ආදරේ වෑහුනේ......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සයුරේ රැලි නැගෙනා ලෙසේ...
    ගඟුලේ දිය ගලනා ලෙසේ...
    මේ පාළු රෑ යාමෙ ඈ මාගෙ මනසේ සරා....
    ඈ නමින් පෑ සෙනේ...ජීවිතේ යාවුනේ....
    ආදරේ වෑහුනේ......

    දුටු මුල්ම දිනයේ හිත ඇල්ම සඟවා දෙනෙතින් හැඟුම් නංවලා...
    කවදාද ආයේ හමුවෙන්නෙ කියලා නොකියාම ඔබ නික්මිලා.....
    මට අයිති නොවෙනා මුළු හිතම බැඳෙනා ඔය නිල් නුවන් සිහිවෙලා....
    තවමත් ඉතිං මා නොකියූ කතාවක් ඔබගේ නමින් ලියවුනා......

    සයුරේ රැලි නැගෙනා ලෙසේ...

    සොඳුරුයි සිනාවන් මුකුලුයි කතාවන් හිත භාවනාවක් වගේ.....
    කවිකාර ඇස් ගාව දඟකාරකම් ඇයි නොදැනීද මාගේ අගේ.....
    හද ගැස්ම කියනා පෙම් ගීය මොහොතක් ඇසුනාද රහසින් නගේ....
    යලි මා හිඳින්නම් මතකේ රැඳෙන්නම් එනවාද පෙරදා වගේ......

    කොඳුරා සවන් ලඟින් ඔබේ...
    දිවුරා කියමි මෙමා මෙසේ්‍...
    හැමදාම ලඟ ඉන්න මගෙ ලෝකෙ නවතින්නකෝ.....
    මා ඔබේ ආදරේ.... ඔබ මගේ ජීවිතේ.....

    ආදරේ වෑහුනේ
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D
    1.gif