ආදරයයි බුදු දහමයි

hpalpola

Well-known member
  • FB_IMG_1624512264865.jpg
    ආදරයයි බුදු දහමයි

    අද ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙම සෑහෙන්න ජනප්‍රිය මාතෘකාවක් තමයි ආදරේ කියන්නෙ. ඒත් ඒ ජනප්‍රිය මාතෘකාව බුදු දහමෙ කතා කරන්නෙ වෙනස් විදියකට. ඒ ගැනයි මේ කතා කරන්නෙ.

    ආදරය කියන වචනයට නිශ්චිත අර්ථ නිරූපනයක් නෑ. ඉතින් පුද්ගලානුබද්ධව, විෂයානුබද්ධව ඒ ඒ අවස්ථාව අනුව එක එක අර්ථ නිරූපන ඒ වචනයට ලැබෙනවා. පොදුවෙ ගත්තම ආදරය කියන්නෙත් හැඟීමක්. සත්ව හැඟීමක්.

    අපි හැමෝම කාට හරි ආදරේ කරනවා. විදිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ආදරේ කරනවා. අම්මලා දරුවන්ට ආදරෙයි. දරුවො අම්මලට ආදරෙයි. තාත්තලා දරුවන්ට ආදරෙයි. දරුවො තාත්තලට ආදරෙයි. සැමියා බිරිඳට ආදරෙයි. බිරිඳට සැමියා ආදරෙයි. මේ වගේ. සමහරු කියනවා ආද⁣රය නැතුව ජීවත් වෙන්න බැහැ කියලා. තවත් අය කියනවා සල්ලිවලටත් ආදරේ ගන්න පුළුවන් කියලා.

    දැන් බලන්න මේ ආදරේ කියන වචනය ප්‍රායෝගිකව භාවිතා වෙන්නෙ කොහොමද කියලා. සමහරු කියනවා ආදරේ කරන කෙනා ලඟ නැතුවම පාළුයි කියලා. ඒක එයාට ආදරේ. තවත් අය කියනවා ආදරේ කරන කෙනා ආපහු ආදරේ නොකරද්දි කේන්ති යනවා නැත්නම් ජීවිතේ එපා වෙනවා කියලා. ඒකත් ආදරේ. තවත් අය එයා ආදරේ කෙනා ලඟ නැති වුනාම තෝන්දු මාන්දුවෙන් ඉන්නෙ නැත්නම් ඒ වෙලාවට හැමදේම දකින්නෙ නුහුරට. ඒකත් ආදරේ. තවත් වෙලාවට ආදරේ කරන කෙනා ලඟ ඉද්දි සතුටින් පිරිලා. ඒකත් ආදරේ. මේ කිව්වෙ බොහොම චුට්ටක්. තමන් ම හිතලා බලන්න තමන් ගැන. ඒ කියන්නෙ ආදරේ කරන හැටි, ආදරේ විඳින හැටි ගැන. තමුන් ආදරේ කියන්නෙ මොකක් ද කියලා හිතන්න.

    මේ කොයි විදියට බැලුවත් පෙනෙයි අන්තිමට මේ කියන ආදරේ තමුන් මුල් කරගෙනයි තියෙන්නෙ කියන එක. බොහොම කලාතුරකින් තමයි අනුන් මුල් කරගත්ත ආදරයක් අපිට හම්බවෙන්නෙ. නැතුව නෙමෙයි. සමහරවිට මේ කිව්ව දේ එකසැරේටම නොතේරෙන්න පුළුවන්. මෙහෙම කියමු අපි. ඔයා ආදරේ කෙනා ලඟ නැත්නම්, මොකක් හෝ හේතුවක් නිසා කතා නොකරනවා නම් ඔයාට එයා එක්ක කේන්ති යනවා කියලා හිතන්න. නැත්නම් දුක හිතෙනවා කියලා හිතන්න. අනුන්ගෙ දෙයක් නිසා තමුන්ට බලපෑමක් වෙනවා නම් ඒකට හේතුව තියෙන්නෙ තමන් තුලනෙ. ඒකයි තමුන් මුල් කරගෙන කියන්නෙ. තව බලමු. හිතන්න තමුන් ආදරේ කරන කෙනා ලඟට වෙලා ඉන්නවා කියලා. කැමැති නෑ පුංචි වෙලාවකටවත් එයා දුරස් වෙනවට. ඒ කෙනාට කොච්චර රාජකාරී තිබ්බත් එයා ඉන්න ඕනා ලඟට වෙලා. ලඟ ඉඳියොත් සතුටින්. ඈත් වුනොත් දුකින්. මේක තමයි තමුන් මුල් කර ගැනීම කියන්නෙ.

