මම මේ කියන කතාව රාම් අයය ගේ කතාවට කොහොම සම්බන්ද වෙඉද දන්නේ නං නෑ.එත් මේකත් ටිකක් ඔය වගේ හැබැයි වෙනස් විදිහේ අවසානයක්.
මම ඉස්කෝලේ යන දවස වල අපිත් එක්ක එකටම බස් එකේ, ඉස්කෝලේ ගියපු එක අයය කෙනෙක් හිටිය.කොල්ල cadet කරා.සිරාම කොල්ලෙක්.කොහොමින් කොහොම හරි අපේ ඉස්කෝලේ ලගම බාලිකා විද්‍යාලයක හිටපු අපේ බස් එකේම පාසල් ගිය අක්ක කෙනෙක් එක්ක මේ අය්යත් යාලු උන.සෑහෙන කාලයක් දෙන්න එකටමයි හිටියේ. ඔන්න උසස් පෙළත් කරා.අක්ක medicin තේරුණා.අයය bio වලට තේරුණා.එත් අයය අයෙ පාරක් උසස්පෙළ කරන්ඩ පන්ති යන්ඩ පටන් ගත්ත.දෙන්නගේ සම්බන්දෙත් හොඳටම යනවා. 2010 අගෝස්තු වලට මස 2 ක් 3 ක් තියන කොට අපිට බොහොම කණගාටු දායක ආරංචියක් ලැබුන. අය්යට ලියුකේමියාව හැදිලා.හොඳටම අමාරුත් වෙලා. හැමෝම හිතුව අක්ක එයත් එක්ක තියන සම්බන්දෙ නවත්තල දැයි කියල.එත් අදටත්(මේක ලියන කොටත්) ඒ අක්ක දවසක් දවසක් ගානේ මහරගම පිළිකා රෝහලට ගිහින් ඒ අය්යව බලල එනවා.සම්බන්දෙත් එහෙම්මම තියනවා.තිබුනටත් වඩා හොඳ බැඳීමක් අද ඒ දෙන්න අතරේ තියනවා.
ඒ අතින් ඒ අක්ක දේවතාවියක්.


