ආදරය වේදනාකාරීද?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආදරය වේදනාකාරීද?

    සම්බම්ධතාවයකදී ඇතිවන වේදනාව්න්ට වඩා බලපාන හේතුව හිතේ ඇති වන බයයි. ආදරයේ වේදනාව විඳ නැත්තේ කවුද? නැතිනම් එය ප්‍රතික්‍ෂේප වීමේ වේදනාවක්ද? එම වේදනාව ආදරය නිසාමද නැතිනම් අනුන්ගේ සතුටකට තමන්ගේ සතුට කැපකිරීම නිසා ඇතිවීද යන්න අවබෝධ කර ගැනීම වැදගත්.


    ආදරයේ වේදනාව යනු ආදරයේ ප්‍රති විපාක ද වේ. සෘණ සිතිවිලි ආදරයේම කොටසක් බව සමහරු සිතති. “ආදරේ හැටි ඔහොම තමා” කියා කීවත් එය එසේ නොවන බව විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් සොයා ගෙන ඇත.
    ආදරය වේදනාකාරී නොවේ. එය පුදුමාකාර හැඟීමකි. අපට දැනෙන වේදනා, සුසුම් හෝ වෛරයන් මතුවන්නේ ආදරය නිසා නොවේ. එය අප තුලින්ම මතුවන්නේ අප සිතේ පහල වන ව්‍යාකූලතා, බිය, ආශාවන්, කුතුහලය, ප්‍රතික්‍ෂේප වීම, විස්වාශය බිඳීම, තරහ, ඉරිසියාව ආදිය නිසාය. අප ඒ හැගීම් ආදරය සමග පටලවා ගන්නේ මන්ද?
    සමහරවිට අපට අපහසුතා ගෙනදෙන මේ හැඟීම් බොහෝවිට අපගේ ආදර සම්බන්ධතා කෙරහි බලපායි. අපගේ ප්‍රමුඛ සඹඳතා අපට වැදගත් වන නිසා මේ සෘණ හැඟීම් අපගේ ආදර අත්දැකීම් වල කොටසක් බව අප සලකන්නේ ඒ නිසා විය හැක. ඒත් එය ඇත්තක්ද?
    අප බියෙන්, සැකෙන්, තරහුන්, කුතුහ‍යෙන්, අසතුටින් හෝ ඊර්ශ්‍යාවෙන් සිටින විට අපට ආදරයක් දීමට හො ලබාගැනීමට පුලුවන්ද? එම විට ආදරය වෙනස්ව ඇති ඔබට නොදැනේද? ආදරය උණුසිම්ය, හුරතල්ය, විවෘතය, ප්‍රීතිමත්ය, සතුටුදායකය. එය ඉතා ගැඹුරු අගය කිරිමක සංවේදනයකි.
    වේදනාව ආදරයට ගොඩ වදින්නේ උවමනා සම්බන්ධතාවයක් අවශ්‍ය සම්බන්ධතාවයකට හැරවුණු විටය. ඕනෑකම අවශ්‍යතාවයට වඩා ගැඹුරු ඉල්ලීමකි. එය කැළඹුණ සිතේ බලපෑමක්ද විය හැකිය.


    ඔබ තමන්, තම පෙනුම, හෝ කාමාශාවන් පිළිබඳව නිසැක නොවී හෝ සිත කැළඹීමකින් ආදරයෙන් වෙලුනු විට, සතුට ලැබීම සඳහා ඔබගේ සහයක මත රඳා පැවතීම වැඩිය. ආදරයෙන් බැඳිමට පෙර ඔබ හුදකලාව සිටියේ නම්, ආදරය බිඳුනොත් ඒ හුදකලාව නැවත පැමිණේ යන බිය ඔබ සිතේ ඇතිවේ. ආදරය තිබීම අපගේ සාමාජික පැවැත්මට වැදගත් බව අප සිතමු. සමහරු එකකට පසු එකක ආදරයෙන් වෙලෙති. සමහර අයට කෙනෙක් නැත. සමහර විට ඉන්න කෙනා එතරම් හොඳ නැතිවිය හැක. එය එසේ නොවේ. අවශ්‍ය තරමින් අවධානය දෙන්නේ නම් එම තත්වය වෙනස් විය හැක. කෙනකු මත රඳා පැවත්ම නිසා කුඩා දේකට පවා එකට සිටීමේ හිතේ බිය හා අසතුට ලඟා විය හැක.
    අප අපවම අගය නොකරගනීනම් හා එය අප වටා සිටින අන් අයගෙන් බලාපොරොත්තු වන්නේ නම්, නැවතත් ඒවා ඔබට දැනෙන ආදරයෙන් බාහිර දේ වේ. ඒවා ඔබගේ බිය නිසා ඒ.
    ඔබට ආදරයේ වේදනාවන් නොලැබීමට නම්, ප්‍රථම පියවර තමන් අගය කිරීම හා තමන් අවබෝධ කරගැනීමය. ඒ සඳහා ආදර සම්බන්ධයකදී ඔබට මතුවන ප්‍රශ්න ගැන ඔබ දැනගන සිටිය යුතුයි. ඒ සඳහා ඔබ උපරිමයෙන් නොව සම්පූර්ණයෙන්ම ඔබට අවංක විය යුතුය.


    http://queen.info.lk/?p=57
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලස්සනයි
    11.gif
    11.gif
     
    • Like
    Reactions: emil