට පුළුවන.

    වඩා සුදුසු ආහාර

    මෑ, බෝංචි, පියළි ඇට වර්ග, නිවුඩ්ඩ සහිත ධාන්‍ය, කැරට් ඇතුළු එළවළු, පලා, ලූණු, සුදුළූණු


    ආරෝග්‍ය පුවත්පත ඇසුරෙනි
     
    Last edited: