You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ආදරයට ආදරයෙන් : පළමුවැනි කොටස
"ජීවිතය හැම මොහොතකම විදින්න ඔනි දෙයක්.. විදවන්න ඕන දෙයක් නෙමෙයි.. ජීවිතේට ප්‍රශ්ණ ඕන තරම් එනවා.. එක තමයි ජීවිතේ කියන්නෙ.."
පූජා එයාගේ ජීවිතේ දකින්න පුරුදු වෙලා හිටියේ ඒ විදිහට.. අනුරාධපුරේ ඈත පිටිසර ගමක ඉපදුන පූජාට එයාගේ තාත්තාගේ ආදරය අහිමි වෙන්නේ යන්තම් අවුරුදු දහතුනක් පමන වෙනකොට...ජීවිතේ තනියම ගෙනියන්න බැරි පූජාගේ අම්මා පූජා එක්ක කොළඹට එන්න තීරණය කරනවා.. පූජාගේ අම්මා උපධි දාරිනියක් නිසා ඇය පහසුවෙන්ම ආයතනයක ගිණුම්කාරිණියක් ලෙස වැඩ ආරම්භ කරනවා..
පූජා අම්මට ගොඩක් ආදරෙයි.. කියන්න තරම් නෑදෑ පිරිසක් පූජාගේ අම්මට හිටියෙ නැති නිසා පූජා ඉන්නේ අම්මත් එක්කමයි.. පූජාට එයාගේ තාත්තා නැති අඩුව දැනෙන්න එයාගේ අම්මා ඉඩ දුන්නේ නැහැ.. පූජාගේ හැම ඔනෑ එපා කමක්ම එයාගේ අම්මා නොපිරි හෙලා ඉටු කලා..
පූජා ඉගෙනීමට ගොඩක් දක්ශයි.. ඇය උසස් පෙළ සමත් වෙන්නේ ඉහල ප්‍රතිඵල අරගෙන.. ගුරුවරියක් වීම ඇගේ එකම හීනය උනත් ඇයට ඈගේ බලාපොරොත්තුව හීනයක්ම වන්නේ ඇගේ අවාසනාවටත් වඩා ඇගේ ඉරණම නිසායා..
පූජා ඉතාමත් සුන්දර යුවතියක් උවත් ඇගේ අවාසනාවට ඇයට කතා කිරීමට නොහැකි වීය.. කුඩා කාලයේ මේ ගැන පූජා කොතරම් දුක් උවත් ඇයට දැනුම් තේරුම් ඇති කාලයේ සිටම ඇය මේ පිළිබදව කිසි දිනෙක දුක් නොවූවාය.. ඇය හැම අවස්ථාවකම අන් අයට උදව්වක් කිරීමට පැකිළුනේ නැත.. ඒ ඇගේ හිතට එය මහත් සැනසිල්ලක් වූ නිසායා..
පූජාගේ ගුරුවරියක් වීමේ බලාපොරොත්තුව ඇයට යලිත් එන්නේ මුද්‍රා මාර්ගයෙන් උගන්වන පාසලක ඉගෙනීමට ඇයට අවස්ථාවක් ඇගේ මිතුරියකගෙන් ලැබීමත් එක්කම.. ඇගේ බලාපොරොත්තුව හීනයක් වි අවසන් නොවුනා යන හැගීමෙන් ඇය මහත් සේ සතුටු වූවාය..
තම දිවි මගේ මේ අළුත් ඇරඹුම පූජාගේ ලෝකයම අළුත් කරනවා.. ඇය කුඩා දරුවන්ට ආදරෙන් ඉගැන්වීම් කරන අතරෙම වැඩි දුර ඉගෙන ගන්නත් කල්පනා කරනවා.. ඇගේ ජීවිතේ මේ ලස්සනම දවස් වල තමයි ඇයට අසංගව මුන ගැහෙන්නේ..
http://dineshumagiliya.blogspot.com/
ආදරයට ආදරෙයෙන් : දෙවැනි කොටස
අසංග ජීවිතේ දැක්කේ බොහොම සරළ විදිහට.. අසංගගේ ලෝකේ එතරම් හීන තිබුනේ නැහැ.. ඒ බලාපොරොත්තු බිද වැටෙන එක අසංගගේ හිතට ලොකුවට බලපාන නිසා..
අසංගට ගෙදර හැමෝම ගොඩක් ආදරය කලා.. අසංගත් ඒ වගේමයි.. අසංග එයාගේ තාත්තාට ගොඩක් ආදරේ කලා.. ඒ එයාගේ තාත්තා පුන්ච් පවුල වෙනුවෙන් කැපකිරීම අසංග දැනගෙන හිටිය නිසා..
අසංග පාසල් ජීවිතයට සමු දෙනවත් එක්කම රක්ෂන ආයතනයක සේවයට බැදෙනවා.. අසංග මේ තරම් ඉක්මනින් රැකියාවක් කරනවට එයාගේ තාත්තා අක්මැති උනත් පුතාගේ ආසාවට හැමදාම වගේ ඉඩ දෙන්න තාත්තා තීරණය කරනවා..
අසංගගේ ජීවිතයට මේ වෙනතුරුත් පෙම්වතියක් හිටියෙ නැහැ.. එයාගේ යාළුවා මේ ගැන අහන කොට අසංගට තිබුනෙ දෙන්න එකම උත්තරයයි..
" මට අපේ ගෙදර අය ගොඩක් ආදරෙයි.. ඉතින් මොකටද මට දැන්ම කෙල්ලෙක් "
යාළුවොත් අසංගගේ ජීවිතය ගැන හොදින් දන්න නිසා අසංග එක්ක කවදාවත් වාද කරන්න ගියේ නැහැ.. අසංග ගියේ මිශ්‍ර පාසලකට.. අසංග පාසලේ දක්ශ කතිකයෙක් වගේම දක්ශ ක්‍රිඩකයෙක් උන නිසා අසංගට පෙම් කල ගහැනු ළමයි බොහොමයි.. අසංග ඒ හැමෝටමත් කිව්වේ කලින් උත්තරයමයි.. එත් අසංග දැනගෙන හිටියා එයාට ආදරේ කරන්න කෙනෙක් කවදා හරි මුන ගැහේවියි කියලා..
අසංග එයාගේ රැකියාව කලේ හිතේ ගොඩක් සතුටින්.. හැමදාම වගේ වැඩ ඉවරවෙලා යාළුවොත් එක්ක එන අසංගට දවසක් අහම්බෙන් වගේ පූජාව මුන ගැහෙනවා..
