ආදරය_බොළඳ_සංකල්පයක්ද?

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ආදරය_බොළඳ_සංකල්පයක්ද?

    ආදරය බොළඳ සංකල්පයක්ද?


    photo.cms



    ස්පාඤ්ඤ ජාතික ලේඛක මිගෙල්ද උනමුනෝ විසින් බොළඳ ආදර ආවේගයන් “වෙස්හළ පිරිමියෙක්” නවකතාවෙන් සදය හාසයට භාජනය කර ඇත. ලියෝ තෝල්ස්තෝයිගේ “ක්‍රොයිට්සර් සොනාටා” කෘතියෙන් අඹුසැමි ආදරය ගර්හාවට පත් කරයි. ඉතාලි ජාතික ඇල්බර්ටෝ මොරෙවියාගේ “ද වුමන් ඔෆ් රෝම්” කෘතියෙන් ලිංගිකාදරය දැඩි වීමර්ශනයට භාජනය කරයි.නිකොලායි ඕස්ත්‍රොව්ස්කිගේ “වානේ පන්නරය ලැබු හැටි” කෘතියෙන් පාවෙල් කොර්චාගින් නම් චරිතය තුළින් ආදරයේ ගාම්භීරත්වය ස්ඵුට කර ඇත. මැක්සිම් ගෝර්කිගේ “අම්මා” කෘතියෙන් ආදරය යනු මව්රට වෙනුවෙන් කැපවීම බව තිර කර ඇත.

    මේ හැම කෘතියකින් ම ආදරයේ බොළඳ බව පසෙකළා ආදරය තුළට ගාම්භීරත්වයක් හා උත්තරීතරත්වයක් ආරෝපණය කරයි. ආදරය තුළ ඇත්තේ බොළඳත්වය පමණකැයි මොරගාන අයට “වානේ පන්නරය ලැබු හැටි” නවකතාවේ පාවෙල් කොර්චාගින්ගේ ආදර ප‍්‍රවෘත්තිය හොඳම උදාහරණයක් සපයයි. ආදරය බොළඳ දේ කියන්නට කරන්නට සමත් සංකල්පයකැයි කියන්නෝ ආදරය නොදනිති. නොහඳුනති. ආදරය යනු සුවිශිෂ්ට පෞරුෂයක නොකළැල් අදහස් පැවසීමට ඇති එකම මාර්ගය බවත් එය අර්ථවත් වන්නේ මව්රටටත් මවටත් දක්වන ආදරය නිසා බවත් අපට පසක් වන සත්‍යයකි. ආදරයට ආදරය කරන්නා මෙලොව ආදරයේ සතුට අත්කර ගනී.

    ඔබ ආදරයෙන් බැඳුණු විට බොළඳ වදන් සමූහයකින් ඔබේ පෙම්වතිය අමතමින් ඈ හා ආදර හසුන් හුවමාරු කරගනිමින් සිටීම ඔබේ සිරිතක් වන්නට ඇත. නැපෝලියන් අධිරාජයා ජොසපින් ආර්යාවට පෙම්හසුන් ලීවේ හරසුන් බොළඳ පෙම් වදන්වලින් නොව තම පෞරුෂයෙන් පිරිහැඟුම්වලිනි.

    බොළඳ හැඟීම්ආදරය යනු බොළඳ හැඟුම් පිරි මංජුසාවක් යන්නැයි කියන්නේ ආදරය විකිණීමට ඉදිරිපත් වන්නෝය. ආදරය කිරීමත් ආදරයට ගෞරව කිරීමත් සැබෑ ආදරවන්තයින්ගේ ජීවිතයට සමීප දෙයකි. ආදර සම්බන්‍ධයක් ගොඩ ගැනීමේදී මමය මාගේය යන හැඟීම ඉස්මතු කරමින් තෙපලන වදන්වල ඇති බොළඳත්වය ඉතා හොඳින් අපට පසක්වන සත්‍යයකි. ආදරය පුළුල් පරාසයක් පුරා දිවයන සංකීර්ණ සංකල්පයක් බව පෙනේ.ආදරයට මුහුණු දෙකක් ඇත. එකක් නම් ලිංගිකාදරයයි. අනෙකනම් පිරිසුදු අධ්‍යාත්මයෙන් නැගෙන්නාවු අකලංක ආදරයයි. ආදරය ජීවිතයේ සැබෑ පැවැත්මට උපකාරී වෙයි. මිනිසාට දිගාසිරි විඳීමටත් රූපසොබාව වැඩිවීමටත්, යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් ආදර සංකල්පය උපකාරීවෙයි.

