ආදරේ_සහ_බූට්

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
හොව් හොහ්ව් හොව්...

මුලින්ම කියන්න ඔනෙ මෙක මම තනියම ලියපු එකක් නම් නෙවේ..මේ දවස් වල මම සෑහෙන උප්සෙට් එකේ උන්නෙ. සරලව කිව්වොත් බූට් එකක් කෑව වගෙ තමය්.එසෙ මෙසෙ එකක් නෙවෙය්., අවුරුදු 3නක අෆයර් එකක් සොරි ඩොට් කොම් උනා..

හ්ම්ම්...අද ගෙදර ඉන්න දවසෙ දුක අඩු කරගන්න ගූගල් පරක් දාලා බෑලුවා කට්ටිය මොනාද කියලා තියෙන්නෙ කියලා..එතකොටය් මෙන්න මෙක ලබුනෙ. දන්නවනෙ ඉතින්, වෑදගත් දෙයක් ලබුනම ඉස්සෙලම මතක් වෙන්නෙ එලකිරි මිත්රෙයො කියලා. ඔන්න පොස්ට් කරා එහෙනම්..විවාදයට විවුර්තඉ


tumblr_ksa0dztnzK1qa544l.jpg


ඔන්න මෙච්චර කාලෙකට ලිව්වෙ නැති විදිහෙ දේවල් ටිකක් ලියලා ඇදගෙන නෑමක්, ඉල්ලන් කෑමක් හෝ ඒ ආකාරයේ වෙන ඕනෑම දෙයක් නොමිලේ ලබාගන්නයි මගේ මේ අහිංසක උත්සහය..

ආදරේට බූට් දෙමු කියලා මාතෘකාව තිබුණට බූට් කතා කියවන්න අකමැති අයට එයාලගෙ පවුලෙ ඔක්කොමයි, ගෙදර බල්ලයි පූසයි, එහා ගෙදර මැගි අක්කයි, මෙහා ගෙදර රන් මැණිකයි, රන් මැණිකගෙ ගෙදර වැඩට ඉන්න සුදු චූටියි, තව...... නෑ නෑ, එක්කො තව ඕන නෑ.. මේ කිව්ව ඔක්කොටම එකට සිට කියවිය හැකි පරිදි සැගියාගේ ක්‍රමයට බූට් එකක් කන හැටියි මේ කියන්න යන්නෙ..

බූට් එක යනු විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතර හෝ සමලිංගිකයන් දෙදෙනෙකු අතර ඇතිවන අන්‍යෝන්‍ය ප්‍රේමයේ හදිසි නිමා වීමක් හෝ දෙදෙනා අතර ඇතිවෙන එකඟතාවයකින් පසු එතෙක් පැවති ප්‍රේම සම්බන්ධතාවය නවතා, එතැන් පටන් දෙදෙනා විසින් පෙම්වතුන් ලෙස තව දුරටත් ආශ්‍රය නොකිරීමයි.

එක්කො පාළි සංස්කෘත නැතුව දන්න සිංහලෙන් කියන්නම්, උඩ ඡේදෙ ලියල ඉවර කරන්න විනාඩි දහයක් විතර ගියා..

බූට් එකක් වදින්න විවිධාකාරයේ හේතු බලපාන නිසා ඒ එකින් එක විස්තර කරන්න ගියොත් මට මේ පෝස්ට් එක ලියල ඉවර කරන්න ලැබෙන්නෙ නෑ, ඒ නිසා මම මේ සරලව​ කියන්න හදන්නෙ නිවැරදි ආකාරයට බූට් එකක් දෙන්නෙ කොහොමද, බූට් එකකින් ගැලවෙන්නෙ කොහොමද සහ බූට් එකක් ලැබුණට පස්සෙ ඒක දරා ගන්නෙ කොහොමද කියලා..