අසංග ඈත ඉදන් පූජා දිහා ගොඩක් වෙලා බලන් හිටියා.. පූජා හරිම ලස්සනයි.. ලස්සනටත් වඩා පූජා දැක්ක ගමන් අසංගට අනිත් අයගෙන් වෙනස් තැන්පත් බවක් පූජාගෙන් දැක්කා.. අසංගට ඈ කෙරේ ආදරක් ඈති වෙන්න ඒ තරම් වේලාවක් ගියෙ නැහැ.. දින දෙක තුනක්ම අසංගට පුරුදු විදිහටම පූජාව මුන ගැහුනා.. ඒත් අසංග පූජා දිහා දුරින් ඉදලා බලන් හිටියේ එයාට වෙන පෙම්වතෙක් ඉන්නවද කියල දැනගන්නත් හිතාගෙනමයි ..
අසංගගේ යාළුවන්ට මේ ගැන ඉව වැටෙන්න වැඩි දවසක් යන්නේ නැහැ..
"ඔහොම බලන් ඉන්නේ නැතුව ගිහින් ඒ කෙල්ල එක්ක කතා කරපන් "
අසංගගේ යාළුවෝ හැමදාමත් අසංගට කිව්වත් අසංග කිව්වේ " ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද දන්නේ නැහැනේ.. ඉතින් කොහොමද ගිහින් කතා කරන්නේ "
"උඹ ඔහොම බලන් හිටියත් කොහොමද ඒක දැනගන්නේ ගිහින් කතාකරපන් " යාළුවෝ අසංගට බලකරන්න පටන් ගත්ත නිසා අසංග පූජත් එක්ක කතා කරන්න හිතා ගන්නවා..
http://dineshumagiliya.blogspot.com
ආදරයට ආදරෙයෙන් : තෙවැනි කොටස
යාළුවන්ගේ බල කිරීමට අසංග පුජා එක්ක කතා කරන්න හිතාගෙන පූජා ඉන්න තැනට ලන් වෙනවා.. අසංග ලගට එනු දුටු පූජා හරිම අහිංසක විදිහයට අසංග එක්ක හිනා වෙනවා.. කතා කරන්න කියලා හිතාගෙන ආපු අසංග මුකුත්ම කියාගන්න බැරිව පූජා ලගට වෙලා ඉන්නවා.. ටික වෙලාවක් මෙහෙම හිටපු අසංග හෙමින් පූජාට යමක් කියන්න සැරසෙනවා..
අසංගට පළමු වතාවට කෙනෙක් එක්ක කතා කරද්දි දිව පැටලෙනවා වගේ දැනෙනවා.. ඒ අසංග ආදරේ කරන්න හිතාගෙන මේ වෙනකන් කවුරුත් එක්කවත් කතා කරලා නැති නිසයි..
අසංගගේ යාළුවෝ ඈතින් ඉදන් අසංගට විහිළු කරන්න පටන්ගන්නවා " අසංග උඹට කෙල්ලෙක් එක්ක තාම හරියට කතාකරන්නවත් බැහැනේ "
පූජා යාළුවන්ගේ හඩට ආයෙත් අසංග දිහා බලලා ආයෙත් අහිංසක් විදිහට හිනා වෙලා බිම බලාගන්නවා..
අසංග පූජා එක්ක කතාකරන්න නොයෙකුත් දේවල් කිව්වත් පූජා ඒ කිසි දේකට උත්තරයක් නොදී බස් රියක් එනතුරු මග බලාගෙන ඉන්නවා.. අසංගට පූජා කතා නොකරන එක ගැටලුවක් මුත් අසංග ඒ ගැන වැඩි දුර නොහිතන්නේ පළවෙනි වතාවට දැක්ක කෙනෙක් එක්ක කෙල්ලෙක් කොහොමත් කතා කරන්න අකමැති බව දන්න නිසයි..
අසංග කීප වරක් උත්සාහ කලත් ඒ එක වතාවකවත් පූජා අසංග දිහා බැලුවා හැරෙන්න එකම වචනයක් වත් කතා කරනු නොදුටු අසංගගේ යාළුවෝ ටික අසංග ලගට එනවා..
"මොකද මචං කෙල්ල ගනන් උස්සනවද? " අසංගගේ යාළුවෙක් උස් හඩින් ඇසීය..
" උඹ් ඔවා ගනන් ගන්න එපා බන්.. එයාට කොල්ලෙක් ඇති.. එකයි ඔච්චර ගනන් " යාළුවෙක් එහෙම කියනකොට අසංගටත් හිතුනා එහෙම දෙයක් වෙන්න ඇති කියලා..
අසංග එතැනින් ඉවත් වෙන්න හදනවත් එක්කම පූජා අසංගගේ අතින් අල්ලලා නවත්වනවා.. ඒත් එක්කම දකින දෙයින් අසංගට මුළු ලෝකයම අමතක වෙනවා..
පූජා එයාගේ අත් දෙකෙන් මොනවාදෝ කියන්න හදන බව අසංග තේරුනා.. කියන දේ මොකද්ද කියල අසංගට හරි හැටි නොතේරුනත් අසංගගේ යාළුවෝ අතින් උන වැරැද්ද අසංගට හොදින් තේරුම් ගියා.. අසංගගේ දෑස් වලට කදුළු බිදු එන්න ඒ තරම වෙලාවක් ගියේ නැහැ..
කුමක් හෝ කිව් නමුත් ඈ විගසම ඊළග බස් එකේ නැගී එතැනින් නික්ම ගියේ අසංග දෙස ආයෙත් අහිංසක සිනාවක් පාමින්ය..
අසංගගේ යාළුවන්ට උන වැරැද්ද තේරුනත් දැන් ප්‍රමාද වැඩියි.. අසංග කිසිවක් කතා නොකරම තම නිවෙස බලා පියනගනවා..
http://dineshumagiliya.blogspot.com
ආදරයට ආදරෙයෙන් : සිව්වැනි කොටස
යාළුවන්ගෙන් වෙන්වී අසංග නිවෙස කරා ආවත් අසංගගේ හිතට තවමත් සවස සිදුවීම බොහෝ සෙයින් වද දෙනවා.. අසංගට ජීවිතේ කවදාවත් නොදැනුන හිත් වේදනාවක් හිතට දැනුනත් වෙනදා මෙන් හිත හදා ගන්න පුළුවන් කමක් අසංගට දැනෙන්නේ නැහැ.. අන්තිම මොහොතෙත් පූජා අසංග එක්ක අහිංසක විදිහට හිනා විම මිරිගුවක් වගේ අසංග ඉදිරියේ මැවෙන්න පටන් ගන්නවා..
අසංග ගෙවල් පාරේ තියෙන වැව ලග වාඩිවෙලා කළුවර වැටෙනකන් අද උන සිදුවීම ගැන කල්පනා කරත් අසංගගේ කල්පනාව ඒ අහිංසක සිනහව ලග නතර වෙනවා හැරෙන්න අසංගට කිසිම විසදුමක් ලැබෙන්නේ නැහැ..