    හොඳට නිදහසේ මේ ගැන හිතන කෙනාට තේරෙනෙවා තමුන් කේන්ද්‍ර කරගෙන සැප හොයනවා නම් දුක් වෙනවා නම් ඒ එහෙම වෙන්නෙ 'අල්ලා ගැනීම' නිසාවෙන් නැත්නම් තමන්ගෙ කර ගැනීම නිසාවෙන් බව. ඇයි අපි දේවල් අල්ලා ගන්නෙ, නැත්නම් තමන්ගෙ කියලා හිතන්නෙ. මෙතනදි හොඳම සහ එකම පැහැදිලි කිරීම කරන්නෙ බුදු දහමෙන් විතරයි. අපි දේවල් අල්ලගන්නෙ බුදු දහමට අනුව 'තණ්හාව' නිසා. බුදු හාමුදුරුවෝ පෙන්වලා දෙනවා තණ්හාව දුකට හේතුවයි කියලා.

    දුක විවිධාකාරයි. ධම්මචක්ක සූත්‍රයෙදි දුකේ විවිධ ස්වභාවයන් ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරනවා. ඒ ගැන හැමෝම දන්න නිසා ආපහු මෙතැනදි කතා කිරීමේ අවශ්‍යතාවක් මතු වෙන්නෙ නැහැ. ඒත් අපි ආදරෙත් එක්ක ඒ ගැන බලමු. ආදරේ කරන කෙනා වෙනස් වෙද්දි දුක නැද්ද? ආදරේ කරන කෙනා ලඟ නැති වෙද්දි දුක නැද්ද? ආදරේ කරන කෙනා කොහෙ හරි ගිහින් එනකම් බය හිතෙන්නෙ නැද්ද? ආදරේ කරන කෙනා වෙනස් වෙයි කියලා බය හිතෙන්නෙ නැද්ද? ආදරේ කරන කෙනා තව කෙනෙක් එක්ක හිනා වුනා, කතා කලා කියලා දුක හිතෙන්නෙ නැද්ද? මේ වගේ තමුන්ගෙ අත්දැකීම් එක්ක බලන්න. ඒ හැමදේම කොටස් දෙකකට ඇතුල් කරන්න පුළුවන්.

    1. ආදරේ කරන කෙනාගෙන් වෙන්වීමේ දුක (ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක)
    2. තමුන් බලාපොරොත්තු වෙන විදියට දේවල් සිද්ධ නොවීමේ දුක (කැමැති දේ නොලැබීමේ දුක)

    මේ දුක ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. බුදු දහමෙදි කතා කරන්නෙ දුක නැති කිරීම ගැන, නැත්නම් තණ්හාව නැති කිරීම ගැන. එතකොට අපිට පුරුදු කරන්න වෙන්නෙ අත්හැරීම නැත්නම් නොඇලීම මිසක් අල්ලා ගැනීම නැත්නම් ඇලීම නෙමෙයි. බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ දුක නැති තැනයි සතුට තියෙන්නෙ කියලා. එහෙනම් ආදරේ වුනත් සතුට තියෙන්නෙ අත්හැරීම එක්ක බැඳිලා තියෙනවා නම් විතරයි.

    අත්හැරීම කියන්නෙ තමුන් කේන්ද්‍ර කර ගත් දෙයක් නෙමෙයි, අනුන් කේන්ද්‍ර කර ගත් දෙයක්. එතකොට පැහැදිලි වේවි අර අපි කලින් කිව්ව දුක ආදරේට ඇතුල් කලාට ඒක ආදරේ නෙමෙයි කියලා. ඒක අල්ලා ගැනීම. බුදු දහමෙදි දුකට හේතුව නැත්නම් තණ්හාව හේතු කරන් සිදු වෙන දෙයක් තමයි මේ අපි ආදරේ කියන්නෙ.

