ආදරේ දැනෙන්නේ නැති ලෙඩකුත් තියෙනව සිංහලු

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ආදරේ දැනෙන්නේ නැති ලෙඩකුත් තියෙනව සිංහලු

    කාලෙකට පස්සේ අලුත් ත්‍රෙඩ් එකක් දාන්නේ. මේ දවස් වල එලකිරි එකේ වලි, රෙකොර්ඩින්ග්, හොරබඩු ජාවාරම් ( වල්ල පට්ටා, හූනෝ, කැස්බෑවෝ) :lol::lol:යන අස්සේ මේකත් බලහල්ලකෝ..



    -Google image search වල "241543903" ගහල Search කරල බැලුවහම එන්නෙ Fridge එකක් ඇතුලට ඔලුව දාගෙන ඉන්න මිනිස්සුන්ගේ photo ලු.


    -Justin Bieber කොලුවට කැනඩාවේ ඉන්න මිනිස්සු ගානට වඩා Twitter Followers ඉන්නවලු.

    Justin-Bieber.jpg



    -කවරුවත් ඇත්තටම අපේ නම කියලා කතා කරන්නේ නැතුව එහෙම නම කියලා කතා කරනවා වගේ ඇහෙනවනම් ඒක සෞඛය සම්පන්න මනසක ලක්ශණයක්ලු.

    අඩෝ මටත් එහෙම ඇහිලා තියනවා බොලලා. :baffled:



    -ලෝකෙ තියන දියමන්ති වලින් ගොඩාක් ඒවා අවුරුදු බිලියන 3ක් විතර පරනලු.:shocked:

    image-55255-61379_full.jpg



    -ස්වීඩන් යුවලක් තමන්ගේ ලමයට නම දැම්මේ "Brfxxccxxmnpcccclllmmnprxvclmnckssqlbb11116 " ලු. ඒ නම උච්චාරනය කරන්නේ "Albin ". :)


    -ලෝකේ තියන Photos වලින් 10% අරන් තියෙන්නේ ගෙවුනු අවසාන මාස 12 දිලු.

    flak-photo-grid.jpg



    -රස්සාව දාලා යන අයගෙන් 75% යන්නේ තමන්ගෙ රස්සාව දාලා නෙමෙයිලු. එහෙනම් මොකක්ද බොසාව දාලලු යන්නේ..:angry::angry:

    97104665.jpg



    -ඕන කෙනෙකුට තමන්ට හරියටම ගැලපෙන කෙනා හොයාගෙන ආදරේ කරන්න චාන්ස් 285,000 ක් තියෙනවලු. එහෙනම් ඇයි මේ කොල්ලො ගොඩක් තනිකඩ ? :angry::angry:

    3518784995_how_to_get_your_lover_backWidePlayer_answer_2_xlarge.jpeg



    -වැඩිහිටියෙක් අවුරුද්දක් තුල පිට කරන මුත්‍රා වල, කාර් එකක් හැතැක්ම 1,677 දුවන්න පුලුවන් හයිඩ්‍රජන් ප්‍රමානයක් අඩංගු වෙනවලු. :baffled:

    Hydrogen_vehicle.jpg



    -එංගලන්තේ අවුරුද්දකට ෆෝන් 100,000 ක් විතර වැසිකිලි වල වැටෙනවලු.

    toilet_1467701c.jpg



    -පෘතුවියේ පරිබ්‍රමනය අඩු උනහම අද ඊයේට වඩා තප්පර 0.00000002 දවස දිගයිලු.

    earth-rotation.png



    -55% දෙනෙකුට "ඈනුම (yawn)" කියන වචනය කිව්වහම ඈනුම් යනවලු. :dull::dull:
    ආ උබලත් දැන් තරගෙට ඈනුම් යවන්න පටන් ගත්තද. ඉතුරු ටිකත් කියවලා ඉඳපල්ලා..

    A4UEr1fCIAEn_Ep.jpg:large



    -ඔබ දකින ඇඟේ තියන හම මැරිච්ච එකක්. අලුත් හම හැදෙන්නේ හමට යටින් දවස් 30 කට සැරයක්ලු.

    300px-HumanSkinDiagram.jpg



    -"Hypopituitarism" කියන දුර්ලභ ලෙඩේ හැදුනහම ආදරේ දැනෙන්නෙ නැතිලු. හුටා :angry::angry:

    No_Love.jpg



    -සාමානය මිනිහෙක් ජීවිත කාලෙට7,163 පාරක් නානවලු. :P

    bathing-affect-skin-1.jpg



    -මෝරන් මුත්‍රා පිට කරන්නේ හම හරහාලු.

    Great_white_shark_002_60934900.jpg



    -පෙන්ගුයින්ලට පිටි පස්සට ඇවිදින්න බැරිලු. උන්ගේ ඇඟේ උඩ කොටස බර වැඩි එකලු හේතුව.

    penguinCloseup750.jpg



    -"Swims" කියන වචනය උඩ යට මාරු කරලා බලාගෙන කියෙව්වහමත් ඒ වචනෙමලු.


    SWIMS

    උබල දැන් ඒක උඩ යට මාරු කරලා කියවන්න ගිහින් Computer එක බිම වට්ට ගතොත් මම එහෙම නෑ ඕං...

    Youth Observer පත්තරෙ තිබුන ඒවා ටිකක් Trasnlate කරලා දැම්මෙ..
     
    Last edited:

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    -ලෝකෙ මිනිස්සුන්ගෙන් 40% කගේ ජාතිය "(Race) පලවෙනි උපන්දිනෙන් පස්සේ තියෙන්නේ නැතිලු..:rolleyes::rolleyes:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ලෝකේ පෝසත්ම පුද්ගලයෝ 85 දෙනාගේ ධනය එකතුව = ලෝකයේ දුප්පත්ම මිනිස්සු බිලියන 3.5 ධනය එකතුව (දැන් ලෝකේ ජනගහනෙන් හරි අඩක් )
     
    • Like
    Reactions: Koalabanti

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    -එංගලන්තේ අවුරුද්දකට ෆෝන් 100,000 ක් විතර වැසිකිලි වල වැටෙනවලු.

    toilet_1467701c.jpg



    :shocked::shocked::shocked::shocked:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113

    -රස්සාව දාලා යන අයගෙන් 75% යන්නේ තමන්ගෙ රස්සාව දාලා නෙමෙයිලු. එහෙනම් මොකක්ද බොසාව දාලලු යන්නේ.

    :shocked::rolleyes::yes: