ආදරේ කියන්නේ මෙන්න මෙකට්යි

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ආදරේ කියන්නේ මෙන්න මෙකට්යි

    මචන්ලා මෙක කියවල උබල මට මට කියපල්ල සිරාවටම බොක්කට වැදුනද නැද්ද කියල, මෙකයි ඇත්ත ආදරේ!!!!

    අපේ සන්ද්‍යා පන්තිය.අපේ මනෝවිද්‍යා දේශක තුමා දේශනාගාරයට ඇතුලු වුනේ ම අද අපි අමුතු පාඩමක් කරමු කියාගෙන…අපි ට ඒ වචන ටික කාලෙකට පස්සේ අලුත් ම අත්දැකීමක්…සර් ඕනම කෙනෙක් ට ස්වකීය කැමැත්තෙන් ම ඉදිරියට එන්න කිව්වා.මගේ මිතුරියක් වුණ මට වඩා වයසින් ටිකක් විතර වැඩිමල් තාරින්ඳී පන්තිය ඉදිරියට ගියා.අපි ඇයට අත්පොලසන් දුන්නා.
    සර් ඇයට ඇගේ ජීවිතයේ වැදගත් පුද්ගලයන් තිස් දෙනෙක්ගේ නම් කලු ලෑල්ලේ ලියන්න කියුවා.එයා එයාගේ පවුලේ අයගේ නම්, කැම්පස් යාලුවන්ගේ නම්, වෙනත් යාලුවන්ගේ, නෑදෑයන්ගේ,අසල්වැසියන්ගේ නම් ලියාගෙන ගියා.
    සර් මුලින්ම එයින් නම් තුනක් ඉවත් කරන්න කිව්වා.ඇගේ යහලුවන් තුන් දෙනෙක්ගේ නම් ඉවත් කලා.ඊට පස්සෙ සර් තව නම් පහක් අයින් කරන්න කිව්වා..ඒ විදියට අන්තිමට කලු ලෑල්ලේ නම් හතරක් ඉතුරු වුනා.ඒ ඇගේ දෙමව්පියන්ගේ නම් සහ සැමියගේ මෙන්ම ඇයගේ එකම පුතාගේ නම…සර් ආයෙත් නම් දෙකක් ඉවත් කරන්න කිව්වා..ටිකක් කල්පනා කරපු ඇය ඇගේ දෙමව්පියන්ගේ නම් ඉවත් කලා..
    ඊලගට වෙන දේ හිතාගන්න බැරිව අපි ගල් ගැහිලා බලන් හිටියේ.
    සර් ආයෙත් තවත් නමක් ඉවත් කරන්න කිව්වා.ඇගේ ඇස් වලින් කදුලු පැන්නා..ඊලග තේරීම ඇයට ගොඩක් අපහසුයි.ටික වෙලාවකින් තාරින්ඳී එයාගේ පුතාගේ නම කලු ලෑල්ලෙන් ඉවත් කරලා දැම්මේ කදුලු වැක්කෙරෙන ඇස් වලින්.
    ඇය සංවේදී වැඩි වුණ නිසා සර් ඇයට ඉදගන්න කිව්වා ආයෙත් වතාවක්.
    ඇයි තාරින්දී එහෙම කලේ? ඔයාට අමතක ද? ඔයාගේ දෙමව්පියන් දෙන්නා ඔයාට ඒ තරම් නොවැදගත් වුනාද?ඔයාට ජීවිතේ දුන්න, ඇස් දෙක වගේ හදාවඩා ගත්ත අම්මයි තාත්ත යි.ඔයා වෙනුවෙන් මේ ලෝකේ ලොකුම කැපවීම කලේ ඒ දෙන්නා..ඒ විතරක් නෙවී ඔයගේ පුතා කියන්නේ ඔයා ජීවිතේ දුන්න කෙනා.නව මාසයක් දුක් විදලා මේ ලෝකෙට බිහි කරලා ලේ කිරි කරලා පොවපු ,දුක් මහන්සියෙන් ඇති දැඩි කරන ඔයගෙම දරුවා.ඔයා තමන්ගෙම කියලා දරු සුරතල් බලපු එකම පිරිමි දරුවා ඒ! ඔයාට සැමියෙක් නම් ආයෙත් වතාවක් හොයාගන්න ඒ තරම් අපහසු නැහැ නේ ද?
