ආදරේ එහෙමයි...

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මට හිතට වැදුනු පට්ටම මෙව්ව 1ක්...:)


    A\L කෙලවුනු නිසා පලවෙනි පාර
    ආවෙමි නුගේගොඩ පන්ති යන්න
    බැහැරින් ආ නිසා මිතුරන් නෑ තාම
    තනියමයි සිටියේ පන්ති තුල හැමදාම

    අන්තිම පේලියක තනියම සිටිනා විට
    දු‍ටුවෙමි රුවැත්තියක් අපේ පන්තිය තුල
    මොන මොනවාදෝ කල්පනා කරයි ඇය
    ගණන් සදා අවසන් කොට
    දැක්කාය ඇය මගේ ඇස් ඇත්තේ ඇය දෙසට බව
    අහල බැලුවාය සැණේකින් මුහුණ අදුරු කර
    මන් මටම සිනා සෙමින් බැලුවා කලු ලෑල්ල දෙස

    ලැබුනා interval අප හට සර්ගෙන්
    පැන්නා හනික කැන්ටිම දෙසට
    හෙන පොරයකි එතන..
    කරුමෙට කෑමත් අවසන්ව ඇත.
    පියමැන්නා නැවතත් පන්තිය තුලට
    අද බඩගින්නේය දෙක පසුවනු තුරු

    කෙනෙකු වාඩි වනු මා දැනුනි මා අසල
    ඔබ සිටි buger ‍රැගෙන මා ලගම
    සිනා සෙමින් දුන්නා 1ක් මාහට කන්නටය කියා
    බඩගිනි තිබුනු නමුත් මට
    සිතුනේ නැත කන්නට ඇයගේ කෑම එක
    කිව්වා මට බඩගිනි නැතිය...
    අදුරු උනා ඇයගේ මුහුණ
    burger දෙකම දැම්මා බෑගය තුලට
    ඇසුවා මා ඔබ කන්නේ නැද්ද කියා??
    කිව්වා ඇය, කන්නට බැරිය මට වෙන කෙනෙකුන් බඩගින්නේ සිටින කල
    කනවා නම් කමු අපි දෙන්නාමය කියා..
    සිනා සුනේමි මම එහෙනම් අපි කමුය කියා

    එතැන් පටන් ඇරබුනු අපේ මිතුරුදම
    සවිමත් වුනා මද කලක් යන විටම
    ආගන්තුක නිසා මා මේ නගරයට
    ඇය මට උදව් කලා නිරතුරුව

    සොදුරු රුවැතියකි ඇය අඩු නැතුව
    කොල්ලන් නිතර පැමිණේයි ඇය පසු පසම
    ඇසුවත් මා සිතින් ඇය මගේ කවුරුන්ද කියා
    සිත ගොලුයි ඇය සි‍ටු කුමරියක් නිසා
    මා වැනි කොල්ලෙකු ඇය හට මැච් වෙන්නේ නැතිය කියා
    යටපත් කලෙමි මගේ ප්‍රේමය පවසන්නේ නැතිය කියා

    කල් ගතවුනා අප දෙදෙනා සමග
    පාඩම් කලා නිරතුරුව අප
    ඇය මට ලoවනු දැනේ
    එනමුදු මොලය පවසයි ඇය මට හිමි නැතිය කියා
    ඇගේ ආදරය දැනෙයි සිත කලබා

    ගෙදර ගිය කලට මම
    පැවසුවෙමු අම්මාට ඇය පිලිබදව
    සිනා සුනු නමුදු අම්මා මා සමග
    ඇය බිය වෙලා දැහැමි සි‍ටු කුමරියක් නිසා

    අමතක කරන්නට හැදුවත් මම දැහැමීව
    නොහැකිය එය කරන්නට ඇගේ ප්‍රේමය බලගතුය

    එක් දිනක මගේ phone එක වැඩ නොකරන කල
    ගත්තාය ඇය අපේ ගෙදරටම.
    ඉස්සුවේ phone එක අපේ අම්මාය
    ඇය බය වෙලා මගේ phone එක වැඩ නොකරනා නිසා
    අම්මා ඇය හා දොඩමලුය
    අම්මා පවසයි ඇය හොද ලමයෙකුය කියා
    දුවලා නැතත් මට, අම්මේ කියයි මේ දරුවා කියා..

    කාලය ගතවුනිය විභාගය දැන් අවසන්ය
    මම පැමිණියා නැවතත් මගේ ගෙදර බලා
    හැඩුවා ඇය මා බදාගෙන,
    සිම්බා මගේ හිස ඇය ආදරයෙන්
    සැමදාසේ එදත් සිටියෙමි මා අසරණයෙන්

    කාලය ගතවුනා,මා ඇයගෙන් ඈත් වුනා..
    ඇය හැර ගියා ලන්කාවම එදින...
    මිතුරන් බනී මට ‍තෝ මහ මොඩයෙක් කියා.
    අම්මා කියයි දැහැමිගේ වගේ ආදරයක් නොලැබෙනා බව
    අමතක කරමි මේ සියල්ල මම

    බොහෝ කල්ය දැන් මේ සියල්ලට
    මම සිටියේ දැන් උසස් අධ්‍යපානය තුල
    ආවා අලුත් යුවතියක් අපේ බැජ් එකට
    ඇය මිතුරයකි දැන් මාගේ හොදම
    නැගුනු ප්‍රේමය ඇය කෙරෙහි මගේ
    පැවසුවා එක් දිනක මම
    ටික දවසකින් ඇගේ පිලිතුර ලැබුනා
    අප පෙම්වතුන්ය දැන් බැජ් එක දන්නා.