වෙනදා වෙලාවට ගෙදර එන පුතා අද පරක්කු නිසා අසංගගේ තත්තා දොරකඩට වෙලා අසංග එනකන් මග බලන් ඉන්නවා.. වෙනදාට වඩා වෙනසක් පුතාගේ මුහුනේ තියෙන බව තාත්තා දුර ඉදලම දකිනවා..
" ඇයි පුතේ අද පරක්කු උනේ.. මුකුත් ප්‍රශ්ණයක්ද? "
අසංග එයාගේ තාත්තා එක්ක ගොඩක් විවෘතව කතා කරන කෙනෙක්.. ඒත් අසංග මේ ප්‍රශ්ණය තාත්තා එක්ක කියනවද නැද්ද කියල කල්පනා කලත් තත්තාගෙන් හරි විසදුමක් මේකට ලැබෙයි කියල අසංග කල්පනා කරනවා..
" ඔව් තාත්තේ " යැයි පැවසූ අසංග සිදුවූ හැම දෙයක්ම එයාගේ තාත්තට විස්තර කරනවා..
" පුතේ, නොදැනුවත්ව හරි ඔයාලා අතින් වෙලා තියෙන්නේ ලොකු වැරැද්දක්.. ආයෙත් ඒ ළමයා මුනගැහුන වෙලාවක එයාගෙන සමාව ඉල්ලන එක ඔයාලගේ යුතුකමක්.. එතකොට පුතාගේ හිතටත් සැහැල්ලුවක් දැනේවී.. "
තාත්තගේ ඒ වචන ටික අසංගගේ හිතට ගේන්නේ ලොකු සතුටක්.. වෙනදා වගේම ආදරයෙන් තාත්තාව වැලද ගන්න අසංග නිවසට ඇතුල් වෙන්නේ කියන්න බැරි තරම් සැහැල්ලුවකින්..
රාත්‍රිය පූරාවටම පූජා ගැන නොයෙකුත් සිහින දැක්ක අසංග පහුවදා උදේම වැඩට යන්නේ බලාපොරොත්තු කන්දකුත් හිතේ තියාගෙන.. සවස 5.00 වෙනතුරු ඉවසුමක් නැතිව බලන් ඉන්න අසංග 5.00 කණිසම වදිනවත් එක්කම හැමදාම පූජා මුන ගැහුන බස් නැවතුම වෙත වේගයෙන් දිව යනවා..
අසංග බලාපොරොත්තු කන්දත් පොදි බැදන් පූජා එනතුරු බොහෝ වෙලා බලන් ඉන්නවා.. එත් එදා පූජා මුනගැහෙන්න අසංග ට බැරි වෙනවා.. දින දෙක තුනක්ම පූජා එනතුරු අසංග බලා හිටියත් ඒ එකම දවසකවත් පූජා ඒ බස් නැවතුමට එන්නේ නැහැ.. මේක අසංගගේ හිතට සෑහෙන්න බලපානවා..
http://dineshumagiliya.blogspot.com/
Last edited:
ආදරයට ආදරෙයෙන් : පස්වෙනි කොටස
අසංගගේ හිත මීට ඉස්සෙලා මේ වගේ දුක් උන දවසක් තිබුනේ නැති තරම්.. පූජා දින කිහිපයක්ම අසංගට මුන නොගැසීමටත් වඩා අසංගට උන වැරැද්දට සමාව ඉල්ලන්න නොහැකීවීම් අසංගගේ හිතට බොහොම තදින් බලපෑවා..
දිනක් අසංගගේ දුරකතනයට එයාගේ තාත්තාගෙන් ඇමතුමක් එනවා.. ඒ අසංගගේ මාමා කෙනෙක් මිය ගිහින් කියන ආරන්ච්යත් අරගෙන.. දිගු කලක් අසංගගේ ගෙදරත් එක්ක අමනාපයෙන් මේ මාමා සිටි නිසා අසංග මරණ ගෙදර යාමට අදි මදි කලත් පරණ තරහ මරහා දැන් මොකටද කියල හිතන අසංගත් ගෙදර අයත් එක්කම මරණ ගෙදර යනවා..
එහිදී අසංගට දිගු කාලයකට පස්සේ ශෙහාරා මුන ගැහෙනවා.. ශෙහාරා අසංගගේ මියගිය මාමාගේ දුව.. පවුල් අමනාපකම් නිසා අසංග අවසන් වරට ශෙහාරා දැක්කේ ඈ මෙන්ම අසංගත් බොහෝ කුඩා කාලයෙයි..
ටික වේලාවක් ශෙහාරා එක්ක දොඩමළු වෙමින් ඉන්න අසංගගේ නෙත් එක් වරම වෙන අතක ඇදී යන්නේ අසංගගේ නෙත් ඉදිරියේ පූජා සිටිනු දැකීමත් එක්කම.. අසංගට එක් වරම දෑස් අදහාගත් නොහැකි උන මුත් ඒ තමා සිතින් පෙම් කරන යුවතියම බව අසංගට අදුනා ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ..
අසංග ශෙහාරා සමග ඉන්න තැනින් මදක් එහාට වී " අර කවුද? " ශෙහාරගෙන් විමසුවේය..
" ආ ඒ පූජා.. මේ ලග ඉන්නේ "
ශෙහාරාගේ ඒ පිළිතුරෙන් ඊට එහා කිසිම ප්‍රශ්ණයක් අසංග නොවිමසූයේ ශෙහාරා දැන් ඉන්න අවස්ථාව ගැන සිතා මෙන්ම පූජා ඉන්නේ වැඩි ඈතක නොවන බව හිතේ තියාගෙනය..
අවමංගල්‍ය කටයුතු සියල්ලක්ම ඉවර වෙන තෙක්ම අසංග පූජා එක්ක කතා නොකර ඉන්න තීරණය කලේ ශෙහාරාගෙන් සියළු විස්තර දැනගැනීම පළමුවෙන් කලයුතුයැයි සිතූ නිසාවෙනී..
මාමාගේ මරණයේ වැඩ කටයුතු ඉවරවී දෙසතියකට විතර පසුව අසංග ශෙහාරාගේ ගෙදරට එන්නේ පූජා ගැන සියළු විස්තර දැනගන්න හිතාගෙන.. අවුරුදු ගානකින් නිදහසේ කතා කරන්න ලැබුන නිසා බොහෝ දේ ගැන අසමින් ඉන්න ශෙහාරාගෙන් අසංග හෙමීට පූජා ගැන විමසනවා..
" ඔයා පූජාව දන්නේ ගොඩක් කල් ඉදන්ද? "
" එයාලා දැන් මෙහේ ඇවිල්ලා අවුරුදු 6 විතර වෙනවා.. මාත් එක්ක ගොඩක් හිතවත්.. ඒත් පවු ඒ ළමයට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.. ඇයි ඔයා මේ හදිස්සියේම එයා ගැන අහන්නේ? ඔයා එයාව දන්නවද? " ශෙහාරා අසංගගෙන් විමසුවාය..
" මට එයාව මිට කලින් මුන ගැහිලා තියෙනවා " අසංග සිදු වූ සියල්ලක්ම එකින් එක ශෙහාරාට විස්තර කරා..
" එහෙනම් අසංග අයියා පූජාට ආදරෙයි?? " ශෙහාරා අසංගගේ අතින් ඇදගෙන උඩුමහලට යනගමන් විමසුවාය..
" අර පේන ගේ තියෙනවා නේද එහේ තමයි පූජා ඉන්නේ.. ඔනිනම් මම දවසක එහේ එක්කන් යන්නම්"
ශෙහාරාගෙ ඒ වදන් අසංගගේ තැවුනු හිතට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන්නක් වීය..
http://dineshumagiliya.blogspot.com/
Last edited:
ආදරයට ආදරෙයෙන් : සයවැනි කොටස
ශෙහාරා අසංගට පොරොන්දු වූ පරිදි පූජා මුන ගැසීමට මගක් සලසන තුරු නොයිවසිල්ලෙන් බලා සිටි අසංගගේ දුර කතනයට ශෙහාරාගෙන් ඇමතුමක් ලැබුනි..
" අසංග අයියේ ඔන්න වැඩේ හරි.. ඔයා අද 3ට විතර අපේ ගෙවල් පැත්තේ එන්න.. පූජා මෙහෙ එනවා.." ශෙහාරා පැවසීය..
අසංගට එවෙලේ දැනුනේ කියාගන්න බැරි සතුටක්..
"හරි මම එන්නම්.." පැවසූ අසංග හැකි ඉක්මනින් යාමට පිටත් විය..
අසංග ශෙහාරාගේ ගෙදරට එන විට පූජා එහි පැමින ශෙහාරා සමග ආලින්දයේ රූපවාහිනී නරබමින් සිටියාය.. එකවරම අසංග දුටු පූජා මවිතයෙන් මෙන් අසංග දෙස බල සිටියාය.. ශෙහාරා තමන් එන බව පූජාට කියා නොමැති බව අසංගට තෙරුම් ගියේය..
" පූජා මේ අපේ අසංග අයියා.. ඔයාලා කලින් මුන ගැහිලා තියෙනවනේ?? "
පූජා අසංග දෙස බලා සිනාසී ශෙහාරා දෙස බලා ඇයට කුමක් හෝ පැවසීය.. අසංගට ඒ කිසිවක් නොතේරුන නිසා අසංග ශෙහාරා දිහා බැලුවේ එහි තේරුම දැනගන්න හිතාගෙනය..
" මෙයා කියනවා ඔයාව හොදට අදුරනවලු.." ශෙහාරා අසංගට පැවසීය..
"ඔයාලා වාඩි වෙලා ඉන්නකෝ මම බොන්න මොනවා හරි අරගෙන එන්නම්.." යැයි පැවසූ ශෙහාරා අසංගට පූජාටත් තනියම කතා කිරිමට මගක් සලසා දුන්නාය..
ලැබූ අවස්ථාවෙන් අසංග හෙමින් සිය කඩහඩ අවදි කලේය..
" එදා උන දේට මට සමාවෙන්න.. මගේ යාළුවෝ ඒ ගැන එච්චර හිතන් නැතුවයි එහෙම දෙයක් කිව්වේ.."
පූජා ඊට පිළිතුරක් ලබා දුන්නත් එය අසංගට නොතේරුනි.. ශෙහාරාත් ලග නැති නිසා අසංග එය පැහැදිළි කර ගැනීමටද විදිහක් නොතිබුනි..
අසංගට එය නොතේරුන බව දැනගත් පූජා ශෙහාරා එනු දැක ඇයට එය පැවසීය..
" ඔයා මාත් එක්ක ගොඩක් වෙලා කතාකරන්න උත්සාහ කලා.. වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා එක්ක කතා කරනවා.. යාළුවෝ කියපු දෙවල් මම එච්චර හිතට ගත්තේ නැහැ.. මොකද එයාලා මං ගැන දැනන් හිටියේ නැහැනේ.." ශෙහාරා අසංගට ඈ පැවසූ දේ විස්තර කලාය..
පූජාගේ වදන් අසංගගේ හිතට සැනසීමක් ගෙනාවේය..
ශෙහාරාත් අසංගත් පූජාත් එදා සවස් වන තුරුම දොඩමළු වෙමින් සිට්යේය.. කාලය වේගයෙන් දිව ගිහින් බව අසංගට දැනුනේ පූජාගේ මව ශෙහාරාගේ නිවසට ඇමතුමක් ලබාදුන් විටය..
" අපි ආයේ කවද්ද මුන ගැහෙන්නේ??" අසංග පූජාගෙන් විමසුවේය..
ඊට පිළිතුරක් නොදුන් පූජා අසංගටත් ශෙහාරාටත් සුභ සන්ද්‍යාවක් පතා තම නිවෙස වෙත යාමට පිටත් වී අසංග දෙස බලා යමක් පවසා අසංගගේ හිත ආදරය කල අහිංසක සිනහව පාමින් පූජා නික්මී ගියාය..
පූජා ඈතට යන තුරු බලා සිටි අසංග " මොකද්ද එයා අන්තිමට කිව්වේ? " ශෙහාරාගෙන් විමසීය..
" ඔයා එක්ක කතා කිරීම සතුටක් කියලයි කිව්වේ.."
http://dineshumagiliya.blogspot.com/
Last edited:
ආදරයට ආදරයෙන් : හත්වෙනි කොටස
අසංගත් පූජාත් අතර කෙමෙන් කෙමෙන් මිත්‍රත්වයක් ඇතිවෙමින් තිබුනේ ශෙහාරාගෙන් ලැබුන උදව් නිසාවෙනි.. අසංග හා පූජා ඉන් පසුවත් දින කිහිපයක්ම මුන ගැසුන අතර අසංගට දැන් පූජා පවසන දේ ශෙහාරාගේ උදව් නැතිව තෙරුම් ගැනීමටද පුළුවන..
යහළුවන් සමගද සුපුරුදු බස් නැවතුමේ හමුවූ අසංග බොහොදේ කතා කලත් තවමත් ඇයට අසංගගේ ආදරය ගැන එකදු වදනක් හෝ පවසා තිබුනේද නැත..
" උඹ ඕක කවද්ද පූජාට කියන්නේ? " අසංගගේ යාළුවෝ අසංගගෙන් විමසූ වාර අනන්තයි..
ඒත් අසංගට ඒ ගැන කිසිම පිළිතුරක් නොවුනේ අසංගගේ සිත දෙගිඩියාවෙන් වූ නිසාය.. ඒ ඇයිදැයි අසන ශෙහාරාටද කෙලින් පිළිතුරක් නොදුන්නේය..
අසංග පූජාට ආදරේ කලත් ඒ තමන් ගැන අනුකම්පාව්ක් නිසා ඇතිවූවක් ලෙස පූජා සිතාවියැයි අසංග කල්පනා කලේය.. ඒත් අසංගට තව දුරටත් ආදරය හිතේ තදකරගෙන සිටීමද නොහැකිවිය..
දිනක් අසංග පූජාට බෙල්ලන්විල පන්සල් යාමට ආරාධනා කලේ එහිදී පූජාට හිතේ තියෙන දේ කීමටත් සිතා ගෙනය..
සුපුරුදු පරිදි නොයෙකුත් දේ කතා කරමින් සිටි අසංග ආදරය එක් මාතෘකාවක් කර ගත්තේ ඒ තුලින් පූජාට හිතේ තියෙන දේ කියන්න හිතාගෙනය..
පූජාගේ අතින් අල්ලාගත් අසංග හිතේ තිබුන දේ මෙසේ විස්තර කලේය..
" මම මුල්ම දවසේ ඔයා එක්ක කතා කරන්න ආවේ මගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇතිඋන නිසා.. මගේ ජීවිතේ ඉස්සෙල්ලම ආදරයක් ඇති කලේ ඔයා.. මට ඔයාට මේ ජීවිතේ ගොඩක් දේවල් දෙන්න විදිහක් නැහැ.. ඒත් මට ජීවිතේ පුරාවටම ඔයාට ආදරේ දෙන්න පුළුවන්.. මම හදවතින්ම ඔයාට ආදරෙයි.. "
කිසිවක් අදහා ගත නොහැකි ලෙස බලාසිටි පූජාගේ මුහුණ ක්‍රමයෙන් වෙනස් වන බවක් අසංගට පෙනුනි.. පූජාගේ දෑසේ කදුළු පිරුන අතරම අසංගගේ දෑතින් අත ඉවතට ගත් පූජා අසංගට කිසිවක් නොකියාම එතැනින් නික්මී ගියේය..
ආපසු එන අතර මගදීද කිසිවක් නොපැවසූ පූජා අසංගට වෙනදා වගේම සමුදී ඇගේ නිවෙසට පිටත් වී ගියාය..
අසංගගේ හිතට නොයෙකුත් සිතිවිලි ගලා එන්නට විය..
" ඇයි පූජා මුකුත්ම නොකියා ගියේ? " අසංගගේ හිත අසංගගෙන්ම ප්‍රශ්ණ කරන්න පටන් ගත්තා..
"පූජා මට ආදරේ කරන්නේ නැතුවද? ඒත් ඇයි එයා අකමැතියි කියලවත් නොකිව්වේ? " අසංගගේ හිත අසංගටම ප්‍රශ්ණ පත්තරයක් වන්නට පටන් ගත්තේය..
ශෙහාරා මුන ගැසුන අසංග මේ සියල්ලක්ම ඇයට විස්තර කලේය..
"එයා ඔයා ගැන කැමැත්තකින් හිටියා කියල මම හිතුවේ.. ඒත් ඇයි මෙහෙම දෙයක් උනේ?" කිසිවක් සිතා ගත නොහැකිව ශෙහාරා අසංගට පැවසුවාය..
පූජා හමුවී මේ ගැන කතා කිරීමට ශෙහාරා පොරොන්දු වීමෙන් පසුව අසංග ශෙහාරාට සමු දුනි..
http://dineshumagiliya.blogspot.com/
Last edited:
ආදරයට ආදරෙයෙන් : අටවැනි කොටස
අසංගගේ ජීවිතේ පළවෙනි ආදරය කියා ගන්නත් පෙර සිටම අසංගට ගෙනා සිත් තැවුල් අපමණය.. ඒ එකක්වත් අසංගට පූජාගෙන් ලැබුන කඳුළු නොවුනත් පූජාට ආදරේ කරන්න පටන්ගත් දින සිටම අසංගට හිමි වුයේ කදුළුය..
මුලින්ම ඇගේ අසරණ කම ගැන සිතින් දුක් උන අසංග, ඇයව මුන නොගැහීම නිසා සිතින් හැඩූ දින අපමනය.. දැන් අසංගට පූජා මුන ගැහුනත් හිතේ සිරවුන ආදරය ඇයට කියූ දින සිටම ඈ තුලින් අසංග දුටු වෙනස අසංගගේ හිතට කරදර කරන්න පටන් ගත්තේ අසංග ආදරය පැවසූ මොහොතේ සිටය..
පූජා මේ වෙනකනුත් අසංගට පිළිතුරක් දී නොතිබූ නිසා ශෙහාරාද පූජාගෙන මේ ගැන විමසීමට අමතක නොකලාය.. එහෙත් ඒ කිසිම විටක ඇගෙන් පිළිතුරක් නොලැබුනි..
අසංගත් සුපුරුදු ලෙසම හැන්දෑවේ පූජා මුන ගැහුනත් ඒ එකදු දිනයකවත් අසංගට ඇගෙන් පිළිතුරක් නොලැබුනි..
" ඔයාගෙන් උත්තරයක් ලැබෙනකන් මම තාමත් බලන් ඉන්නවා.. අකමැතිනම් ඒක මට කියන්න.. මම ඔයාගෙන් එකට හේතු කවදාවත්ම අහන්නේ නැහැ.." අසංග පූජා මුන ගැසුන අවසන් දිනයේ පූජාට සමු දෙමින් පැවසීය..
පූජාගෙන් පිළිතුරක් බලා පොරොත්තුවෙන් උන් අසංග දිනක් හදිසියේම ශෙහාරාගෙන් ඇමතුමක් ලැබුනේ ඉක්මනින්ම තමන් හමු වීමට පැමිනෙන ලෙස දන්වමින්ය..
" අසංග අයියේ ඔයාට පූජාගෙ ගෙදර යන්න වෙනවා" අසංග මුන ගැසුන ශෙහාරා අසංගට පවසා සිටියේය..
" ඇයි ඒ"
" දන්නේ නැහැ.. පූජා මේ හැමදෙයක්ම එයාගේ අම්මා එක්ක කියලා.. අම්මා තමයි මට කතා කරලා කිව්වේ ඔයාට එන්න කියන්න කියලා" ශෙහාරා අසංගට පැවසීය..
ටික වෙලාවක් කල්පනා කර " හරි අපි යමු "යි පැවසු අසංග ශෙහරත් එක්කම පූජාගේ නිවසට පැමිනියේය..
අසංගව දුටු පූජා තරමක් පුදුම වූ බවක පෙන්නුවත් වෙනදා වගේම ආදරයෙන් අසංගව පිළිගත් පූජා නිවෙස තුලට අසංගත් ශෙහාරත් කැදවාගෙන ගියේය..
