ආදරයේ පාරමිතාව

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආදරයේ පාරමිතාව

    සුලඟේ පාවෙමින් තිබූ කෙලි ලොල් ජීවිතයට
    අර්ථයක් ලබා දුන්නේ නුඹයි...
    ජීවිතයේ අන්දකාර අවස්ථාවන්ට
    ආලෝකයක් වූයේ නුඹයි...
    ජීවිතය අත්හරින්නට සිතුනු සැම විටම
    අත් වාරුව වූයේ නුඹයි...
    දිවියේ අතරමං වන හැම විටම
    පාර කිව්වේ නුඹයි...
    දකින දකින සෑම සිහිනෙකම
    මට පෙනෙන්නේ නුඹයි..
    අම්මා ලඟ නැති අඩුව
    පිරෙව්වේ නුඹයි...

    මියෙන්නට උනත් මා සොයන්නේ ඔබේ තුරුලයි........

    ඔඹ කියාදුන් අකුරු හතරෙන් මා සැම දා සැනසෙන්නෙමි.....

    --ආදරයේ පාරමිතාව--