    වානිජවාදී කලාවආදරයෙන් විහීත මිනිසා ඇවිදින මළමිනියක් වැන්න. ජීවිතයට ආදරය නොලැබුණු විට මිනිසාගේ ස්නායු පද්ධතිය ප‍්‍රකම්පනයට පත්වෙයි. මිනිසා හුදකලා වී ඒ හුදකලාවෙන්ම ඔහුගේ මරණයද ඉක්මන් වනු ඇත. ආදරයට බොළඳත්වය ආරෝපණය කිරීම සිදුවුයේ වාණිජවාදී කලාව හරහාය. වාණිජවාදී කලාව ලොවපුරා පැතිරීමත් සමඟම ආදර සංකල්පයට අතිශය බොළඳ අදහස් ඇතුළු කරනු ලැබිණි. මෙසේ ආදරයට බොළඳත්වය ඇතුළු කිරීමත් සමඟම සිය වාණිජවාදී කලාකෘති විකුණා ගැනීමට කලාමුදලාලිලා උත්සුක වූහ.

    වාණිජවාදී කලාකෘතිවලින් පෙන්වන බොළඳ ආදරය ලෝකයේ ඇති විශිෂ්ටතම ආදරය සංකල්පයයැයි අපේ යෞවන යෞවනියෝ සිතා සිටිති. මේ මුලාව නිසාම ඔවුහු ජීවිත ගමනේ අතරමංව ඕපපාතිකයන් බවට පත්ව සිටිති.විවිධ කර්මාන්තශාලාවලත්, කාර්යාලවලත් දුක්විඳිමින් මිනිසා නිපදවන නිෂ්පාදන වැඩි ප‍්‍රමාණයක් තම ආදර වන්තියන් සඳහා තිළිණ දීමටම ඇති ඒවාය. මෙය මිනිස් සංහතියේ පැවැත්ම ඇරැඹුණු දා සිට පැවත එන්නකි. මිනිසා දිවා රෑ වෙහෙසෙමින් කර්මාන්තශාලාවල දුක්විඳින්නේ ආදර තිළිණ නිපදවීමේ පරමාර්ථයෙනි. ලෝක නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක්ම ආදරවන්තියන් වෙනුවෙන් නිපැයුණු භාණ්ඩ වේ. ගැහැනිය සතුටට පත් කිරීම සඳහා බලය හා පෞරුෂය අත්පත් කර ගැනීමට මිනිසා මහත් වෙහෙසක් දරයි.

    ජීවන සංකල්පලෝකයේ මිනිසා නිපදවන සෑම නිෂ්පාදනයක්ම කේන්ද්‍රවන්නේ මිනිසාගේ ආදර වන්තිය වෙතය. ඈ සතුටු කිරීමටත් ආදරය දිනා ගැනීමටත් මිනිසා ග‍්‍රහලෝක පවා තරණය කරනු ඇත.ආදරයේ අපරිමිත හැඟුම් මිනිසා තුළින් ඉස්මතුවෙද්දී සිය වජ‍්‍ර බුද්ධිය මෙහෙයවා ආදරය දිනා ගැනීමට මිනිසා පොළොව මත මහ සටනක් කරයි. පවුල් කුටුම්බයේ ආදරය රඳවා ගැනීමට මිනිසා නිෂ්පාදන කි‍්‍රයාවලියට සම්බන්‍ධ වනු ඇත. ඔහු ධනබලය සඳහා සටන්වදිනු ඇත. මිනිසාගේ පැවැත්ම පවුල් කුටුම්බයේ ආදරය තුළ ඒකරාශිව පවතියි.අසිරිමත් හිරු එළිය මෙන්ම දිලී ගලා හැලෙන චන්ද්‍රකිණිය මෙන්ම ආදරය යනු පිරිසුදු ජීවන සංකල්පයකි.