අසංග සිටි තැනට ඇගේ මව කැදවාගෙන ආ පූජා කඳුළු පිරි දෙනෙතින් අසංග දෙස බලා නික්මී යන විට කුමක් හෝ තමා බලාපොරොත්තු නොවන දෙයක් සිදුවේවියි අසංගට සිතුනි..
" පුතා වෙන්න ඇති අසංග කියන්නේ? " පූජාගේ මව කතාවට මුල පිරුවාය..
" ඔව් " අසංග පැවසුවේය..
" අපේ දුව මට සිද්ද උන හැම දෙයක්ම කිව්වා.. ඒත් පුතේ මේ ගැන ඒතරම් බලාපොරොත්තු තියන්න එපා.." පූජාගේ මව අසංගට පවසා සිටියාය..
පවසන්නේ කුමක්දැයි අවභෝදයක් නොතිබුන අසංග පූජා අහිමි කර ගැනීමට අකමැති නිසා සෙමින් සිය හඩ අවදි කලේය..
" අම්මේ මම පූජාට ආදරෙයි.. ඒ එයා ගැන හැම දේම දැනගෙන.. ඒක පුජා ගැන ඇති උන අනුකම්පාවක් නෙමෙයී.. එයාගැන මම ශෙහාරාගෙන් විස්තර දැනගන්නත් ඉස්සෙල්ලයි මම එයාට ආදරේ කලේ.."
අසංග හිතේ ආවේගයෙන් කතා කරන බව පූජාගේ අම්මට දැනුනත් ඇය යලිත් පවසා සිටියේ කලින් පැවසූ දෙයමය..
" අඩුම ගානේ මට ඒ ඇයි කියලවත් කියන්න.. මම පූජාට පොරොන්දු උනා එයා අකමැතියි කිව්වොත් එකට එයාගෙන් හේතු අහන්නේ නැහැ කියලා.. ඒත් මට අම්මා පුළුවන්නම් කියන්න ඒ ඇයි කියන එක.. මම මගේ ආදරය හිතේ තියාගෙන මෙතනින් පිට වෙලා යන්නම්.. "
ටික වේලාවක් කල්පනා කල පූජාගේ අම්මා..
" හොදයි මම කියන්නම්.. හැබැයි එක ඔය ළමයට දරාගන්න පුළුවන් වෙයිද දන්නෑ.."
http://dineshumagiliya.blogspot.com/
Last edited:
ආදරයට ආදරෙයෙන් : නවවැනි කොටස
පූජාගේ මව අසංගට හිතේ තියෙන බලාපොරොත්තුව අත්හැර ගන්න කියන්නේ ඇයිදැයි අසංගට හිතාගන්නට නොහැකි විය.. අසංග පූජාගේ මවට ඒ ඇයිදැයි පවසන මෙන් අයාචනා කර සිටි නිසා පූජාගේ මවටද එය අසංගට නොපවසා ඉදීමට නොහැකි විය..
" හොදයි පුතා මම ඔයාට ඇත්ත කියන්නම්.." පූජාගේ මව අසංගට පැවසීය.. එහෙත් කිසිවක් පැවසීමට මත්තෙන් පූජාගේ මවගේ දෑස් වල කදුළු පිරෙනු අසංග දුටුවේය..
" අපේ දුව ඔය ළමයට ආදරේ කරනවනම් මම කැමතියි.. ඔය දරුවා මගේ දුවට කොයිතරම් ආදරෙයිද කියලා පූජා මට කිවුවා.. ඒත් පුතේ.." පූජාගේ මව කතා කරගැනීමට නොහැකිව හඩනු අසංගට දිස්ව්ය..
පූජාගේ අම්මා ලගට ගිය අසංග ඇගේ දෑතින් අල්ලාගෙන හිත සැනසෙන අයුරින් ඇයට කතා කලේය..
" අම්මා දුක් වෙන්නේ මොකක් හරි ලොකු හේතුවකට වෙන්න ඇති.. ඒත් මම පූජාට ගොඩක් ආදරේ කරනවා.. ඒ හේතුව දැනගන්න මම කැමතියි"
ටික වේලාවක් හඬමින් සිටි ඇය සෙමින් සිය හඩ අවදි කලාය..
" ඔයා එයාට ගොඩක් ආදරේ කරන බව මම දන්නවා.. ඒත් පූජා ඉන්නේ මරණයත් එක්ක සටනක.. එයාට පිළිකාවක්.."
අසංගට ඉන් එහාට ඇය පැවසූ කිසිම දෙයක් සවනේ රැදුනේ නැත.. ඇතින් හිද ශෙහාරා හඩනු අසංග සිහිනයෙන් වගේ දුටුවේය.. අසංගට එකදු වචනයක්වත් කතාකර ගැනීමට නොහැකී විය..
" ඔය දෙන්නට එක් වෙන්න විදිහක් නැහැ.. එක පූජාගේ දෛවය වෙන්න ඇති.."
පූජාගේ මව අසංගට එසේ පවසද්දී අසංග ඇයගෙන් එකම එක ඉල්ලීමක් පමණක් ඉල්ලා සිටියේය..
" මට පූජා එක්ක ටිකක් කතා කරන්න දෙන්න.. මම අම්මාගෙන් ඉල්ලන්නේ එච්චරයි.."
අසංගගේ දෙනෙතින් වැටෙමින් තිබුන කදුළු දුටු ඇය එයට ඉඩ ලබා දුනී..
" එයා කාමරේ ඇති.. පුතා ගිහින් කතා කරන්න.."
අසංගත් එක්ක යන්න ශෙහාරත් සූදානම් උනත් අසංග ඇයව නවත්වා තනියමම පූජා මුන ගැසීමට ඇගේ කාමරය වෙත ගියේය..
පූජා දෙනෙත් වල කදුළු පුරවාගෙන සිටිනු දුටු අසංගගේ හිත තව තවත් හඬන්නට විය.. පූජා ලගට පැමින් අසංග ඇගේ දෑතින් අල්ලාගෙන ඇගේ කදුළු බිදු වසන් කරන්න උත්සාහ කරන දෑස දෙස බලා සිටියේය..
අසංගගේ හිත වෙන කවදාවත්ම නැති විදිහට මහා හයියෙන් හැඩුවත් අසංග කදුළු වසන් කරගෙන ලොකු උත්සාහයක් දරමින් සිටියේය..
" පූජා මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ මේ කිසිම දෙයක් දැන ගෙන නෙමෙයි.. ඒ නිසා මට ඒ කිසිම දෙයකින් වඩක් නැහැ.. මට ඔයා ලගින් ආදෙරෙන් ඉන්න දෙන්න.. මට ඔයාට ආදරේ කරන්න එක දවසක් හරි දෙන්න.."