    මට සිරාවි ඇත මේ ප්‍රේමය බොක්කටම
    පෙම් කලා ඇයටම සෑම දින.
    වෙනසක් දැනෙන විට ඇයගේ
    හිත මගේ රිදේයි කාටත් රහසේ

    බධා ගොඩකි අප දෙදෙනාට
    ම්තුරන් කියයි ඇය වෙනස් වන බව ඉක්මනට
    අම්මා කියයි,වැඩි බලා පොරොත්තු ඕනැ නැතිය කියා
    කවුරුන් කිවත් කුමන කතා
    මට වැඩක් නැත එවා
    අමතක කරා දමා ඒ බයිලා
    තව පෙම් කලෙමි ඇයටම තුන් සිත බන්දා

    කල් ගත්වුනා ඉක්මනට
    දැනුනා ඇය වෙනස් බව
    පෙරට වඩා සෑහෙන්න
    ඉවසා සිටියෙමි ඇයට වැඩ බහුලයිය කියා
    නමුදු ඇගේ වෙනස් බව තවදුරටත් වැඩිවි
    අප දෙදෙනා තව දුරටත් ඈතට වී

    සිටිනා විට මා බෝඩිම තුලම
    ආවා ඇයගෙන් පණිවිඩයක් මෙමට
    තිබුනා එහි අපි කතා යුතුය කියා
    හැගුනා අපේ ආදරයට තිතක් කියා
    වෙන් වුනා අප දෙදෙනා
    සිත මහ දුකකි දරාගැනිමට නොහැකා

    මිතුරන් බනි මට සොදට
    කිව්වා නේද ඕක වෙන බව අප පෙරදිනම
    දැහැමිට දුන්න දුක දැන් තොට පල දුන්නා
    දැන් විදවපන් යකෝ එ පව උබම
    ඇත්තකි ඔවුන් පවසන්නේ
    දැහැමිගේ ආදරයට දුන්නු
    දුක තමා මේ පල දුන්නේ

    අමතක කර නොහැකි වුවත්
    මට අපේ ආදරය
    පිස්සෙක් නොවෙමි නන්ගියේ මා නම්
    ඔබ ගියා කියා දුක ඇතිමුත් සිත තුලම
    සැනසීමකි එක් පවක් ගෙව්වා නිසා
    මට ඇති සැනසීම වැඩ පමණක්ය දැන් නම්

    ලෙක්චර්ස් ඉවරවි එක් හැන්දැවක
    ඇවිදෙමි ගාලු පාර දිගේ
    BMW 1ක් නැවතුනා එකවර මා අසල
    බලනා විට එය දෙස
    රියදුරු අසුනේ දැහැමි සිටි සිනා සෙමින්
    පුදුමයකි ඇය දැකුම
    "බය වෙලා ඉන්නේ නැතුව නගින්නයැයි" ඇයම කියයි
    නැගුනි මම වාහනය තුලට.
    තවමත් මගේ මුව ගොලුය මේ පුදුමේන්ම
    තවත් ඇය සුන්දරවි ඇති බව පෙනේ
    ඇගේ පින් පාට තවත් වැඩිවි ඇති හැඩකි

    වාහනය හැරවුවා අපේ සුපුරුදු අවන්හල වෙත
    පියමැන්නා අපි එකට.
    වාඩිවුනා අපේ පුරුදු මේසයෙම
    වෙනදා සේම ඇය ගියා කෑම ගෙන එන්නට.
    ඇය අත buger සමග අයිස් කෝපිය..
    මගේ කැමතිම කෑම
    තිගැස්සුනේමි මම..ඇයට තවමත් මේවා මතක නිසා
    "තාමත් මතකද?' ලේ පිරුනා සුදු මුහුණට
    රවමින්ම මට පැවසුවා
    "මම ජිවිතේ කිසි දෙයක් අමතක කරන කෙල්ලෙන් නෙමෙයි අයියේ" කියා
    ගොලුවුනේමි නැවතත් මා පෙර ලෙසම

    කතා කලා අප බොහෝ දේ..
    අවසානයේ ඇසුවා මා එක ප්‍රශ්නයක්
    "දැන් bf කෙනෙක් ඉන්නවාදා ??" කියා
    එබුනා ඇය මාගේ දෑස් තුලටම...
    කිව්ව මට
    "මම ජිවිතේ ආදරේ කරේ එක්කෙනෙකුට විතරක් කියා"
    සසල වුනෙමි මම අන් කවරදාටත් වඩා.
    ඇගේ නිකලැල් ප්‍රේමය අහිමි කරගත් පව්කාරයා මමම නිසා

    ඉතින් සොදුරිය,
    ඔබේ ආදරය, මහ සෙනෙහස ඉදිරියේ කුරා කුහුබුවෙකි මම
    කෙසේ ඔබේ දෑස් දෙස බලා කතා කරන්නද මම
    සාමාන්‍ය කෙල්ලන්ද වෙනස් වෙන මේ ලොව තුල
    ඔබ වැනි සුන්දර දෙව්ලියක්, සි‍ටු කුමරියක් වෙනස් නොවු අරුමය කිම
    අවසන දැනෙන දේ නම් මා හට
    ආදරය ගැන මා දන්නේ මොනවාදැයි කියා.......

    (බුකියෙන් ඉස්සුවෙ)
     
    Last edited:

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    oka koi loke una ekakda ban??? oya liyapu ekata aharawapan ban.thama hina balanawa athi :D oma kello inawanam bariya.karanna puluwan hama udauwakma karala pana yanna adare karalat ewai kisima ganak natuwa yanna hitunama yana kello inna me loke oma kello na bannnnnnnnnnn...... bdw winadi 10kata wage mawat oya hineta yauwata hena thanks :D