ආදරේ~කාටද?

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ


    ආදරේ~කාටද?



    ’මේ ලෝකෙ ඉන්න පිරිමි ඔක්කොම මහා තිරිසන්නු.’ චාන්දනී කෝපයෙන් කීවේ තම සැමියා දෙස බලමිනි.
    ’හොඳයි, එහෙනම් මොකටද ඔයා මාව කසාද බැන්දෙ?’ කුමාරසිරි ඇසුවේ තම බිරිඳ දෙස සාවඥ සිනාවක් පාමිනි.
    ’මම සතුන්ට ආදරෙයිනෙ, ඒකයි.’ චාන්දනී ගස්සාගෙන කුස්සියට යන ගමන් කීවාය.



    බැලුවා නම් Bump එකක් හරි දිලා යන්න
    නැත්නම් හරි නෑ නේ
    :P


     
    • Like
    Reactions: kandya

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    කොහොම කෙනෙක් ද?

    රණසිංහ, තම බිරිඳ සුනන්දා බස් රථයට ඇරලවා ආපසු නිවෙසට ගොඩවෙත්ම ඔහු වෙත පැමිණි තරුණයකු මෙසේ කීවේය.
    ’රණසිංහ මහත්තයා, මං කැමැතියි ඔහේගෙ දුවව කසාද බඳින්න.”
    ඔහුගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා තියුණු බැල්මක් හෙළූ රණසිංහ මෙසේ කීවේය.
    ’හොඳයි, මෙන්න මේ පොතේ ඔහේගෙ නමයි, ටෙලිෆෝන් නොම්මරෙයි ලියලා යන්ඩ. වෙන හොඳ කෙනෙක් ආවේ නැත්නම් අපි ඔහෙ ගැන සලකලා බලන්නම්.’
    :D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මොකද කරන්නෙ?

    ’මේ දත් කැක්කුම හින්දා මට දැන් මුළු රෑම නින්ද යන්නෙ නැහැ දොස්තර මහත්තයො. අනේ මං මොකද කරන්නෙ?’ දන්ත ශල්‍යාගාරය වෙත ආ කොළඹගේ වේදනාවෙන් ඇසීය.
    ’ඉතින් ඔහේට ලේසියෙන් ම පුළුවන් නෙ රෑ මුර වැඩක් කරන්ඩ.’ දත් දොස්තර කීවේය.

    :confused::P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    වාසනාවන්ත සැමියා


    ’අපි බැඳලා දවස් දහයෙන් මගෙ මහත්තයා හදිසියෙම අන්තරා වුණා.’ ධම්මිකා තම නව සේවා ස්ථානයේදී තම ආසන්නතම ප්‍රධානියා වන කරුණාරත්න මහතා සමඟ පැවසීය.
    ’එහෙම නං එයාට වැඩි දුකක් විඳින්න වෙලා නැහැ.’ කරුණාරත්න කට කොනකට සිනාවක් නඟා ගනිමින් කීවේය.


    :sorry:;)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    කොච්චර ඕනෙද, සුදු?


    ගිණුම් අංශයේ ප්‍රධාන ලිපිකාරිනිය වන අනුලාට තම ප්‍රධානියා ගේ උපදෙස් පරිදි විගණන වාර්තාවක් සකස් කිරීමට අවශ්‍ය විය. එය සකස් කිරීමට අවශ්‍ය හාෆ් ෂීට්ස් ඇය සතු නොවූයෙන් ඇය වීරකෝන් අත ගබඩාවේ චන්ද්‍රසිරි මහතාට මෙසේ සටහනක් ලියා යැවීය.
    ’සුදු කඩදාසි ටිකක් එවන්න.’
    ’ඇයි වීරකෝන්, කෝ හාෆ් ෂීට්?’ අනුලා ඇසුවේ හිස් අතින් ආපසු එන වීරකෝන් දැකීමෙනි.
    ’අනේ මන්දා, ගබඩාවේ මහත්තයා මේක ආපහු දුන්නා.’ වීරකෝන් කඩදාසිය අනුලා වෙත දිගු කරමින් කීවේය.
    ’කඩදාසි කොච්චර ඕනෙද, සුදු?’ ගබඩාවෙන් එහි සටහන් කොට තිබුණි.


    :rolleyes::D