ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ

    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ කියලා හඳපානේ කැන්දාගෙන ආ බිරිඳගේ වියෝව දරාගන්න බැරිව සැමියාද අවසන් ගමන් යයි


    ආදරණීය බිරිඳගේ දේහය ලබාගන්න නොහැකි වීමේ වේදනාවෙන් පුද්ගලයෙක් ජීවිතේ නැතිකරගත්තු පුවතක් පොළොන්නරුව අබේපුරගම පැත්තෙන් අහන්න ලැබුණා.මීට අවුරුදු කිහිපයකට කළින් මෙම පුද්ගලයා මාවනැල්ලේ පැත්තේ පිහිටි ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදී අසල්වැසි නිවසක සිටි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන.එම තරුණියගේ පවුලේ අය මේ ප්‍රේමයට තදින්ම විරුද්ධ වෙලා.

    කොහොම වුණත් දෙමව්පියන්ගේ ආශිර්වාදය පැත්තකට දාලා මේ තරුණිය පෙම්වතා සමඟ නිවසින් පැන ගොස් පොළොන්නරුව පැත්තේ පිහිටි තරුණයාගේ නිවසේ පදිංචි වෙලා.තරුණියව රැගෙන යන්න පවුලේ අය ආවත් නීත්‍යානුකූලවම විවාහ වුණු නිසා ඔවුන්ගේ උත්සහය අසාර්ථක වෙලා.
    ජීවිතේ සතුටින් ගෙන ගිය මේ දෙපලට කුළුදුල් දරුවා ලැබිලා අවුරුදු එක හමාරක් පමණ ගියාට පස්සෙ ඔවුන් අවසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා.

    ඒ පසුගිය දිනක තම බිරිඳත් එක්ක ඥාති නිවසකට මෙම තරුණයා යද්දි පොළොන්නරුව ZD ඇළට යතුරුපැදිය වැටිලා අනතුරක් සිදුවීමෙන්.මෙම අනතුරින් තරුණයාගේ ජිවිතය බේරාගන්න පුළුවන් වුණත් බිරිඳගේ ජිවිතේ බේරගන්න ලැබිලා නැහැ.ඊට පස්සේ අදාල කාන්තාවගේ මරණය සැකයි කියලා පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිල්ලක් දාලා.

    ඒ වගේම තමන්ගේ ආදරණීය බිරිඳගේ දේහය ලබාගන්න දින ගණනක් තිස්සේ උත්සහ කළත් නොහැකිවීම නිසා තමන්ගේ දරුවවත් තුරුල් කරගෙන හඬා වැලපිලා පසුව නිවස අසල ගෙලවැලලාගෙන මියගොස් ඇති බවටයි අප වාර්තාකරු පැවසුවේ.



    20504268_1587690811262046_970593684_n.jpg


    20527246_1587690797928714_573427046_n.jpg


    20561770_1663216037062320_142997960_n.jpg


    20562145_1587690794595381_2127366994_n.jpg


    20562637_1663216043728986_923707451_n.jpg


    20614186_1587690804595380_465840498_n.jpg
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    රාජ්‍ය සේවයේ කාරියස්සමතාව තමයි.
    මරණය ගැනීම කෙසේ වෙතත් ග්‍රාමසේවකලඟට යන්න සහතිකයක් ගන්න කොච්චර චාටර් කරනවද...? මුස්ලිම් ජාතිකයෙක්ගෙ වුනානම් මොකද වෙන්නෙ. එයාල පැය 24ක් ඇතුලත වලලන්න ඕන නේද...?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මේ මොන කාලකන්නියෙක්ද
    දැන් අර ළමය බලාගන්නේ කවුද
    මුන් වගේ එවුන්ගේ මිනියවත් ගෙදර ගෙන්න දෙන්න හොද නෑ ඉස්පිරිතලේදීම වලදන්න ඕන
     

    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    පොඩි දරැව පවු

    මොනාවුනත් මේ දෙපලට නැවත මෙවන් විපතක් නොවේවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පවු බන් කෙල්ල කොල්ලට දෙයියෙක්ට වගේ සළකන් ඉන්න ඇති
    උට එකපාරට නැතිවුනාම වාවගන්න බැරිවෙන්න ඇති
    මේ වගේ වෙල්වල් වලට නෑදෑයෝ කියන එවුන් පොඩ්ඩක් සංවේදී වෙන්න ඕනා
    මැරිච්ච මිනියකට පනදෙන්න බෑනේ
    ඒ හුත්ත්ලා ගෙදරින් පැනල ගිය එකේ වාඩුව අරන් දන් උන්ටත් සතුටු ඇති
    දන් අර ළමයා අනාතයි
    2.gif
    2.gif