ආදරය කොච්චර ලස්සනද?

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ආදරය කොච්චර ලස්සනද?

    Love-Wallpaer-love-1370433-1024-768.jpg



    >ආදරය යනු දෙදෙනෙකු විසින් කරන දෙදෙනාටම ජය අත්වන ක්‍රීඩාවක්... ඒ නිසා කවමදාකවත් ඔබේ පෙම්වතා පෙම්වතියව පරාජය කර වීරයෙක් වන්නට යන්න එපා...

    >ආදරය යනු පරිත්‍යාගයයි. අනෙකා වෙනුවෙන් කරන කැපකිරීමයි. අනෙකා වෙනුවෙන් ජීවත් වීමයි.

    >දෙවියන්ට හැමවිටකදීම මිනිස්සුන්ට කතා කරන්න නොහැකි නිසා දෙවියන් ආදරය මැව්වේය.

    >ආදරය ඇති හැම තැනකම දෙවියන් වැඩ සිටිනා බව මතක තබා ගන්න

    >හැම කෙනෙකුගේම හදවතේ දෙවියෙකුත් යක්ෂයෙකුත් ඉදියි. යක්ෂයා රජවූ විට කෙනෙක් වෛර කරයි. ඊර්ෂ්‍යා කරයි. දෙවියා රජ වූ විට ආදරය කරයි.

    >ආදරය යනු ලබන දෙයක් නොවේ. දෙන දෙයකි. පූජා කරන දෙයක්. ඒ නිසා ආදරය ලැබීමට පෙර දන් දෙන්න

    >ආදරය ජීවිතයේ අමාරැම දුෂ්කරම මොහොතෙදීත් ජීවත් වීමට උපකාර කරනවා. ජීවත් වෙන්න ධෛරයත් දෙනවා

    >හදවතක නිර්මලත්වය කැඩපතක් වගේ. නිසල දිය විලක් වගේ. ඉන් හැම විටම පේන්නේ ආදරයේ ප්‍රතිමූර්තියයි.

    >ජීවිතයේ ලස්සන බලන්නට ඔබ කැමතිද? එසේනම් වරක් ආදරය කර බලන්න. ජීවිතයේ කැත බලන්නට ඔබට අවශ්‍යද? එසේනම් එක් අයෙකුට වෛර කරන බලන්න.

    >දෙදෙනෙක් ආදරය කරද්දී ඒ දෙදෙනා අතර කාන්දම් බලයක් හට ගනී. ඒ බලයන්ට දෙවියන් පවා ආකර්ෂණය වේ.

    >ආදරයේදී සාධාරණ වන්න. ඒ වෙනුවෙන් ඔබට දිය හැකි දේ මිස ඉන් සූරා ගත හැකි දේ ගැන නොසිතන්න. ආදරයට ආදරය දෙන තරමට ආදරයම ලැබෙන බව සිහිතබා ගන්න

    >ආදරය උදෑසණ වැටෙන පිණි බිඳක් මෙන් පිරිසිදුය. එය රාගයෙන් අපිරිසිදු නොකරන්න. ඔබේ ආදරයේ මිහිරිහ මොහොතේදී ඔබේ ශරීරයට උණුසුමක් දැනේවි. එය රාගය නොවේ. ආදරයේ පරම නිර්මල ශෘන්ගාරයයි. එය විදින්න

    >ඔබ ලෝකයේ ලස්සනම දේ බලන්නට කැමතිද? ඔබේ ලෝකයේ පිවිතුරැ දේ ඇත්තේ ඔබට ආදරය කරන ඒ දෑස් වලයි.

    >ඔබටත් වඩා ඔබ ගැන හිතන කෙනෙක් ඇත්නම් ඒ ඔබ ආදරය කරන කෙනාය. ඒ ආත්මය වෙනුවෙන් ජීවත් වෙන්න. ඔබ කවදාවත් තනි නොවනු ඇත.

    >කරදරයක්, දුකක්, විපතක් එන සෑම මොහොතකම ආදරය ගැන සිතමින් ජීවත් වන්න. සැබෑ ආදරයකට පුදුමාකාර බලයක් ඇත. ඒ ගුප්ත බලය හදවතින් විදගන්න.

    >කෙනෙක් උතුම් වෙන්නේ ආදරය ලැබීමෙන් නෙවේ. ආදරය කිරීමෙන්. ආදරය කිරීමෙන් කෙනෙකුට පිරිසිදු විය හැක. උතුම් කෙනෙකු විය හැක.

    >ආදරයේදී වැදගත් වන්නේ රසබර චොකලට්වත්, රතු රෝසවත්, වටිනා රත්තරන්වත් නොවේ. පිරිසිදු හදවතයි. එය පිරිසිදුවම තිළිණ කරන්න. ඔබට ලෝකයම ලැබේවි.

    >කෙනෙකුට මරණයේදීත් ජීවත් විය හැක්කේ ආදරය නිසාය. එසේම කෙනෙක් ජීවත් වෙද්දීත් මැරෙන්නේත් ආදරය නිසාය. ආදරය නිසා කෙනෙකුගේ හදවතේ ඇතිවන මරණීය තුවලා සුවපත් කල හැක්කේද ආදරයටමයි. පුදුම ඒකය.

    >ඔබට දෙවියන් පෙනෙනවාද? එසේ නොසිතන්න. ඔබ හොඳින් සැබෑ ලෙසම ආදරය කරද්දී ඔබට දෙවියන් පෙනීම කෙසේ වෙතත් දෙවියන්ට ඔබව පෙනෙනු ඇත



    ඉස්සුවෙ
     
    Last edited: