මැසේජ් එක එව්වේ දේවානම්පියතිස්ස වෙන්නැති මුවා හොයන්නmwah!
කට්ටියම දන්නවනෙ ඔය මල් කඩද්දි කිස් කරන එක ලියන්නෙ MWAH කියලනෙ.....මේක වුනේ මගෙ පිරිමි යාලුවෙක්ට! ඉස්සර කෙල්ල ඉන්න කාලෙ. මිනිහ ඉස්සර හිටියෙ ගොඩක් ගම්බද කෙල්ලෙක් එක්ක. කෙල්ලනම් ශේප් එකේ ඉන්නව, ඒත් අම්මල ගොඩක් පරණ විදිහට හිතන, ගම්බද කට්ටිය.
මුන් දෙන්නත් එකසිය ගානට මල් කඩල, අන්තිමට ඔක්කොම් ඩිලිට් කරනව. මොකද කෙල්ල මල් කඩන්න පාවිච්චි කලේ තාත්තගෙ ෆෝන් එක!
ඉතින් රෑට කෙල්ල හොරෙන් ෆෝන් එක අරන් ඇවිත් මල් කඩල, රෑ 12ට 1ට බායි කියල, මෙසේජස් ඔක්කොම මකල, ෆෝන් එක තාත්ත ගාව තියල එනව.
ඔන්න ඉතින් ප්‍රේමය උත්සන්න වෙච්ච දවසක, දෙන්න ගොඩක් වෙලා කතා කරල, ෆෝන් එක තාත්ත ගාවෙන් තියන වෙලාව ආවලු. දැන් ඉතින් කෙල්ලත් ඔක්කොම මෙමරි මකල, තාත්ත ලඟින් ෆෝන් එක තියෙල ආවලු.
එදා උදේ පාන්දර මාර සීන් එක. තාත්ත කෑම මේසෙදි අම්මට කියනවලු,
"මේ බලන්න මට වෙන නම්බරේකින් මෙසේජ් එකක් ඇවිල්ල්ල..."
"මොනවද කියල තියෙන්නෙ?" අම්ම අහනවලු.
"මොකද්ද අමුතු වචනයක්.....ඉන්න....මුවාහ්??? ඒ මොන මගුලක් ද ඒ???"
දැන් ගෙදර හෙන ප්‍රශ්ණෙ. කෙල්ලට හීන් දාඩිය දාල.
"අනේ ඕක අතඇරල දාන්න.....මොකක් හරි වැරදිල ආපු එකක් වෙන්න ඇති..."
අම්ම කිව්වලු.
අපේ අම්මල නම් ඔය වචනෙ තේරුම හොඳට දන්නව.......ඒත් තාම ඒ කෙල්ලගෙ අම්මල ඕව දන්නෙ නෑ ලු!!!!

ආදරය සුන්දර වළදකි...
කිසිදා උයන්නට නම් බැරි ..
මට පෙන්නලා වලදේ හැටී...
ගා ගත්ත දැළි හොදටම ඇති ...
මම කෙල්ලන්ට කැමතිම නෑනේ




අයි වෝස් කන්ෆියුස් අබවුට් දිස්.. රියරි??? 













මාර කොල්ලෙක් තමය් මොනවා උනත්..............එච්චර ගානක් වියදම් කරලා..........තවත් සිද්දියක් තමයි මේ.
එදා මම ලංකාවෙන් පිටත් වුන දවසට කලින් දවස. කට්ටියම යමරෙට වැඩ. ඒ දවස්වල අපේ ගෙදර වත්තෙ වලලපු හූනියමක් අහුවෙලා කට්ටිය තක්බීර් වෙලා හිටියෙ. දැන් ගෙදර එක විකාරයයි.......අම්මල දුව දුව බඩු ටික පැක් කරනව. බර බලනව......ආයෙ අඩු කරනව.......ඔහොම ඉඳිද්දි තමයි අපෙ අම්ම දොර ගාවට ගියේ.
එදා ගෙදර හෙන සෙනගක් හිටිය. අපෙ මල්ලි කෙනෙක් දැකල පොඩි පාර්සලයක් තියෙනව දොර ගාව. දැන් අපෙ අම්මත් ගිහින් බැලුව. චූටි හුරුබුහුටි පාර්සලයක්......දැන් කට්ටියට යන ගමනත් සිහියක් නෑ. පාර්සලේ වටේට වට වෙලා. ඒ අස්සෙ ආච්චි කෙනෙක් කෑ ගහනව,
"දුවේ ඕක අරින්නෙපා.....හූනියමක් ද දන්නෙ නෑ නෙ! පොඩි දුව යන්න කියල ඉඳිද්දි..."
එතන කලබලේ වැඩි කමට මාත් දුවගෙන ආව. ඔන්න ඒ පාර අපෙ අය්ය නාහෙට අහ්න්නෙ නැතුව, "හරිනෙ, මම මේක ඇරියොත් මටනෙ හූනියම වැදෙන්නෙ" කියල පෙට්ටිය ඇරිය. දෙය්යනේ ලස්සන රිදී පාට කරාබු දෙකක්........එතන චූටි කොලයකුත් තිබ්බ. ඒකෙ ලියල තිබ්බෙ,
"අචින්ත්‍යා මේක ඔයාට" කියලා පොඩි ලියුමක්. ඒකෙ තිබ්බෙ ලියන එක්කෙනා මට කොච්චර ආදරේද කියල. මගේ අය්යට බකස් ගාල හිනා ගියා.
"තමුසෙට ලව් කරන්න ඌට පිස්සුද මන්ද" කියල අය්ය හිනාවෙවී ගියා.
මට හිතාගන්න බෑ ඒක දුන්නෙ කව්ද කියල. හරිම ලස්සනයි. ඒත් මගෙ කන විදල නැති නිසා ඒ දෙක දාන්න බෑ. ඒවට අම්ම මොනවා කලා ද දන්නෙ නෑ.
ඒත් ඒ වෙලාවෙ මට හිතුන මගෙ ගැන හිතන අයත් ඉන්නව නේද කියල. කවුරු වුනත් ඒ වෙලාවෙ එයා මගෙ මූනට හිනාවක් ගෙනාවා.![]()


මාර කොල්ලෙක් තමය් මොනවා උනත්..............එච්චර ගානක් වියදම් කරලා..........![]()
අනේ මන්ද.......පව් හැබැයි.......


දැං තාම හොයා ගන්ට බැරි උනාද ඒ පුද්ගලයාව ??![]()