ආදරය-මෙතෙකින්-නිමා.....!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරය-මෙතෙකින්-නිමා.....!

    පියවරක් ඉදිරියට යන්නට
    සිතින් වචනෙන් ජය පතා....
    මහ මෙරක් සේ නොදැනුනත්..
    එය අගෙයි මට වෙනකට වඩා.....
    රෑ පුරා ගව් ගනන් දුරකට...
    පෙනෙන අහසට නෙතු යොමා.....
    මනසෙ ඇදෙනා ඔබේ රුව ලග..
    තනි රකින්නම් අද මෙමා......

    නුරා හැගුමන් හිතේ සගවා...
    සුපිපි ආදර මල් වටා.....
    ඔහේ සරණා අපේ ජීවිත...
    ඇදීගිය මතකය නිමා.......
    කදුළු අතරේ නෙතු තබන්නද...
    සදාකල් අදුරට යොමා.....
    ඉතින් හිනැහෙම් මෙතුන් ලොවටම...
    අසරණයි එනමුදු මෙමා......

    පිබිද එන්නට වරම් මට දී...
    යලිත් හුන් තැන රදවනා....
    හිතේ නොරැදෙන මතකයක් ලග...
    අතීතය දිගහැර දමා.....
    සදා අවමන් විදිනු කෙලසද...
    නොමැත මෙහි කිසිවෙක් අමා...
    ඉතින් සමුගමු මගේ සොදුරිය...
    ආදරය මෙතෙකින් නිමා.....!

     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    images


    මොකද බන් උනේ,,,, මොනා උනත් වැදෙන්න ලියලා හොදේ!
    rep added ++++++

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ...... උඹ ආ‍යෙත් බූට් සින්දු ලි‍යන්න පටන්ගත්තද......:oo::oo::oo:

    හැබැ‍යි ලස්සනට ලි‍යලා ති‍යනවා මචන්.......:D:D:D
    රෙප් දෙන්න නම් බැරිලු......
    :dull::dull::dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    "ඉතින් සමුගමු මගේ සොදුරිය...
    ආදරය මෙතෙකින් නිමා.....!" ළඟක ඉඳන් මු බුට් සින්දු ලියනවා වැඩි
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉතින් සමුගමු මගේ සොදුරිය...
    ආදරය මෙතෙකින් නිමා.....!
    :o Aththa seen 1k neme ne ne?
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හිතේ නොරැදෙන මතකයක් ලග...
    අතීතය දිගහැර දමා.....
    සදා අවමන් විදිනු කෙලසද...
    නොමැත මෙහි කිසිවෙක් අමා...
    ඉතින් සමුගමු මගේ සොදුරිය...
    ආදරය මෙතෙකින් නිමා.....!

    harima lassanai..wenada wagema lassanata liyala tiyenawa.. :) :)
    duka ewama liyanne ai me tike.. :(