    මිනිසාගේ මධ්‍යම ස්නායු පද්ධතියේ ප‍්‍රබෝධයක් අසීමිත ආදර බැඳීම් නිසා සිදුවන බවත් මිනිසාගේ දෛනික කටයුතු පවා ප‍්‍රබෝධමත් වන බවත් බටහිර වෛද්‍යවරු පවසති. ලිංගිකාස්වාදයෙන් පිරි ආදරය යනු කායික ආදරයයි. මෙයින් කාසික සන්තර්පනය පමණක් ඉස්මතු කැරේ. ලිංගිකාදරය ලිංගිකාශාවන් තිබෙන තුරු පමණක් පවතිනු ඇත. එහෙත් අධ්‍යාත්මික පාරිශුද්ධතාවෙන් පිරි ආදරය මිනිසා මිය යන මොහොත දක්වාම පවතින සංකල්පයකි. මියෙන මිනිසකුගේ මරණය පමා කිරීමට තම අතීත ආදර සැමරුම් පවා උපයෝගී වෙයි. ජීවිතාශාව වඩාලීමට ආදරය දිව ඔසුවකි.

    ජීවිතාශාවෙන් තොරවීම ජීවිතය කෙටිකරන අතර ආදරය නිසා ජීවිතාශාවන් ජීවත්වීමේ මහඟු ඵලයක් මිනිසා වටහා ගනී.මිනිස් සංහතියේ පැවැත්ම තීරණය වන්නේ මිනිසා මිනිසාට දක්වන ආදරයේ තරම අනුවය. පොළොව මත කෙටිකාළීන ජීවිතයේ මිනිසා ලබන ජීව ප‍්‍රහර්ෂය, නම් ආදරය කිරීමයි, ආදරය ලබා ගැනීමයි, ආදරය විඳීමයි. ඒ නිසා ආදරය යනු බොළඳ සංකල්පයක් නොව ගැඹුරින් තේරුම් ගතයුතු ප‍්‍රගර්ෂවත් ජීව ප‍්‍රතිභාවකි. ජීව ප‍්‍රවාහයකි.ගිම්ගිහිණි කල මල් පිපෙන්නේ මිනිසාගේ ආදර සංකල්පයටද ආශිර්වාද කරමිනි. සොබා දහමත් මිනිසාට තම වර්ගයාට ආදරය කිරීමට විස්මිත ශක්තිය ලබාදෙයි. මේ යථාර්ථය විනාශ කොට ආදරයට බොළඳ, තොදොල්දේ ඇතුළු කොට ආදර සංකල්පය විනාශ කරන්නේ වානිජ ලෝකයේ අතරමං වු ගන්ධබ්බයෝය. ඔබ ආදරය කරන්න එය හිරුවගේ ගාම්භීර බවත් විල්දියවගේ නිසල බවත් සිතන්න. ඔබ සැබෑ ආදරවන්තයකු වනු ඇත.

    thing-called-love.jpg

    තිලක් පුෂ්ප කුමාර සේනානායක
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >>මිනිසාගේ මධ්‍යම ස්නායු පද්ධතියේ ප‍්‍රබෝධයක් අසීමිත ආදර බැඳීම් නිසා සිදුවන බවත් මිනිසාගේ දෛනික කටයුතු පවා ප‍්‍රබෝධමත් වන බවත් බටහිර වෛද්‍යවරු පවසති