    සර්ගේ ඊලග ප්‍රශ්නෙට තාරින්දිගේ උත්තරේ අපිත් නොයිවිසිලිවන්තව බලාපොරොත්තු වුනා.
    සර් මම ඇත්තට හරි ආදරෙයි.ගොඩක් වෙලාවට මගේ දෙමව්පියන් මට කලින් ජීවිතෙන් සමුගනිවී.මගේ දරුවා එයාට දන්න තේරෙන කාලෙදී එයාගේ ජීවිතේ හොයන් යාවී.මට නතර කරන්න බැරි යථාර්තය ඒ.ඒත් මට හොදටම විශ්වාසයි මගේ අන්තිම හුස්ම තෙක්ම මගේ සැමියා මම වෙනුවෙන් පෙනීසිටියි කියලා..මම වෙනුවෙන් කතාකරයි කියලා.මම ආරක්ෂා කරයි කියලා..මම රැකබලා ගනී කියලා.මගේ සතුට ට වගේම කදුලටත් මගේ සැමියා හැමදාමත් හේතුවක් වෙයි.මම හිනාවෙන හැම වෙලේම ඔහු මගේ ලග නැතුවට මගේ ඇස් වලට කදුලු ආපු හැම වෙලේම ඔහු මගේ ලග හිටියා.ඉදිරියටත් එහෙම ඉදියි කියලා මට හොදටම විශ්වාසයි.මම ඒ ඇත්තට හරි ආදරෙයි සර්…!!!
    මුලු පන්තියම අත්පොලසන් දෙන්න පටන් ගත්තා.දෙවියන් විසින් ගැහැනුන් සහ පිරිමින් අතර එවැනී වූ දැඩී ආත්මීය සම්බන්ධතාවක් ඇති කලේ මෙවැනි වූ පුළුල් අරුත්බර සම්බන්ධතාවන් පිනිස ම ය.තවද පුද්ගලබද්ධ ප්‍රේමය අවස්ථානුකූල හැර යෑම් පිනිස නොවිය යුතු ම ය.ඔබ ද එයට වටිනාකමක් එක් කරන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    කතාවේ හොඳ තේරුමක් තියෙනවා.
    ඒත් අවසානයේ කියලා තියෙන විදිහට දෙයියන්නාන්සේ විසින් ඇති කරපු ආත්මීය සම්බන්ධතාවයේ ආදරයයි වෛරයයි අතර වෙනස කෙස් ගහකටත් වඩා අඩුවෙන් මැව්වේ ඇයි?
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    කතාවේ හොඳ තේරුමක් තියෙනවා.
    ඒත් අවසානයේ කියලා තියෙන විදිහට දෙයියන්නාන්සේ විසින් ඇති කරපු ආත්මීය සම්බන්ධතාවයේ ආදරයයි වෛරයයි අතර වෙනස කෙස් ගහකටත් වඩා අඩුවෙන් මැව්වේ ඇයි?
    kathawa hoday..matath oooka tamay tiyena gataluwa
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ෂුවර් එකට අද ඊයේ බැදපු කෙල්ලෙක් fb එකට දාපු ගෙතුව කතාවක් ....ඔතන ඇති ආදරයක් නෑ ....බයක් තියෙන්නේ ....ඒ බය නිසා තමයි අන්තිමේ සැමියාව තෝරාගන්නේ ...ආදරයට වැරදි අර්ථකතන දෙන්න එපා සහෝදරයා ...

    ඒත් අවසානයේ කියලා තියෙන විදිහට දෙයියන්නාන්සේ විසින් ඇති කරපු ආත්මීය සම්බන්ධතාවයේ ආදරයයි වෛරයයි අතර වෙනස කෙස් ගහකටත් වඩා අඩුවෙන් මැව්වේ ඇයි?..:D:D