ආදරය විවාහය සමඟ පවතින කර්මානුරුපී ස්වභාවය.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බෞද්ධ ඉගැන්වීමට අනුව ආදරය විවාහය සමඟ පවතින කර්මානුරුපී ස්වභාවය..🙏

    මනුශ්‍ය ආත්මයක් ලැබුනම ආදරය ලබන්නට හෝ නොලබන්නට, විවාහය සාර්ථක වීමට හෝ නොවීමට බලපාන මූලිකම සාධකය තමන්ගේ කර්මානුරූප ස්වභාවයයි.

    යම් කෙනෙක්ගෙ ආදරය විවාහය සාර්ථක නොවෙන්න බලපාන ප්‍රධානම හේතුව සංසාරගමනේ කාමය වරදවා හැසිරීම නම් වූ වරද තමා වෙතින් සිදුව තිබීමයි.

    අපි සංසාරගමනේ ගමන් ගන්නා සත්වයින් විදිහට පෙර ආත්මවල කුමන ලෙසකින් ජීවත් උනාද යන්න අප නොදනී.පිං සහ පව් යන දෙකොටම අප වෙතින් සිදු වෙලා තිබෙනව අඩු වැඩි වශයෙන්.

    මේ භවයේ අපගේ විවාහය ආදරය අසාර්ථක වීමට බලපාන යම් පාපකර්ම පෙර භව වලදී වෙලා නම් ඊට අදාළව වන පුණ්‍ය කර්ම වල ශක්තිමත් වීමෙන් පාපකර්ම වලට අදාල කර්ම ශක්තිය යටපත් කිරීමේ හැකියාව ඇත.

    ඒ වගේම,පෙර භවයන් වල සිදු වූ ප්‍රබල පාපකර්ම වල විපාකයන්හී ශක්තිය විපාක පිණිසම එන බවද බෞද්ධ ඉගැන්වීම් වල සඳහන් වේ..උදාහරණයක් ලෙස ඉසිදාසි තෙරණියගේ කතා පුවත සඳහන් කිරීමට පුළුවන.

    කර්ම විශය භාග්‍යවතුන් වහන්සේගේ විශයකි.අපට කර්මය විපාක දෙන ආකාරය නිසැකවම සිතීමට නොහැක.

    කෙසේවෙතත් පෙර භවයන් වල අප කුමක් කළද මේ භවයේ ධර්මානුකූලව ජීවත් වීම,මේ භවයේ සාර්ථකත්වය උදෙසාද සංසාරගමනේ සැපත උදෙසාද බලපාන බව අවිවාදිතය.

    හදවතින්ම උතුම් වූ තුනුරුවනේ සරණ ගොස් පංච ශීලය සමාදන් වී අකුරටම සිල්පද රැකගෙන තමන් වෙතින් අන් කාටවත් හිංසාවක් පීඩාවක් නොවෙන්නට වගබලා ගැනීම ඉතාමත් වැදගත්.

    ඒ වගේම තමන්ට පුළුවන් තරමින් හැකි සෑම වෙලාවකම උතුම් වූ තුනුරුවනේ පටන් තිරිසන් සත්වයා දක්වා දන් දෙන්න දක්ෂ වීම ඉතාමත් වැදගත් දෙයක් වෙනව.

    විශේෂයෙන්ම සාර්ථක විවාහ ජීවිතයක් ලැබීමට,ආදරය ලබන කෙනෙක් වීමට බලපාන මූලික සාධකය වූ කාමය සම්බන්ධව සංවර ස්වභාවය,තමන්ගෙන් අන් අයට කාමය සම්බන්ධව වරදක් නොවීමට වගබලා ගැනීම ඉතාමත් වැදගත් වෙනව..මෙහිදී,

    විවාහ වෙනකල් බ්‍රහ්මචාරීව ජීවත්වීම(කුමර බඹසර,කුමරි බඹසර) ඉතාමත් වටිනා දෙයක්.එමඟින් තමන්ට අප්‍රමාණ පිනක් රැස් වීමට හේතුවක් වෙනව.

    ඒ වගේම තමන් විවාහ උනාට පස්සෙ තමන්ගෙ ස්වාමිපුරුෂයා බිරිඳ සමඟ පමණක්ම කාමයේ ඇසුර පවත්වනවා මිස වෙන අය එක්ක කාමය වරදවා හැසිරීමෙන් වැළකී සිල්වත්ව ජීවත් වීම තමන්ට අප්‍රමාණව පිං වැඩෙන්න හේතුවක් වෙන්ව.සිතුවිල්ලකින් වත් තම ස්වාමිපුරුෂයා බිරිඳ ඉක්මවා නොයෑමමයි කළ යුතු වන්නේ.

    සාර්ථකව විවාහ ජීවිතය ගත කරන අය දැක්කම,ආදරය විඳින අය දැක්කම ඒ අයට ඉරිසියා නොකර ඒ අයට තව තවත් හරියන්නම ඕනි යනුවෙන් හදවතට අවංකවම ඒ අයගේ යහපත ප්‍රාර්ථනා කිරීමත් ඉතාමත් වටිනා කුසල මනසිකාරයක් වෙනව.

    යම් යුවලක් සම්බන්ධව ඒ අයගේ සම්බන්ධතාවය බිඳී යන ලෙසින් හෝ ඔවුනොවුන් අතර වන මිත්‍ර ස්වභාවය නැති වී යන ලෙසින් වචනෙන් හෝ ක්‍රියාවෙන් අයහපත නොකිරීමත් ඉතාමත් වැදගත් වෙනව.

    ආදරය විවාහය සම්බන්ධව මේ ජීවිතයේ තමන්ට මුණගැහෙන කාටවත් බොරුවක් වංචාවක් කරන්න එපා.,රවට්ටන්න එපා.

    විවාහ වෙලා සිටින ආදරය විඳින යම් අයෙකුට ජීවිතයේ සුව වෙනුවෙන් යම් උදව්වක් උපකාරයක් අවැසි වූ මොහොතක තමන්ට පුළුවන් තරමින් ඒ අයට උදව් කිරීමද ඉතාමත් වැදගත් වෙනව.

    විවාහය ආදරය යන කාරනා ලෞකික විශයන් වූවත්,ධර්මාවබෝධය කරා යන ගමනේ මනුසත් භව ලද කල්හී ගිහි වතක සිටීමට සිදු වුවහොත් විවාහය සාර්ථක වීම,ආදරය ලබන කෙනෙක් වීම,සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ඇසුර ලැබීම සහ ඒ තුලින් ලැබෙන උපකාරය සැනසීම නිවන උදෙසා වන මාර්ගය තුළ ශක්තිමත් වීමටද මහත් උපකාරයක් වෙනව.

    ඔබ ඔබගේ හදවතට අවංකවම ධර්මානුකූලව ශක්තිමත්ව ජීවත්වනවා නම් එයම තමන්ගේ රැකවරණය සැනසීම පිණිසම පවතීවි.

    තෙරුවන් සරණයි..🙏

    (Photo credit goes to respective owner.)
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    අවසන් වරට මගේ...
    පයිය නගින මොහොතේ..🙂
    මචං මට ටික්ටොක් විඩීයෝ දාන්න බැහැ.. උබට පුළුවන් ද බං?? පෙන විදිහට ඇඩ්මින් කෙනෙක් මගේ තටු කපලා වගේ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,002
    113
    Mother Earth
    මචං මට ටික්ටොක් විඩීයෝ දාන්න බැහැ.. උබට පුළුවන් ද බං?? පෙන විදිහට ඇඩ්මින් කෙනෙක් මගේ තටු කපලා වගේ...
    මොකෝ බන් බැරි. 🤷🏻‍♂️ හරියට ලින්ක් එක copy කරලා media text box එකේ paste කරපන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    බෞද්ධ ඉගැන්වීමට අනුව ආදරය විවාහය සමඟ පවතින කර්මානුරුපී ස්වභාවය..🙏

    මනුශ්‍ය ආත්මයක් ලැබුනම ආදරය ලබන්නට හෝ නොලබන්නට, විවාහය සාර්ථක වීමට හෝ නොවීමට බලපාන මූලිකම සාධකය තමන්ගේ කර්මානුරූප ස්වභාවයයි.

    යම් කෙනෙක්ගෙ ආදරය විවාහය සාර්ථක නොවෙන්න බලපාන ප්‍රධානම හේතුව සංසාරගමනේ කාමය වරදවා හැසිරීම නම් වූ වරද තමා වෙතින් සිදුව තිබීමයි.

    අපි සංසාරගමනේ ගමන් ගන්නා සත්වයින් විදිහට පෙර ආත්මවල කුමන ලෙසකින් ජීවත් උනාද යන්න අප නොදනී.පිං සහ පව් යන දෙකොටම අප වෙතින් සිදු වෙලා තිබෙනව අඩු වැඩි වශයෙන්.

    මේ භවයේ අපගේ විවාහය ආදරය අසාර්ථක වීමට බලපාන යම් පාපකර්ම පෙර භව වලදී වෙලා නම් ඊට අදාළව වන පුණ්‍ය කර්ම වල ශක්තිමත් වීමෙන් පාපකර්ම වලට අදාල කර්ම ශක්තිය යටපත් කිරීමේ හැකියාව ඇත.

    ඒ වගේම,පෙර භවයන් වල සිදු වූ ප්‍රබල පාපකර්ම වල විපාකයන්හී ශක්තිය විපාක පිණිසම එන බවද බෞද්ධ ඉගැන්වීම් වල සඳහන් වේ..උදාහරණයක් ලෙස ඉසිදාසි තෙරණියගේ කතා පුවත සඳහන් කිරීමට පුළුවන.

    කර්ම විශය භාග්‍යවතුන් වහන්සේගේ විශයකි.අපට කර්මය විපාක දෙන ආකාරය නිසැකවම සිතීමට නොහැක.

    කෙසේවෙතත් පෙර භවයන් වල අප කුමක් කළද මේ භවයේ ධර්මානුකූලව ජීවත් වීම,මේ භවයේ සාර්ථකත්වය උදෙසාද සංසාරගමනේ සැපත උදෙසාද බලපාන බව අවිවාදිතය.

    හදවතින්ම උතුම් වූ තුනුරුවනේ සරණ ගොස් පංච ශීලය සමාදන් වී අකුරටම සිල්පද රැකගෙන තමන් වෙතින් අන් කාටවත් හිංසාවක් පීඩාවක් නොවෙන්නට වගබලා ගැනීම ඉතාමත් වැදගත්.

    ඒ වගේම තමන්ට පුළුවන් තරමින් හැකි සෑම වෙලාවකම උතුම් වූ තුනුරුවනේ පටන් තිරිසන් සත්වයා දක්වා දන් දෙන්න දක්ෂ වීම ඉතාමත් වැදගත් දෙයක් වෙනව.

    විශේෂයෙන්ම සාර්ථක විවාහ ජීවිතයක් ලැබීමට,ආදරය ලබන කෙනෙක් වීමට බලපාන මූලික සාධකය වූ කාමය සම්බන්ධව සංවර ස්වභාවය,තමන්ගෙන් අන් අයට කාමය සම්බන්ධව වරදක් නොවීමට වගබලා ගැනීම ඉතාමත් වැදගත් වෙනව..මෙහිදී,

    විවාහ වෙනකල් බ්‍රහ්මචාරීව ජීවත්වීම(කුමර බඹසර,කුමරි බඹසර) ඉතාමත් වටිනා දෙයක්.එමඟින් තමන්ට අප්‍රමාණ පිනක් රැස් වීමට හේතුවක් වෙනව.

    ඒ වගේම තමන් විවාහ උනාට පස්සෙ තමන්ගෙ ස්වාමිපුරුෂයා බිරිඳ සමඟ පමණක්ම කාමයේ ඇසුර පවත්වනවා මිස වෙන අය එක්ක කාමය වරදවා හැසිරීමෙන් වැළකී සිල්වත්ව ජීවත් වීම තමන්ට අප්‍රමාණව පිං වැඩෙන්න හේතුවක් වෙන්ව.සිතුවිල්ලකින් වත් තම ස්වාමිපුරුෂයා බිරිඳ ඉක්මවා නොයෑමමයි කළ යුතු වන්නේ.

    සාර්ථකව විවාහ ජීවිතය ගත කරන අය දැක්කම,ආදරය විඳින අය දැක්කම ඒ අයට ඉරිසියා නොකර ඒ අයට තව තවත් හරියන්නම ඕනි යනුවෙන් හදවතට අවංකවම ඒ අයගේ යහපත ප්‍රාර්ථනා කිරීමත් ඉතාමත් වටිනා කුසල මනසිකාරයක් වෙනව.

    යම් යුවලක් සම්බන්ධව ඒ අයගේ සම්බන්ධතාවය බිඳී යන ලෙසින් හෝ ඔවුනොවුන් අතර වන මිත්‍ර ස්වභාවය නැති වී යන ලෙසින් වචනෙන් හෝ ක්‍රියාවෙන් අයහපත නොකිරීමත් ඉතාමත් වැදගත් වෙනව.

    ආදරය විවාහය සම්බන්ධව මේ ජීවිතයේ තමන්ට මුණගැහෙන කාටවත් බොරුවක් වංචාවක් කරන්න එපා.,රවට්ටන්න එපා.

    විවාහ වෙලා සිටින ආදරය විඳින යම් අයෙකුට ජීවිතයේ සුව වෙනුවෙන් යම් උදව්වක් උපකාරයක් අවැසි වූ මොහොතක තමන්ට පුළුවන් තරමින් ඒ අයට උදව් කිරීමද ඉතාමත් වැදගත් වෙනව.

    විවාහය ආදරය යන කාරනා ලෞකික විශයන් වූවත්,ධර්මාවබෝධය කරා යන ගමනේ මනුසත් භව ලද කල්හී ගිහි වතක සිටීමට සිදු වුවහොත් විවාහය සාර්ථක වීම,ආදරය ලබන කෙනෙක් වීම,සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ඇසුර ලැබීම සහ ඒ තුලින් ලැබෙන උපකාරය සැනසීම නිවන උදෙසා වන මාර්ගය තුළ ශක්තිමත් වීමටද මහත් උපකාරයක් වෙනව.

    ඔබ ඔබගේ හදවතට අවංකවම ධර්මානුකූලව ශක්තිමත්ව ජීවත්වනවා නම් එයම තමන්ගේ රැකවරණය සැනසීම පිණිසම පවතීවි.

    තෙරුවන් සරණයි..🙏

    (Photo credit goes to respective owner.)
    ado copy and pasting ney,

    eka neme, umba badu gahalama nadda? hora gediya!