ආදරය යනු

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ආදරය යනු

    ♥ මව ඔබව වැලදගෙන සිප ගැනීම ආදරයයි.

    ♥ පියා "මට උඹ ගැන ආඩම්බරයි පුතේ/දුවේ" පැවසීම ආදරයයි.

    ♥ සහෝදරයා "මගේ පලවෙනි පඩියෙන් ඔයාට මොනවද ඕනේ"යැයි ඔබෙන් ඇසීම ආදරයයි.

    ♥ සහෝදරිය "මම කසාද බැදලා ගියාට පස්සේ නම් ඔයාට තනියම මේව කරගන්න වෙයි" පවසමින් ඔබේ රෙදි සේදීම ආදරයයි.

    ♥ ඔබ තනිව කල්පනා කරමින් සිටින විට මිතුරෙකු "ඇයි මචං මොකද්ද අවුල?" යැයි ඇසීම ආදරයයි.

    ♥ ඔබ තනිව හඩන විට මිතුරියකගේ ඇසේ ඔබ වෙනුවෙන් කදුලක් මතු වීම ආදරයයි.

    ♥ ඔබේ පුතා "අපේ තාත්ත ඔයාලගේ තාත්තට වඩා ගොඩක් දේවල් දන්නවා" යැයි මිතුරෙකු සමග පැවසීම ආදරයයි.

    ♥ ඔබේ දියණිය "අපේ අම්මට ඔයාලගේ අම්මට වඩා රසට උයන්න පුලුවන්" යැයි පැවසීම ආදරයයි.

    ආදරවන්තියට/ආදරවන්තයාට I LOVE YOU පැවසීම පමනක් හැමවිටම ආදරය නොවේ...

    ආදරය යනු කෙනෙකු පිලිබදව සිතේ ඇති වන ලෙන්ගතු හැගීමකි,කෙනෙකු වෙනුවෙන් හදවතින්ම ඇතිවන සැලකිල්ලකි.


    :love::love:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කතාව සම්පුර්ණ ඇත්ත මචන්...
    ආදරය " අයි ලව් යු" කියලා පැවසිමෙන් විතරක් ආදරය පිරිමහන්න විදියක් නෑ..
    ඒ ආදරය අපේ හිත් වලට කහවදින විදියට කටයුතු කලා නම් තමයි..
    ඒ ආදරය තවත් රසවත් වේලා ඒ ආදරයට ප්‍රබෝධයක් ඉස්මතු වෙන්නේ...

    + දෙන්න විදියක් නැල්ලු ලගදි දුන්න හින්දා..~
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    "I Love you a lot" සහ "මම ඔයාට ගොඩාක් ආදරෙයි" කියන වදන් වල තියෙන වෙනස දැනෙනව නම්..
    අන්න ඒකත් ආදරය තමයි.