වසන් කර ගන්න උත්සාහ කරපූ අසංගගේ කදුළු එකින් එක අසංගගේ දෑස් වලින් කඩා හැලෙන්නට විය..
අසංගගේ කදුළු පිසදාන්න පූජා කොතරම් උත්සාහ කලත් අසංගට හිතේ වේදනාව සගවා ගන්නට නොහැකි විය.. කදුළු පිරුන දෙනෙතින්ම අසංගගේ පපුවට තුරුළු උන පූජා අසංගගේ පපුවේ හිස තබාගෙන හඩන්නට විය..
පූජාගේ කදුළු අසංගගේ හිතට මහා බරක් විය.. ඇයට ආයෙත් කෙදිනකවත් හඬන්නට ඉඩ නොදෙන බව අසංග සිතා ගත්තේය..
" අද ඔය කදුළු ඉවර වෙනකන් අඬන්න.. අදින් පස්සේ මම ඔයාට අඬන්න ඉඩ තියන්නේ නැහැ.."
http://dineshumagiliya.blogspot.com/
Last edited:
ආදරයට ආදරෙයෙන් : දසවැනි කොටස
" හැමදාම පූජා සතුටින් තියන්න.. මම කොහොමද ඒක කරන්නේ.. මට මගේ කඳුළුවත් පූජා ඉස්සරහා හන්ගන් ඉන්න බැරි උන කොට මම කොහොමද පූජාව අඬන්නැතුව ඉන්න බලා ගන්නේ.."
අසංගගේ හිත අසංගගෙන් ඒ ප්‍රශ්ණය ඇසූ වාර අනන්තයි.. ඒත් පූජාට උන පොරොන්දුව කොහොමනම් කඩන්නද.. අසංගගේ සවිමත් නැති හිත අසංගගෙන්ම අසයි.. ඒත් කෙලෙසකින් හෝ පූජාගේ දෙනෙතින් තව එක් කඳුළක්වත් වැටෙන්නට ඉඩ නොතබන බව අසංග අසංගගේ හිතට දිවුරා පොරොන්දුවිය..
" අසංග අයියේ.. ඔයා මොනවද දැන් කරන්න හිතන් ඉන්නේ.. මේ හැම දෙයක්ම.. " ශෙහාරාගේ කතාවට අසංග බාදා කලේය..
" මේ හැම දෙයක්ම දැන් අතීතයක්.. මට දැන් වටින්නේ පූජාගේ අනාගතය.." කල යුත්තේ කුමක්දැයි නොදත් අසංග හිත සවිමත් කර ගනිමින් ශෙහාරාට පැවසීය..
ඉන් පසු එලබුන දින කිහිපයම අසංග ගත කලේ පූජා සනීප කර ගැනීමට මගක් ඇතිදැයි සොයමින්ය.. වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම මුන ගැසී අසංග පූජාගේ තත්වය ගැන සාකච්චා කලත් අසංගට ඒ කිසිවෙකු ගෙන්වත් සුභ පිළිතුරක් නොලැබුනි..
හැමදාමත් පූජා මුන ගැහෙන අසංග පූජාගේ දිවියේ සුන්දරම කාලය ඇයට ලන් කිරීමට බොහෝසෙයින් වෙහෙස වූයේය.. අසංගගේ යහළුවොත් ශෙහාරාත් අසංගට ඒ සදහා ශක්තියක් විය..
අසංග අම්මත් එක්ක හැමදාම පූජා ගැන කියමින් හැඩූ වාර අනන්තයි.. පූජා ලග සිර කරගෙන සිටින කදුළු අසංගගේ හිතට බර වැඩි නිසා අසංග හැමදාම අම්මා එක්ක පූජා ගැන කතාකලා.. අසංගගේ අම්මටත් පූජා මුන ගැසීමට සිතේ ලොකු ආශාවක් තිබුන නිසා දවසක් අසංග පූජාව එයාගේ ගෙදරට එක්කන් ගියා.. ඒ පූජා ලගදී කිසිම වෙලාවකදී අඬන්න එපා කියලා අම්මව පොරොන්දු කරවාගෙනය..
අසංගගේ අම්මත් තාත්තත් පූජාව සෙනෙහසින් පිළිගත්තා.. තමන්ගේම දුවකට මෙන් පූජාට සලකන්නට එයාලා අමතක කලේ නැත.. ඒදා දවසම පූජා බොහෝ සතුටු වූ බව පූජාගේ දෙනෙත් කියවූ අසංග තේරුම ගත්තේය.. ඒ පූජාට තාත්තා කෙනෙකුගේ ආදරය ලැබුන නිසාවෙනි..
" මට ඒ දරුවව මෙහෙ නතර කර ගන්න හිතුනා පුතේ.. " අසංගගේ අම්මා අසංගට කියා සිටියේ වෙනදා වගේම අම්මත් එක්ක අසංග පූජා ගැන කතා කරපු මොහොතේය..
අසංග තම හදවතට පොරොන්දු වූ පරිදිම කිසිම දවසක පූජාට කදුළක් නොදුන්නේය.. ඒත් පූජා දිනෙන් දින දුර්වල වන බව අසංගට දැනුනි.. ඒත් කරන්නට කිසිම දෙයක් ඒ වන විටත් ඉතිරි වී නොතිබුනි..
" පූජාව පුළුවන් තරම් සතුටින් තියන්න.." වෛද්‍යවරු පවා පවසා සිටියේ එපමණකි..
අසංගත් පූජාත් ගොඩක් ආදරෙන් බැදුනා.. ඒ ආදරය තාවකාලිකයි කියලා පූජා අසංගට කොයිතරම් තේරුම කරන්න හැදුවත් අසංගගේ හිත පූජාගේ මතකයන් වලින් පිරිලයි තිබුනේ..
එක් දවසක් අසංගට පූජාගේ අම්මගෙන් දුරකතන ඇමතුමක් ලැබුනේ " දුවට ගොඩක් අමාරු වෙලා ඉස්පිරිතාලෙට ගෙනිච්චා.. පුතා ඉක්මනට එන්න.." යැයි පවසමින්ය..
හිතට දැනුන වේදනාව හිතේම තදකරගත් අසංග රෝහලට එන විට ඇය දැඩි සත්කාර ඒකකයේ අසංග එන තුරු බලා සිටියාය..
රෝහල් කාමරයට ඇතුළු වීමට අසංගට අසංගගේ දෙපා වාරු නොදෙන බවක් අසංගට දැනුනත් පූජා දිගු කල දැතට අසංග ලං විය..
කිසිවක් කතා කර ගැනීමට නොහැකී වු අසංග හඬන්නට විය.. කදුළු නතර කර ගැනීමට අසංගට මෙවර නොහැකිවිය.. අපහසුවෙන් අත දිගු කල පූජා අසංගගේ කදුළු පිස දැමීය.. පූජාගේ දෙනෙත් කදුළු නැත.. ඇය අසංග දෙස බලා අසංගගේ අතේ කොලයක් තබා අසංග දෙස බලා සිනාසුනේ අසංගට හඬන්නට එපා යැයි හගවම්න්ය..
පූජාව අසංගගේ තුරුලට ගත් අසංග " ඔයාට මුකුත් වෙන්නේ නැහැ.. මම ඔයාට ගොඩක් ආදරයි.." යැයි පැවසීය..
අසංගගේ පපුවට උණුසුමින් දැනුන පූජාගේ සුසුම් හෙමින් නැවතී ගියේය.. ඈ සම්බන්ද කර තිබූ උපකරණද නිසොල්මන් විය.. අසංගගේ දෙනෙතින් කඩා හැලෙන කදුළු අසංගට නැවතිය නොහැක.. අසංග මහා හයියෙන් කෑගසා හැඩීය..
http://dineshumagiliya.blogspot.com/
Last edited:
ආදරයට ආදරෙයෙන් : අවසාන කොටස
පූජාගේ නිසල සිරුර හදවතට තුරුළු කරගත් අසංග නොනවත්වාම හඬන්නට විය.. හිතේ තෙරපෙන වේදනාව අසංග කදුළු වලින් පිට කලේය.. පූජාගේ සමුගැන්ම අසංගගේ හිතට තදින්ම බලපෑ නිසා අසංග සිහි නැතිව එතැනම ඇදගෙන වැටුනි..
සිහිය එන විට අසංග රෝහලේ ඇදක් මත සිටියේය.. පූජාගේ අම්මත් අසංගගේ අම්මත් තාත්තත් අසංග ලගටවී දෙනෙතේ කදුළු පුරවාගෙන බලා සිටියේය..
" අම්මේ පූජා කෝ? "
අසංගට පිළිතුරක් දීමට හිත සවිමත් නොවූ පූජාගේ අම්මා හඬමින් එතැනින් නික්මී ගියාය.. අසංගගේ අම්මත් ඇයව සැනසීමට ඈ පසුපසින් නික්මීය..
අසංග දෙස කඳුළු පිරි දෙනෙතින් බලා සිටි අසංගගේ තාත්තා පූජා අවසන් සුසුම් හෙලන්නට මත්තෙන් ඔහු අත තැබූ ලියුම අසංගට කියවන්නට දුන්නේය..
" හැමදේම වෙන්නේ දෛවයට අනුව පුතේ.." යැයි පවසමින් අසංගගේ හිස අතගෑ තාත්තා අසංගට තනිවම ලියුම කියවන්නට ඉඩදී එතැනින් නික්මී ගියේය..
වේගයෙන් ගැහෙමින් තිබුන හදවතට එක් අතක් තබා ගත් අසංග ලියුම කියවන්නට විය..
" ආදරණීය අසංග,
ඉස්සර මම උදේට පායන හිරු දැක්කම ගොඩක් දුක් උනා.. ඒ දවසින් දවස මගේ ජීවිතේ අඩු වෙන නිසා.. ලොකු බලාපොරොත්තු ලොකු හීන මුකුත් තිබුනෙ නැති මගේ ලෝකෙට ඔයා එකම එක බලාපොරොත්තුවක් අරගෙන ආවා.. සතුට.. ඔයාගේ ආදරේ මගේ එක දවසක් අවුරුදු ගානක මතකයන්ගෙන් පිරෙව්වා.. මට හිනා වෙන්න කියලා දුන්නා.. ඔයාගේ ආදරේ ලග ගෙවුන ඒ මාස හතර ඔයා මගේ ජීවිතේ ලස්සනම කාලය බවට පත් කලා.. මට කියන්න බැරි ගොඩක් දේවල් ඔයා මගේ ඇස් වලින් තේරුම ගත්තා.. ඔයාගේ ආදරය මට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් උනා.. ඒත් අපෙ ඉරණම මේ වෙනකොට අපිව අපෙන් වෙන් කරලා ඉවරයි..
මට හිනාවෙන්න කියපු ඔයාගේ හිත ගොඩාක් අඩපු බව මම දන්නවා.. මගේ ජීවිතේට සතුට ගෙනාපු ඔයාට මට දෙන්න ඉතුරු උනේ දුක විතරයි.. මට ඔයාව මීට කලින් මුන ගැහුනනම් කියල හිතුන දවස් අනන්තයි.. ඒ මට ඔයාගේ ආදරය ලග වැඩි කාලයක් හිනාවෙලා ඉන්න ලැබෙන නිසා.. ඔයා මං වෙනුවෙන් ගොඩක් දුක් හිතට අරගත්තා.. ඒ වෙනුවට ඔයා හැමදාම සිනහව මට ගෙනාවා.. ඔයාගේ ආදරේ ලග ඉන්න මං පිං කරලා නැතුව ඇති..
ඔයාට ගොඩක් පිං මං වෙනුවෙන් කරපු හැම දේකටම.. මට මටත් වඩා ආදරය කරන කෙනෙක් ලැබුන සතුටම මට ඇති මගේ ඇස් පියා ගන්න.. ඔයාව තනි කරලා යන්නේ හිතකින් නෙමෙයි.. මං වෙනුවෙන් ඔයා ඇඬුවා දැන් ඇති.. අද මට මේ ලොකේ දාලා යන්න කිසිම දුකක් නැහැ.. ඒත් ඔයා මම නැති උනාට පස්සේ අඬනවා මට බලන් ඉන්න බැහැ.. මට හිනාවෙන්න උගන්නපු ඔයාගේ හිනාව හැමදාටම උදුරගෙන යන්න තරම් පවු කරපු කෙනෙක් කියලයි මට හිතෙන්නේ.. අසංග ඔයා ඉදිරියේ ඔයාගේ ජීවිතේ තව ගොඩක් කල් ඉතුරු වෙලා තියෙනවා.. මට පොරොන්දු වෙන්න ඔයා මාත් එක්ක කියපූ ඔයාගේ ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටු කර ගන්නවා කියලා.. මම දෙවියන් ලග ඉදන් ඔයාගේ සතුට ප්‍රාර්ථනා කරන්නම්..
ඔයාගේ ආදරය මාව හැමදාම ජීවත් කලා.. ඒ හැමදේකටම ඔයාට පිං.. මම ඔයාගේ ආදරයට හැමදාමත් ආදරය කරන
පූජා.."
කදුළු පිරි දෙනෙතින් ලියුම හදවතට තුරුළු කර ගත් අසංග පූජාගේ මතක අතරේ ජීවිතය පටන් ගන්නට සිතා ගත්තේය....
http://dineshumagiliya.blogspot.com/