ආදරේ මල් පිපෙන..

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
ආදරේ මල් පිපෙන..

ආදරේ මල් පිපෙන හීනයට ගොඩවෙන්න
රළු බොරළු කටු පොකුරු පාවඩට හරවන්න
හීත හිරිකඩ පිපෙන මැදියමේ ඔබ එන්න
වස්සාන සෙනෙහසේ පිපි තඹර සිපගන්න..



මද්දහන පුරාවට සිසිලක්ව ලඟ ඉන්න
නිහඬතම මොහොතකදි රහසක්ව කොඳුරන්න
පරසතුත් මදාරත් ඔබ ගෙලේ පළඳන්න
ආදරේ අස්වැන්න නෙළන්නට පැමිණෙන්න..



සඳත් මියැදුණු දිනක තරුවක්ව බබලන්න
නිදරුකම කතරකට මහ වැස්ස ඔබ වන්න
ජීවිතේ පාළු තැන් ආදරෙන් පුරවන්න
සෙනෙහසත් හද දරා මා ලඟම නවතින්න...



2vulqc5.jpg

 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සඳත් මියැදුණු දිනක තරුවක්ව බබලන්න
නිදරුකම කතරකට මහ වැස්ස ඔබ වන්න
ජීවිතේ පාළු තැන් ආදරෙන් පුරවන්න
සෙනෙහසත් හද දරා මා ලඟම නවතින්න...

:love::love::love::love::love::love::love::love: :love::love::love::love:
 

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
සඳත් මියැදුණු දිනක තරුවක්ව බබලන්න
නිදරුකම කතරකට මහ වැස්ස ඔබ වන්න
ජීවිතේ පාළු තැන් ආදරෙන් පුරවන්න
සෙනෙහසත් හද දරා මා ලඟම නවතින්න...

:love::love::love::love::love::love::love::love: :love::love::love::love:


Thank you sis :love::love: