ආදරේ කරද්දි වෙන පිස්සු වැඩ!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැරිවුනා..........අනික එක්කෙනෙක් දැන් මට ඉන්නවනෙ!

    ආ .... එහෙමද.... හොදයි හොදයි... අතීතය සිහිනයක් පමණයි එහෙනං... සුභ පැතුම්... ! :)
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    තවත් සිද්දියක් තමයි මේ.

    එදා මම ලංකාවෙන් පිටත් වුන දවසට කලින් දවස. කට්ටියම යමරෙට වැඩ. ඒ දවස්වල අපේ ගෙදර වත්තෙ වලලපු හූනියමක් අහුවෙලා කට්ටිය තක්බීර් වෙලා හිටියෙ. දැන් ගෙදර එක විකාරයයි.......අම්මල දුව දුව බඩු ටික පැක් කරනව. බර බලනව......ආයෙ අඩු කරනව.......ඔහොම ඉඳිද්දි තමයි අපෙ අම්ම දොර ගාවට ගියේ.:):)

    එදා ගෙදර හෙන සෙනගක් හිටිය. අපෙ මල්ලි කෙනෙක් දැකල පොඩි පාර්සලයක් තියෙනව දොර ගාව. දැන් අපෙ අම්මත් ගිහින් බැලුව. චූටි හුරුබුහුටි පාර්සලයක්......දැන් කට්ටියට යන ගමනත් සිහියක් නෑ. පාර්සලේ වටේට වට වෙලා. ඒ අස්සෙ ආච්චි කෙනෙක් කෑ ගහනව,

    "දුවේ ඕක අරින්නෙපා.....හූනියමක් ද දන්නෙ නෑ නෙ! පොඩි දුව යන්න කියල ඉඳිද්දි...":shocked::shocked:

    එතන කලබලේ වැඩි කමට මාත් දුවගෙන ආව. ඔන්න ඒ පාර අපෙ අය්ය නාහෙට අහ්න්නෙ නැතුව, "හරිනෙ, මම මේක ඇරියොත් මටනෙ හූනියම වැදෙන්නෙ" කියල පෙට්ටිය ඇරිය. දෙය්යනේ ලස්සන රිදී පාට කරාබු දෙකක්........එතන චූටි කොලයකුත් තිබ්බ. ඒකෙ ලියල තිබ්බෙ,

    "අචින්ත්‍යා මේක ඔයාට" කියලා පොඩි ලියුමක්. ඒකෙ තිබ්බෙ ලියන එක්කෙනා මට කොච්චර ආදරේද කියල. මගේ අය්යට බකස් ගාල හිනා ගියා. :frown::frown::frown:

    "තමුසෙට ලව් කරන්න ඌට පිස්සුද මන්ද" කියල අය්ය හිනාවෙවී ගියා.:growl::growl:

    මට හිතාගන්න බෑ ඒක දුන්නෙ කව්ද කියල. හරිම ලස්සනයි. ඒත් මගෙ කන විදල නැති නිසා ඒ දෙක දාන්න බෑ. ඒවට අම්ම මොනවා කලා ද දන්නෙ නෑ. :sorry::sorry:

    ඒත් ඒ වෙලාවෙ මට හිතුන මගෙ ගැන හිතන අයත් ඉන්නව නේද කියල. කවුරු වුනත් ඒ වෙලාවෙ එයා මගෙ මූනට හිනාවක් ගෙනාවා.:yes::yes:
    e kiyanne oyage nama achinthya...hehehehe