    අනෙක් අතට හිතන්න, අපි ආදරේ කරන කෙනාට එයාට ඕනා විදියට ඉන්න දෙන ගමන් එයා අපි වෙනුවෙන් කරන දේවල් ගැන සතුටු වෙන ගමන්, ඒ දේවල් ගැන නොහිතා එයාගේ දියුණුව සතුට ගැන හිතලා ඒ කෙනා වෙනුවෙන් එයාගේ යහපත වෙනුවෙන් ඇති කර ගන්න හැඟීම් මුල් කරගෙන කරන දේවල් ගැන. ඒ දේවල් අත්හැරීම මිසක් අල්ලා ගැනීම නෙමෙයි. එයාට දුකක් නෑ. ආදරේ කරන කෙනා කතා කරන්න පරක්කු වුනාට, නැත්නම් එයා මොකක් හෝ දෙයක් නිසා දුරස් වුනාට නැත්නම් වෙනස් වුනාට එයාට දුකක් නෑ. ඇයි ඒ? එයා පුරුදු කරන්නෙ අත්හැරීම මිසක් අල්ලා ගැනීම නෙමෙයි. සතුට විතරයි. ඒ දේවල් මොනවා වුනත් මෙයා එයා එක්ක ඉන්නවා. ඒකට හේතුව තමයි එයාට ආදරේ කරන කෙනා කරන දේට වඩා වැදගත් වෙන්නෙ තමන් එයාට කරන දේ වීම.

    ඉතින් මේ විදියට බැලුවම අපි අද කතා කරන ජනප්‍රිය ආදරේ බුදු දහම එක්ක නම් ගැලපෙන්නෙ නෑ. මොකද බුදු දහමෙ කතා කරන්නෙ අත්හැරීම මිසක් අල්ලා ගැනීම ගැන නොවෙන නිසා.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔහොම කිව්වම මිනිස්සු බුදුදහම අතාරියි.
     

    hpalpola

    Well-known member
  • ඔහොම කිව්වම මිනිස්සු බුදුදහම අතාරියි.

    ස්තුතියි මිත්‍රයා. කොහොමත් හුඟක් මිනිස්සු බුදු දහම අතහැරලා තියෙන්නෙ දැනටත්. අපි උත්සාහ කරන්නෙ ආපහු බුදු දහමට ගෙන්න ගන්න්න පුළුවන් ද බලන්න. ඉතින් මේ විදියට වාක්‍යයකින් හරි ඒ වෙනුවෙන් සහාය දැක්වීම නො සෑහෙන්න වටිනවා. ඉදිරියටත් සම්බන්ධ වෙලා ඉන්න අපිත් එක්ක.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ස්තුතියි මිත්‍රයා. කොහොමත් හුඟක් මිනිස්සු බුදු දහම අතහැරලා තියෙන්නෙ දැනටත්. අපි උත්සාහ කරන්නෙ ආපහු බුදු දහමට ගෙන්න ගන්න්න පුළුවන් ද බලන්න. ඉතින් මේ විදියට වාක්‍යයකින් හරි ඒ වෙනුවෙන් සහාය දැක්වීම නො සෑහෙන්න වටිනවා. ඉදිරියටත් සම්බන්ධ වෙලා ඉන්න අපිත් එක්ක.
    හොදමයි සෑර්
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ම්ම්ම්...
    දැන් එතකොට ඔය කියන විදිහට ආදරේ කරන්න පුලුවන්ද?
    මටනම් පේන්නෙ තන්හාව+රාගය=ආදරය කියල.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එයින් අදහස් කෙරෙන්නෙ නෑ බුදු දහමෙදි ගිහි ජීවිතය, පවුල් ජීවිතය ප්‍රතික්ෂේප කරනවා කියලා.
     

    hpalpola

    Well-known member
  • එයින් අදහස් කෙරෙන්නෙ නෑ බුදු දහමෙදි ගිහි ජීවිතය, පවුල් ජීවිතය ප්‍රතික්ෂේප කරනවා කියලා.
    අනිවාර්යයෙන්ම යාළුවා. බුදු දහමෙ කියන ආදරේ ගිහි ජීවිතය, පවුල් ජීවිතය සතුටින් ගෙවන්නයි හදලා තියෙන්නෙ. කිසිසේත්ම ගිහි ජීවිතේ ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. එහෙනම් ඉතින් නකුල මාතාාපිතා දෙන්නට බණ දේශනා කරන්නෙ නෑ නේ බුදුරජාණන්වහන්සේ සංසාරේ ආපහු හමුවෙන්න පුළුවන් කියලා.

    ම්ම්ම්...
    දැන් එතකොට ඔය කියන විදිහට ආදරේ කරන්න පුලුවන්ද?
    මටනම් පේන්නෙ තන්හාව+රාගය=ආදරය කියල.
    ස්තුතියි යාළුවා ඔයාගේ කාරුණික අදහසට. ඇත්තටම ඔව්. වැඩේ තියෙන්නෙ ඒක නොකිරීමයි. ඔයාට බිරිඳක් සැමියෙක් නැත්නම් පෙම්වතියක්, පෙම්වතෙක් ඉන්නවා නම් ඔයා ටිකක් උත්සාහ කරලා බලන්න ඒ කෙනාට එයාගේ විදියට ඉන්න දෙන්න. එයාගේ නිදහස එයාට බුක්ති විඳින්න දෙන්න. කොටින්ම ඔයා බලන්න ඔයාට ඕනා විදියට එයා ඉන්න ඕනා කියලා හිතන එක නවත්තලා එයාගේ සතුට, යහපත ගැන විතරක් හිතලා දෙයක් කරන්න. බැරි නෑ. එහෙම කරන අය ඕනතරම් ඉන්නවා.
    ------ Post added on Jun 24, 2021 at 12:46 PM

    හොදමයි සෑර්
    ස්තූතියි යාළුවා. ඉන්න අපිත් එක්ක.
    ------ Post added on Jun 24, 2021 at 12:49 PM
     
    • Like
    Reactions: RoHA99

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බුදු දහම - මෛත්‍රිය
    බටහිර - ආදරය

    ආදරය කියන එක පරද්දලා මෛත්‍රිය උඩට ආවා නං පවුල, සමාජය ගොඩක් ලස්සන වෙනවා.
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    ටාන සුත්‍ර්‍යහි සදහන් වන්නා වූ ජරා ජීර්නයට පත්විම,රොගාතුරයන්ට පත්විම,මරනයේ සුභාවයන්ට ලක්විම,ප්‍රියයන්ගෙන් වෙන්විමේ සුභාවයන්ට ලක්විම හා කර්මය කරන කොටගෙන සිටිනා බව මෙනෙහි කිරිමෙන් හා ඒ පිලිබද අවබෝදයෙන් සිටින්නකුට ඔබ කියු දේය මනාව වැටහේයයි සිතනවා.ජය වේවා...!
     

    hpalpola

    Well-known member
  • ආදරේ ගැන කතා කරද්දි මුලින්ම මතකෙට එන්නෙ බුදුරජාණන්වහන්සේව. උන්වහන්සේ තුළ මිනිස්සු වෙනුවෙන් තිබ්බ ආදරේ වෙන කිසිම කෙනෙක් ලඟ තිබුනා කියලා හිතන්න බෑ. අද අපි ආදරේ කියලා කියන්නෙ මොකක්ද කියලවත් හිතාගන්න බැහැනෙ. හරියට අර එක විෂයකට ටියුෂන් පංති ගොඩක් තිබිලා ඒවයෙ ගුරුවරු එක එක විදියට එකම විෂය උගන්වනවා වගේ ආදරෙත් එක එක අය එක එක විදියට අර්ථ නිරූපනය කරනවා. බහුතරයක් නම් කියන්නෙ ආදරේ කියන්නෙ දෙයක් බලාපොරොත්තු නොවී තව කෙනෙක්ට ආදරේ කරන එකය කියලා. ඒත් එතැන ආදරේ කියන වචනය එහෙමමයි. තව අයට අනුව ආදරේ නොලැබි ජීවත් වෙන්න බෑ. එතැනත් ආදරේ කියන වචනය එහෙමමයි. තව අය කියන්නෙ ආදරේ කෙරුවම ඇති ලැබෙන්න ඕනා නෑ කියලා. තව අයගේ ආදරේ මුල් බැල්මෙන් ම ඇති වෙනවා. තව අයට ආදරේ ඇති වෙන්නෙ බැන්දට පස්සෙ.

    ආදරේ කියන වචනය නාම පදයක් නෙමේ. ඒක ක්‍රියා පදයක්. ඒ බව හොඳට තේරෙන්නෙ "I love you" නැත්නම් "මම ඔයාට ආදරෙයි" කියන වචන තුන සැලකුවම. එතැනදි ආදරේ කියන වචනය ක්‍රියාපදයක් විදියට හැසිරෙනවා පේනවා ඇති. ඒ නිසයි මම කිව්වෙ බුදුරජාණන්වහන්සේවයි මුලින්ම ආදරේ දී මතක් වෙන්නෙ කියලා.

    සතර පෙර නිමිති දකින බෝධිසත්වයන්වහන්සේ අභිනිෂ්ක්‍රමනය කරන්න හිතනවා. ඒ ඇයි? මිනිස්සුන්ට මේ ජීවිතේ විඳින්න වෙලා තියෙන දුක දැකලා, ඒ දුකෙන් මිනිස්සුන්ව බේරා ගන්න. රාහුල තුරුල් කරන් නිදන යශෝධරා දිහා බලලා එයාලට දවසක දුක නැති කරන විදිය කියලා දීලා සදාකාලික සතුට විඳින්න සලස්වනවා කියන අධිෂ්ඨානයෙන් බෝධිසත්වයන්වහන්සේ අභිනිෂ්ක්‍රමනය කරනවා. බුදුරජාණන්වහන්සේ බුදුවුනාට පස්සෙ මට්ටකුණ්ඩලී, සුනීත, සෝපාක වගේ අය ලඟට වැඩම කරන්නෙත් ඒ ආදරෙන්. ඊළඟට අංගුලිමාල බවට පරිවර්තනය වෙලා උන්න අහිංසක, ආපහු අහිංසක බවට පරිවර්තනය කරන්න වැඩම කරන්නෙත් ඒ ආදරෙන්. මේ හැමතැනම ආදරේ කියන්නේ ක්‍රියාවක්.

    අද ආදරේ ඇතුලෙ ක්‍රියාවක් තියෙනවාද. ඒක හිතලා බලන්න. ඔයා කෙනෙක්ට ආදරේ නම් මොකක්ද ඔයා කරන ක්‍රියාව. ඇත්ත ආදරේ ඇතුලෙ තියෙන ක්‍රියාව තමයි, ආදරේ ලැබෙන කෙනා ගැන සැලකිල්ල දැක්වීම. ඉංග්‍රීසියෙන් "care" කියලා කිව්වොත් තේරේවි. අපි දකිනවා⁣නේ අද දික්කසාද, නඩත්තු නඩු ගොඩක්. ඒ නඩුවලදි බලන්න එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය ගැන දක්වන සැලකිල්ල අඩු වීම දකින්න නැද්ද කියලා. සමහරක් වෙලාවට සම්බන්දෙ පටන් ගත්ත අලුත නැත්නම් විවාහ වෙලා අවුරුද්දක් දෙකක් යනකම් තියෙන සැලකිල්ල ඊට පස්සෙ අඩු වෙලා යනවා කියලා හුඟක් අය කියනවා. මුලදි වදයක් වෙනකම් අනෙක් කෙනා ගැන හොයා බලපු අය එක ගෙදර ඉඳලත් කෑවද බිව්වද කියලා බලන්නෙ නෑ. ඒ වෙලාවට කියන්නෙ "දැන් ආදරේ අඩුවෙලා කියලා".

    ඒකයි මන් මුලින් ම කිව්වෙ ආදරේ කියද්දි මතක් වෙන්නෙ බුදුරජාණන්වහන්සේව කියලා. උන්වහන්සේගෙන් කොයිතරම් නම් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවාද. එයින් එකක් තමයි ආදරේ කියන්නෙ. ඔයාටත් හිතෙනවානම් ආදරේ ගැන අඩුපාඩුවක්, ඒ අනෙක් අය කරන දේ නොහිතා ඒ අයට ආදරේ කරන්න. සැලකිල්ල දක්වන්න. එතකොට ඔයාටම තේරේවි ආදරේ කියන්නෙ නාම පදයක් නොවේ, ක්‍රියාපදයක් කියලා. ඒක ක්‍රියාවක්. අනෙක් අය ගැන ම හිතලා කරන ක්‍රියාවක්.

    බුදුරජාණන්වහන්සේ දේශනා කල ධර්මය අපි බුද්ධ ධර්මය විදියට හඳුන්වනවා. මේ ධර්මය කියන්නේ අපි ජීවත් වෙන්න ඕන විදිය පෙන්වන දර්ශනයක්. ඒ විදියට ජීවත්වෙන කෙනෙක්ට පුළුවන් ජීවිතේ දුක නැති කරගන්න. හැමදාම සතුටින් ඉන්න. හිනාවෙලා ඉන්න. ඉතින් බුද්ධ ධර්මය තුළ නොයෙක් ඉගැන්වීම් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම දුක කියන දේ හඳුන්වලා දීමක් එතැන තියෙනවා. ඊළඟට ඒ හඳුනගන්න දුක නැති කරන විදිය එතැන තියෙනවා. අද අපි මේවා ඒ තරම් හිතන්නෙ නෑ. ඒ කියන්නෙ ගණන් ගන්නෙ නෑ. නමුත් දැනට අවුරුදු 50, 60 ට වගේ කලින් උන්න අපේ ආච්චිලා සීයලා ඒ දේවල් බොහොම ආදරෙන් ජීවිතවලට එකතු කරන් සතුටින් ජීවත් වුනා.

    අද අපි බැලුවොත් පෙනේවි 'මම' කියන වචනය 'අපි' කියන වචනයට වඩා වැඩි වටිනාකමකින් භාවිතා වෙනවා. මම, ඒක වචනයක්. අපි, බහු වචනයක්. ඒක මගේ, අරක මගේ, ඕක මගේ, මට ඕනා විදියටයි වෙන්න ඕනා, මට මේක නැත්නම් බෑ වගේ මම මුල් වෙන දේවල් නැත්නම් කතා බහ තමයි අද ඇහෙන්න ලැබෙන්නෙ. එතැනම පේනවා බුද්ධ ධර්මයෙන් අපි ඈත් වෙලා කියලා.

    මම කියන වචනය යොදාගනිද්දිම අපිට නොදැනිම සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ තමයි බලාපොරොත්තු ඇති වෙනවා. ඒ කියන්නෙ මට ඕනා විදියට දේවල් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ නිසා කොයිතරම් නම් පුද්ගල සබඳතා බිඳ වැටෙනවද. හිතන්න උදාහරණයකට ඔබගේ බිරිඳ නැත්නම් සැමියා, ඔබ හිතන්නෙ ඔබ කැමති විදියට ඉඳීවි කියලා. හැබැයි එයා ඉන්නෙ එයාට ඕනා විදියට. සමහරු කැමති නෑ තමුන්ගේ බිරිඳ කොටට අඳිනවට. තව අය කැමැති නෑ තමුන්ගෙ සැමියා ෂර්ට් යට නොකර අඳිනවට. දැන් බිරිඳ කොටට ඇන්දොත් මොකද වෙන්නෙ. සැමියා ෂර්ට් එක යට නොකර ඇන්දොත් මොකද වෙන්නෙ. තරහ යනවා, දුක හිතෙනවා. අපි හිතාගෙන ඉන්නෙ ලෝකෙ ජීවත්වෙන අනිත් අය ජීවත්වෙන්නෙ අපිට ඕනා දේවල් කරන් ඉන්න කියලා. ඒත් ඇත්තට එහෙම නෑ. තමුන්ට ඕන දේ උයලා නෑ නැත්නම් තමන් කැමති විදියට උයලා නෑ කියලා කී දෙනෙක් නම් බඩගින්නෙ ඉන්නවද, බඩගින්නේ ඉඳලා ඇති ද? මෙන්න මේ විශ්වාසය නිසා තමයි හුඟක් පුද්ගල සබඳතා බිඳ වැටෙන්නෙ. මේකට හේතුව වෙන මුකුත් නෙමෙයි අපි කියන දේට වඩා මට මුල් තැන දීම.

    බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ මම ගැන නෙමෙයි, අපි ගැන. පන්සිල් අරන් බලන්න. එතැන තියෙන්නෙ අපි. සිඟාලෝවාද සූත්‍රය අරන් බලන්න, එතැන තියෙන්නෙ අපි. උන්වහන්සේගේ ජීවිතය බලන්න. ජීවත් වුනේ ම අපි වෙනුවෙන් මිසක් මම වෙනුවෙන් නෙමෙයි. ඉස්සර මිනිස්සු එහෙමයි. මෙතනදි මතක් වෙනවා ඉස්සර ගම්වල තිබ්බ දෙයක්. අහලා තියෙනවද 'පිංතාලි' ය කියලා. කෝ අද පිංතාලි. එදා අම්බලන් හැදුව මිනිස්සු. අද අපිට ඒවා පුරාවිද්‍යාත්මක සිහිවටන. කෝ අද අම්බලම්. එදා මිනිස්සු අපි ගැන නොහිතුවා නම් මේ ශ්‍රී ලංකාවේ අද අපිට මෙහෙම ඉන්න පුළුවන් ද. කොහෙත්ම බැහැ. මම සහ අපි අතරෙ ලොකු වෙනසක්, පරතරයක් තියෙනවා. ඒ පරතරය ගැන දැනුම අවබෝධය අපිට ලැබුනෙ බුද්ධ ධර්මයෙන්. අද අපි බණ අහ අහ බුද්ධ ධර්මයෙන් ඈත් වෙනවා. මම දියුණු කරලා අපි නහලා දානවා. ඉතින් අපි දුකෙන්, පීඩනයෙන් ඉන්න පිරිසක් වෙලා.

    නිදහසේ හිතන්න. මට ඕන දේ මට ඕනා විදියට නොවෙද්දි මට දැනෙන්නෙ මොන වගේ හැඟීමක් ද කියලා.

    මම කියන හිතුවිල්ල ඈත් කරන්න නම් අපි ගැන හිතන්න වෙනවා. ආදරේ ලැබෙයි කියලා හිතන්නෙ නැතුව ආදරේ කරන්න බලන්න. දෙනවට වඩා ආපහු ලැබෙයි කියලා නොහිත දෙන්න බලන්න. රටෙන් ලෝකෙන් ගෞරවය, නම්බුව ලැබෙයි කියලා බලාපොරොත්තු නොවී මිනිස්සුන්ට ගරු නම්බු දීලා වැඩ කරන්න. මේ වගේ මම ගැන හිතනවට වඩා අපි ගැන හිතන්න. බලන්න ජීවිතේ පුදුම විදියට වෙනස් වේවි. බුදුරජාණන්වහන්සේ දේශනා කරපු සතුට එතකොට විඳින්න ලැබේවි. ඔබ අද අසතුටින්, තරහෙන්, දුකෙන්, වේදනාවෙන් ඉන්නවා නම් අපි නිසා ඒ හැම දේම නැතිවෙලා යාවි, වෙනස් වේවි. උත්සාහ කරන්න.

    ------ Post added on Jun 25, 2021 at 8:54 PM
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඉතින් මේ විදියට බැලුවම අපි අද කතා කරන ජනප්‍රිය ආදරේ බුදු දහම එක්ක නම් ගැලපෙන්නෙ නෑ.
    me widihata aththa katha karana eka vatinava. mata mathakai samahara hamuduruvaruth oke opposite deshana karanava