ආදරය ♥♥♥♥

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    සමහරවිට ඔබ එහෙම නැතුව ඇති...
    ඒත්... මට නුඹව සිහිකිරීමම ඇති...
    මට ඇයව මතකයට එන සෑම විටකම ඇයටද මා පිළිබඳව මතක් වියයුතුයැයි නීතියක් නැත. එහෙත් මට ඇයව දහස්වර සිහිපත් වන බව, ඇයට කියන්නට අකමැති වුවත් ඔබට කිව යුතුය. මන්ද යත් අපේ කතාව ඇය නොදනිතත් ඔබ දන්නා බැවිනි. සබඳ., අසා සිටින්න.
    මම ඇයට පණිවිඩයක් තැබීමි. දුරකථනය අතට ගන්නා සෑම විටකම මම ඊට පිළිතුරක් බලාපොරොත්තුවෙන් උන්බව ඇය නොදන්නවා ඇත. ඉවසීමේ අන්තිම කොනත් ඉක්මවූ පසු මම ඇයට ඇමතුමක් ගතිමි. බොහෝ වෙලා නාදවීමෙන් පසු අනෙක් පසින් රහස් හඬක් ඇසින.
    - ඇයි..?
    - මේහ්.. මං...
    - දන්නව දන්නව ඇයි..?
    - වැඩක්ද..?
    - නෑ... නෑ... ඇයි..?
    - වදයක්ද....
    - මොකද්ද..
    - මම කතා කල එක..?
    - ම්..... නෑ.... කියන්නකෝ...
    - හරි මං තියනවා....
    - අහ්... හා ... හා...
    ජංගම දුරකතනය පොළවේ ගසන්නට මට සිතින. ඔලුව බිත්තියේ හප්පා ගන්නට මට සිතින. ලෝකයටම ඇසෙන්නට කෑගසා කියන්නට මට සිතින. සුසුම් සුළග පමණක් නොව ගහකොළ පවා දන්නා ඒ රහස ඇය නොදැන උන්නාය. එක්කෝ දැන දැනම නොදන්නා සේ උන්නාය.
    ඇගෙන් පසු ගැහැණුන් මට නොලැබුනේ නැත. එහෙත් ආදරය කිසිදාක ලැබුනේ නැත. සමහරුන් එන්නේම ආදරය පතාගෙනය. සමහරු එන්නේ ආදරය ඔතාගෙනය. උන් මට සේම තවත් බොහෝ අයට ආදරය කරනා අයය. ඒ සෑම විටකම මම මගේ හදවතට එකක් කියා ගමි.
    - මේ මොන ඉඳුල්ද...
    මම හඬන්නට ඇත. වැලපෙන්නට ඇත. එහෙත් ඒ ඇයට පෙනෙන්නට නොවේ. අහම්බෙන් අද ඇය කතා කළාය. කතා නොකර ඉන්නට හිතා උන්නද අවසානයේ මම කතා කළෙමි.
    - ඇයි..?
    - මේහ්.. මං...
    - දන්නව දන්නව ඇයි..?
    - වැඩක්ද..?
    - නෑ... නෑ... ඇයි..?
    - වදයක්ද....
    - මොකද්ද..
    - මම කතා කල එක..?
    - ම්..... නෑ.... කියන්නකෝ...
    ඇය සිනාසුනාය.
    - ඇයි...
    - එහෙම කිව්වට මම ෆෝන් එක තියන්නෙ නෑ මහත්තයෝ...
    මම කතා නොකළෙමි.
    - දුක හිතුනද...?
    - නෑහ්..
    - තරහ ගියාද...
    - නෑහ්...
    - එහෙනං..
    - මොනවත් හිතුන්නෑ...
    මම කීවෙමි.
    - ඒ වෙලාවේ කතා කරන්න බෑ. ඒකයි කතා නොකළේ. පුදුමයිනේ මොනවත්ම හිතුනේ නෑ කිව්වම....
    - හිතුණා..
    - මොනවද
    - හැමදාම හිතෙන දේ...
    - ඒ මොකද්ද
    - ඉන්න තැනකට ඇවිල්ල උඹව උස්සගෙන යන්න....
    ඇය ගොළුවූවාය. එහෙත් ඇඩුවාය. අඬමින් මුක්කන් හඬින් මෙසේ කීවාය.
    - මම එන්නෙ නෑ....
    ඇත්තටම ඇය එන එකක් නැත. නේන එකත් හොඳය. මේ ආදරයේ දුක පවා සුන්ඳරය.
    සමන් එදිරිමුණිගේ රචනාවකි


    k198gy.jpg
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,784
    40,429
    113
    මොකක්ද බන් මේ? සැබෑ පෙම්වතුන් කිසිදා එක්වෙනවද නැද්ද හරියටම කියන්න දන්නේ නෑ. හැබැයි පෙම්වතුන් කියාගන්නා මානසික ලෙඩ්ඩු රජ කාලෙත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉඳීවි. එහෙම එවුන් ඉන්නවා නම් අනේ ප්ලීස් තනියම මැරියල්ලා. උන් එක්කම විරහව වැලලිලා යාවි. නහයෙන් අඬ අඬ ජීවත් වෙවී කවි සිංදු ලියලා සමාජය ලෙඩ කරවන්න එපා
     
    Last edited: