ආදරය....

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    778
    465
    63
    උඩ තට්ටුවෙ
    couple-silhouette-bridge.png

    පෙම්වතුන් යුවලක් ආදරයෙන් අත් පටලාගෙන ගං ඉවුරක ඇවිදිමි සිටින අතරදී...

    පෙම්වතිය : ඇයි ඔයා මට කැමති? ඇයි ඔයා මට ආදරේ?
    පෙම්වතා : හේතුවක් හරියටම කියන්න බෑ, ඒත් මම ඔයාට කැමති, ගොඩාක් ආදරෙයි.
    පෙම්වතිය : ඔයාට හරියට හේතුවක්වත් කියන්න බැරි නම් ඔයා කොහොමද කියන්නේ ඔයා මට ගොඩාක් ආදරෙයි කියලා?
    පෙම්වතා : මට ඇත්තටම හේතුවක් කියන්න බෑ පැටියෝ. ඒත් මම ඔයාට ඔප්පු කරන්නම් මම ඔයාට ආදරෙයි කියලා.
    පෙම්වතිය : ඔප්පු කරන්න නෙවෙයි අනේ, ඔයා මට ආදරේ ඇයි කියලා මට මේ දැන් කියන්නම ඕන...
    පෙම්වතා : හොඳයි හොඳයි, ම්ම්ම්... ඔයා ලස්සන නිසා, මම ගැන ගොඩාක් හිතන නිසා, ඔයාගේ සිනහව නිසා, ඔයාගේ ලස්සන කටහඬ නිසා, ඔයා කරන හැම දෙයක්ම නිසා...
    පෙම්වතිය : ඇති ඇති, දැන් මම දන්නවා ඔයා මට ඇත්තටම ආදරෙයි කියලා.


    අවාසනාවකට වගේ දින කිහිපයකට පසුව සිදුවුනු දරුණු රිය අනතුරකින් පෙම්වතිය දැඩි ලෙස තුවාල ලබා රෝහල් ගත කරනවා. ශල්‍ය කර්ම කිහිපයකින් පසු ඇයගේ ජීවිතය බේරුනත් ඇයට කෝමා(coma) තත්ත්වයෙන්ම රෝහලේ රැඳී සිටීමට සිදු වෙනවා. ඇයගේ පෙම්වතා ඇයව බලන්න එන දිනයක ලිපියක් ගෙනවිත් ඇයගේ ඇඳ අසල මේසය මතින් තබා යනවා.

    ලිපියේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා...

    දයාබර ඈන්...
    ඔයාගේ කටහඬට කැමති නිසා මම ඔයාට ආදරේ කරා. ඒත් දැන් ඔයාට කතා කරන්න පුළුවන්ද? ඉතිං මම කොහොමද තව දුරටත් ඔයාට ආදරේ කරන්නේ?
    ඔයා මම ගැන දක්වපු සැලකිල්ල, මම ගැන හැම නිතරම සොයා බලපු නිසා මම ඔයාට ආදරේ කරා. ඒත් දැන් ඔයාට මම වෙනුවෙන් ඒ දේ කරන්න පුළුවන්ද? ඉතිං මම කොහොමද තව දුරටත් ඔයාට ආදරේ කරන්නේ?
    ඔයාගේ සිනහවට, ඔයා කරන කියන හැම දේකටම මම ඔයාට ආදරේ කරා. ඒත් ඔයාට දැන් සිනහවෙන්න, ඒ දේවල් කරන්න පුළුවන්ද? ඉතිං මම කොහොමද තව දුරටත් ඔයාට ආදරේ කරන්නේ?
    ඉතිං ආදරේ කරන්න හේතුවක් ඕන නම් මට අද වෙනකොට ඔයාට ආදරේ කරන්න කිසිම හේතුවක් නෑ. ඇත්තටම ආදරේ කරන්න හේතුවක් අවශ්‍යයමද? නෑ නෑ නෑ... ඔයාට ඉක්මනින්ම සනීප වෙනවා, මොකද මම වෙනදටත් වඩා ඔයාට ආදරේ නිසා.


    දෛවය තමයි තීරණය කරන්නේ අපේ ජීවිත වලට එන්නේ කවුද කියලා, ඒත් අපේ ජීවිතයේ රැඳෙන්නේ කවුද කියලා තීරණය කරන්නේ අපේ හදවත් නේද?

    උපුටා ගැනිමකි...