ආදර්ශවත් කාන්තාවක්...
https://www.facebook.com/lankaenews/photos/pcb.859210380810795/859210110810822/?type=1&theater[/URL]
සේයාරැවෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ දිරිය මිත්තණියකි. වාසය කරන්නේ පොලොන්නරුවේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේය. ඇය නමින් රාණි කුමාරි වේ. වයස අවුරුදු 68 කි. දරුවන් 6 දෙනෙකුගේ මවකි. මුණුපුරු මිණිපිරියන් රැසක අත්තම්මා කෙනෙකි. නමුත් ඇය තරුණියක මෙන් ජවසම්පන්නය. ධෛර්ය සම්පන්නය. ඇය තමන් විසින්ම වගා කරන ගොඩ මඩ දෙකම අයත් ගොවිපොලේ වපසරිය අක්කර 5 කි. කුඹුරේ වැඩද, කොරටුවේ වැඩද, හරකා බානේ වැඩද ඇය තනියම කරන්නීය. ඇයගේ ගොවිතැනේ වෙනසක් තිබේ. එනම් ඇය ස්වභාවික කාබනික පොහොර මිස කෘතිම පොහොර තම ගොවිපොලට භාවිතා නොකරයි. කිසිදු කෘමි නාශකයක් භාවිතා නොකරයි. ඇය කුඹුරේ වපුරන්නේ ද නව වී නොව පැරණි වඳ වීමට මුහුණ පා තිබෙන පැරණි වී වර්ගයන්ය.
68 වැනි වියේදීත් ජීවිත අරගලයට ශක්තිමත්ව මුහුණ දී සිටින රාණී ද විශ්‍රාම ලත් ග්‍රාමසේවක නිලධාරිනියක් වීම තවත් විශේෂත්වයකි.
අඩ නිරුවත් ගැටිස්සියන්ගේ සේයාරූ පලකර තම මාධ්‍ය අලෙවි කර ගැනීමට උත්සාහ කරන යුගයක ලංකා ඊ නිව්ස් රාණි කුමාරි නම් අපේ යුගයේ “දහිරිය රාණි“ මිත්තනියගේ සේයාරූ කිහිපයක් මෙහි පළකරමින් ඇයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. ඇයට අවශ්‍ය උදව්වක් ලබා දෙමින් ජාතියේ ගෞරවය ලබා දීම බලධාරීන්ගේ යුතුකමකි.
(ලංකා ඊ-නිව්ස්)