    for me Electronic gives me that pleasure already.And I do the masterbration as a tool
    when the hormone level is up, to release the
    hormones.What I truely love in this life is
    Electronics.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔබ 100% හරි. අද කාලේ තරුණ තරැණියන් ආදරය යන ස0කල්පය වරදවා වටහාගෙන තිබෙනවා. ආදරය යනුවෙන් අදහස් කරන්නේ තම වර්ගයා බෝකර ගැනීමට උදව් වෙන ආකර්ශණයක් නොව තවත් පුද්ගලයෙකු ගැන තමාගේ සිතේ පතුලෙන් ඇතිවන පිවිතුරු හැඟීමක්. ආදරය යන්න නිවැරදිව වටහාගැනීමෙන් අද තරුණ පිරිස මුහුනපාන බොහෝ ගැටලු විසඳා ගත හැකියි.
    :yes::yes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔබ 100% හරි. අද කාලේ තරුණ තරැණියන් ආදරය යන ස0කල්පය වරදවා වටහාගෙන තිබෙනවා. ආදරය යනුවෙන් අදහස් කරන්නේ තම වර්ගයා බෝකර ගැනීමට උදව් වෙන ආකර්ශණයක් නොව තවත් පුද්ගලයෙකු ගැන තමාගේ සිතේ පතුලෙන් ඇතිවන පිවිතුරු හැඟීමක්. ආදරය යන්න නිවැරදිව වටහාගැනීමෙන් අද තරුණ පිරිස මුහුනපාන බොහෝ ගැටලු විසඳා ගත හැකියි.
    :yes::yes:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔය මහලොකු ආදරය කියන්නෙ වර්ගයා බෝකිරීමට ඇතිවෙන පොඩි motivation එකක් විතරයි
    මිනිස් පැටව් පොඩි කාලෙ ඉඳල අවුරුදු 15ක් විතර යනකන් හොදට බලාගන්න ඕන.. (අනිත් සත්තුන්ගෙ පැටව් වගේ නෙමෙයි.. හරක් පැටව්, බලු පැටව් වගේ නම් මාස 6ක් විතර යනකොට ඔක්කොම පුලුවන් වෙනවනෙ) ඒක නිසා මිනිස් ගෑණු සතයි මිනිස් පිරිමි සතයි පැටියත් එක්ක අඩුම තරමින් ඌ ලොකුවෙනකන්වත් එකට ඉන්න ඕන.. නැත්නම් මිනිස් ජාන පරම්පරාවට අනිත් සත්ව ජාන පරම්පරාවන් වලට සාපේක්ශව කෙල වෙනව.. ඔන්න ඔය නිසා තමා මිනිස් ගෑණු සතයි මිනිස් පිරිමි සතයි ආදරය කියන screen එකට මුවාවෙලා එකට ඉන්න විදිහට හැදිල තියෙන්නෙ
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඔබ 100% හරි. අද කාලේ තරුණ තරැණියන් ආදරය යන ස0කල්පය වරදවා වටහාගෙන තිබෙනවා. ආදරය යනුවෙන් අදහස් කරන්නේ තම වර්ගයා බෝකර ගැනීමට උදව් වෙන ආකර්ශණයක් නොව තවත් පුද්ගලයෙකු ගැන තමාගේ සිතේ පතුලෙන් ඇතිවන පිවිතුරු හැඟීමක්. ආදරය යන්න නිවැරදිව වටහාගැනීමෙන් අද තරුණ පිරිස මුහුනපාන බොහෝ ගැටලු විසඳා ගත හැකියි.
    :yes::yes:

    :D
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔය මහලොකු ආදරය කියන්නෙ වර්ගයා බෝකිරීමට ඇතිවෙන පොඩි motivation එකක් විතරයි
    මිනිස් පැටව් පොඩි කාලෙ ඉඳල අවුරුදු 15ක් විතර යනකන් හොදට බලාගන්න ඕන.. (අනිත් සත්තුන්ගෙ පැටව් වගේ නෙමෙයි.. හරක් පැටව්, බලු පැටව් වගේ නම් මාස 6ක් විතර යනකොට ඔක්කොම පුලුවන් වෙනවනෙ) ඒක නිසා මිනිස් ගෑණු සතයි මිනිස් පිරිමි සතයි පැටියත් එක්ක අඩුම තරමින් ඌ ලොකුවෙනකන්වත් එකට ඉන්න ඕන.. නැත්නම් මිනිස් ජාන පරම්පරාවට අනිත් සත්ව ජාන පරම්පරාවන් වලට සාපේක්ශව කෙල වෙනව.. ඔන්න ඔය නිසා තමා මිනිස් ගෑණු සතයි මිනිස් පිරිමි සතයි ආදරය කියන screen එකට මුවාවෙලා එකට ඉන්න විදිහට හැදිල තියෙන්නෙ


    mole thiyena koluwek :yes: