හිත අනන්තයට දුර රැගෙන ගිහින්...
නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්...
මුදු සිහිල් පවන් නුඹේ සුවඳ ගෙනත්..
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්...
සඳ මණ්ඩලේ සඳ කැන් මැදින්....
නුඹ හැංගුනා... මතකයි සැරයක්....
මුතු වැල් වගේ දිය රැල් දිගේ......
නුඹ දුර ගියා තව එක දවසක්...
නිල අම්බරේ හැඩ හන්ගමින්...
නුඹ හිනැහුනා මතකයි තවමත්...
හද මන්දිරේ දොරගුල් අරිමින්..
මම පෙම් කලේ නුඹටයි කවදත්.