ආදරේ නාමෙන්…..
මේක නම් හැමෝම(හැමෝම කියුවෙ ගොඩක් අය කියන එක) අහල තියෙන දෙබසක් ඒත් මමත් ඒ දෙබසට ආදරෙයි.දෙබසක් විදියටම දානවට වඩා වෙන විදියකට ඒ දේ මම(මට විතරක් ම නෙමෙයි කියවන කෙනාටත්) දකින්න පොඩි උත්සාහයක් ගත්තා.සාර්ථක වුනා කියලා මම හිතනවා.
වෙලාව රාත්‍රී 12 පසු වී ඇත.නගරයම නිසලයි.සිහින් ලෙස ඇද වැටෙන වැහි පොදක් පමනක් නිහඬබව බිද දැමීමට ද, දහවල තිස්සේ හිරු රැස් නිසා විඩා බර වූ මහ මඟට සිසිලක් ලබා දීමට ද වෙර දරයි.මේ වැහි බිදු ඒ මත පතිත වීමටද මත්තෙන් දුමාරයක් ලෙසට නික්ම යන්නේ මිනිස් ආත්මයන් පරිද්දෙනි.
සිහින් වූ හඬකින් ඇරඹි ඒ නාදය වැහි බිදු හඬද අභිබවා නිහඩබවද,ඒකාලෝක වූ ආලෝක දහරාවක් ද සමඟින් පරිසරයේ වූ අඳුරද බිඳ දමයි.
ඒ පමණ ඉක්මවූ වේගයෙන් ඉදිරියට ඇදෙනා මෝටර් සයිකලයකි.ගීත කන්ඩයක් මුමුණමින් පැමිනෙන්නා වූ එය හසුරුවන්නාද,තම කෙස් කළඹ ගුවනට විහිදුවාලමින් හසුරුවන්නා පසුපසින් පැමිනෙන්නා වූ දෙවැන්නිය ඔහුගේම පෙම්වතිය යැයිද සිතිය හැක.
තෙහෙට්‍ටුවී ඇති ඇගේ මුහුනින් පිලිඹිබු වන්නේ පමණ ඉක්මවූ වේගය ඇයට පීඩාකාරී ලෙසට බලපා ඇති බවයි.පදවන්නා ඇය ගැන තැකිමක් නොමැති කම ගැන ද ගීතය කෙරෙහිම හිත යොමුව ඇති ඔහු කෙරෙහිම වූ සිත් වේදනාවෙන් ඇය පසුවෙයි.ඇයගෙ හිත තුල පැන නැඟී තිබූ ආදරය,වෛරය,නොසතුට මේ සියල්ලම නිහඩ කරමින් තැකීමකින් තොර වූ ඔහුගේ හඬ ඇය වෙතට අවදි විය.
තම හිස මත වන හෙල්මට්‍ටුව ගෙන එය තම හිස මත ලා ගන්නා ලෙසට කාරුණික වන ඔහුගේ වදන් ඇය හිත තුළ ඇති කළේ වේදනාත්මක හැඟීමකි.දැන් ඔහු ඇය හා පමනක් නොව ඇයගේ කෙස් කළඹ හා ද උරන වී ඇත.එය පිලි නොගන්නා වූ තරමක් මුරන්ඩු වූ ඇය කෙරෙහි නැවත ඔහුගෙන් යොමු වන්නේ කාරුණික බවින් තොරවූ ආදරය පමණක්ම යුක්ත වූ වදනකි.ඇය ආදරේ නාමෙන් ඔහුගේ පෙර ඉල්ලීම ඉටුකල යුතු බවයි.ඇස් වලින් රූරා වැටෙන කඳුලින් ඔහුගේ වදන් හා එකඟ වූ ඇය සිතින් ඔහු හට සාප කලා හැක්කක්ම විය හැක.ඇය හා ඔහුගේ දර්ශනය කෙමෙන් ඉවත්ව යයි.
පසු දින උදෑසන,
පුවත්පතකින් උපුටා ගන්නා ලද කොටසකි.
“පෙර දින රාත්‍රී 2ට පමන වේගය පාලනය කර ගත නොහැකි වූ මෝටර්සයිකලක් රිය අනතුරකට මුහුනපා ඇත.වේගය පාලනය කරගත නොහැකි වීමෙන් අසල වූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර,අනතුර සිදුවූ ස්ථානයේම පදවන්නාගේ හිසට සිදු වූ දරුණු හානි නිසා ජීවිතක්ෂයට පත්ව ඇත.වැඩි දුරට සිදු කරන ලද පරීක්ෂණ වලදී අනතුරට හේතුව මෝටර්සයිකලයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වීම බවද,පදවන්නා හට එය සැල වී ඇති වගද,සැල වූ වහාම මෝටර්සයිකලය නවතා ගැනීමට පරිශ්‍රමයක් දරා ඇති වගද,එදින රාත්‍රියේ පැවති මඳ වැසි ගතියද ඔහුට බාධා වී ඇති වගද සොයා ගන්නා ලදි.
අනතුර සිදු වූ ස්ථානයට තරමක් දුරින් සිහිසුන්ව බිම වැටි සිටි තරුණියක් ද සොයා ගැනුන අතර මෝටර්සයිකලයේ ගමන් ගත් දෙවැන්නකු ලෙසට සැලකිය හැකි බවද හිස් ආවරණය පැළඳ සිටීමෙන් ඇයගේ තත්ත්වය දරුණු නොවන බවද රෝහල් ආරංචි මාර්ග තහවුරු කර ඇත.”ඇයගේ හිසෙහි හිස් වැස්මක් තිබීමටත් පදවන්නා සතුව නොමැති වීමත් පිළිබඳ කරුනු විමසීමට ඇය යථා තත්ත්වයට පත් වන තුරු අපි බලා සිටිමු.”