1. නිවැරදි ආකාරයට බූට් එකක් ලබාදීම​

මේ කාලෙ ගොඩක් අය කතා කරනවා ආදරේ සහ ඇත්ත ආදරේ ගැන.. මේ දෙකේ වෙනසක් තියෙනවද​? මගේ අදහසට අනුව නම් මේ ලෝකෙ තියෙන්නෙ ආදරේ විතරයි. ඒක ඇත්තද බොරුද හොයන්න දෙයක් නෑ.. හැබැයි මේ බොරු ආදරේ එහෙමත් නැත්නම් ආකර්ෂණය හෝ ආදරය කියන ආත්මීය බැඳීම හැර වෙනත් දෙයක් ලබා ගැනීම සඳහා ආදරේ කරනවා වගේ රඟපෑම තමයි ප්‍රධාන වශයෙන්ම බූට් එකක් ලැබෙන්න හේතුව..​

ආදරේ කරන කෙනෙක් තමන්ගෙ පෙම්වතියට හෝ පෙම්වතාට කවදාවත් බූට් එකක් දෙන්නෙ නම් නෑ, ඒත් බාහිර බලපෑම් නිසා බොහෝ වෙලාවට බූට් එකකින් තමන්ගෙ ආදර කතාව ඉවර කරන්න වෙන එක සුලබයි. සමහරුන්ට දෙමව්පියන්ගෙ බලපෑම මත ආදරය කිරීම​ නවත්තන්න වෙනවා..

මොන හේතුවක් මත වෙන් වුණ​ත් තමන්ගෙ පෙම්වතාට හෝ පෙම්වතියට වෙන්වෙන්නෙ ඇයි කියන හේතුව පැහැදිළිව විස්තර කරල දෙනව නම් ඒක ඔහුගේ හෝ ඇයගේ හිතට ලොකු සහනයක් වෙනවා.. හේතුවක් නැතුව නවතින ආදර කතා වලදි බූට් එක ලැබෙන කෙනා ගොඩක් දුක් වෙනවා.. ඒ නිසා වෙන්වෙනව නම් හේතුව කියන්න මතක තියාගන්න.. ගොඩක් වෙලාවට මේ වෙන් වෙන්න වෙන හේතුව ඒකපාර්ෂවිකව සාධාරණීකරණය කළ හැකි හේතුවක්.. තමන් කරන දේ තමන්ට වැරැද්දක් විදිහට නොපෙනුනත් තමන්ට ආදරේ කරන අනිත් පුද්ගලයා ඒ ක්‍රියාව නිසා පීඩාවට පත්වෙන නිසා ඔහු හෝ ඇය විසින් සම්බන්ධය නවත්තන්න තීරණය කරනවා..

කාලයක් පැවතුන ආදර සම්බන්ධයක් නවත්තනවට වඩා රැක ගැනීම වැදගත් නිසා කළින් සඳහන් කරපු ඒකපාර්ෂවිකව සාධාරණීකරණය කළ හැකි හේතු නිසා වෙන්වීම් අවම කරගන්නෙ කොහොමද කියලා බූට් එකකින් ගැලවෙන්නෙ කොහොමද කොටසින් විස්තර කරන්නම්..


2. බූට් එකකින් ගැලවෙන්නෙ කොහොමද?

අද කාලෙ ගොඩක් කොල්ලො කෙල්ලො හොයන්න තමන්ට හැම අතින්ම ගැලපෙන විදිහෙ පෙම්වතියක් හෝ පෙම්වතෙක්.. ඒත් අපි තේරුම් ගන්න ඕන කවදාවත් 'හැම අතින්ම ගැලපෙන විදිහෙ' කෙනෙක් තමන්ට නොලැබෙන බව.. කොල්ලොයි කෙල්ලොයි කවදාවත් එකිනෙකාට සමාන වෙන්නෙ නෑ, දෙගොල්ලො හිතන්නෙ සහ ක්‍රියාත්මක වෙන්නෙ දෙවිදිහකට.. ඉතින් කොහොමද මේ වෙනස්කම් එක්ක සාර්ථක ආදර කතාවක් ගොඩනගන්නෙ? ඔහොම වෙනස්කම් තියෙනව නම් එකිනෙකා වෙනුවෙන් උපන් ආදරවන්තයින් ඉන්න පුළුවන් ද​?

ආදරේ කරන කොල්ලෙක් සහ කෙල්ලෙක් ඒ දෙන්නා අතර තියෙන වෙනස්කම් හරිහැටි තේරුම් ගන්න තාක් කල් සාර්ථක ආදර කතාවක් ගොඩනගන්න බැහැ. ඉවසීම​, තේරුම් ගැනීම සහ කැපකිරීම තුළින් තමයි එකිනෙකා වෙනුවෙන් උපන් ආදරවන්තයින් බිහි වෙන්නෙ..

තමන්ගෙ පෙම්වතා හෝ පෙම්වතිය කරන දෙයක් තමන්ට රුස්සන්නෙ නැතිවෙන්න පුළුවන්, නමුත් ඔහුගේ හෝ ඇයගේ පැත්තෙන් ඒක හරි දෙයක්.. එහෙම අවස්ථාවකදි ඔහු හෝ ඇය කරන ඒ ක්‍රියාව ගැන තමන්ගෙ අකමැත්ත ප්‍රකාශ කරලා ඉවසන්න ඕන ඔවුන් එක තේරුම් ගන්න තුරු.. 'එයා මොනවා හිතුවම මොකද​, මම කරන දේ වැරැද්දක් නෑ කියල මම දන්නවනෙ' කියලා දිගින් දිගටම ඒ දේ කෙරුවොත් බූට් එකක් ලබාගන්න එක ඒ හැටි අමාරු නෑ.. එතනදියි කැපකිරීම කියන දේ අවශ්‍ය වෙන්නෙ.. මම කරන මේ දේ මගේ දැක්මට අනුව හරි වුණ​ත් ඒකෙන් මගේ පෙම්වතා/පෙම්වතිය දුක් වෙනව නම් ඔහු හෝ ඇය වෙනුවෙන් ඒ ක්‍රියාව නවත්තන්න පුළුවන්කමක් ආදරවන්තයන් තුළ තියෙන්න ඕන..

දෙන්නා අතර ප්‍රශ්ණයක් තියෙනව නම් සැර පරුෂ වචන නැතුව ආදරෙන් සාකච්ඡා කරන්න.. එහෙම කතා කරන්න ඕන ප්‍රශ්ණය ගැන නෙවෙයි, ප්‍රශ්ණය ඇති වෙන්න මූලික වුණ​​ හේතුවයි.. මොකද ගහේ මුල උදුරන්නෙ නැතුව අතු ටික කැපුවා කියල වැඩක් වෙන්නෙ නෑ.. මේ සාකච්ඡා වලදි කවදාවත් දෙන්නටම දිනන්න නම් බැහැ, හැබැයි ඒකෙ තේරුම එක්කෙනෙක් පරදින්න ඕන කියන එකත් නෙවෙයි.. දෙන්නටම එකඟවෙන්න පුළුවන් තීරණයක් අරගෙන දෙන්නම දිනන්න..

මේ කිව්ව කරුණු පිළිපදිනව නම් බූට් එකක් වැදීමේ අවස්ථාව බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්..


3. කාපු බූට් එක දිරවගන්නෙ කොහොමද​?

මේ ඔක්කොම අතුරින් මෙන්න මේ කෑල්ල තමඉ මට නම් වෑදගත්..


මේක තමයි අමාරුම වැඩේ.. රබර් දිරනවා කියන්නෙ ලේසි දෙයක් නෙවෙයිනෙ.. බූට් එක ලැබුණට පස්සෙ ආදරේ කෙරුව හදවත කැඩිලා බිඳිලා හතර අතේ ගිහින් නම් ඒකෙ කෑලි හොයාගෙන ආපහු අලවන්න යන්නෙ නැතුව තාමත් ඉතුරු වෙලා තියෙන මොලේ පාවිච්චි කරන්න ඉගෙන ගන්න..

වෙන්වීමකට පස්සෙ අපිට වැඩියෙන්ම වේදනාව දැනෙන්නෙ ආදරේ කෙරුව කෙනා අපට ඉතුරු කරලා ගිය මතකයන් නිසා.. ඔහු හෝ ඇය ගැන මතකයක් අපේ මනසට ආවම අපි දිගින් දිගටම ඒ මතකයත් එක්ක ඉන්න බලනවා, ඒකෙන් වෙන්නෙ අපි තවත් දුකට පත්වෙන එක විතරයි.. 'අනේ මට මෙච්චර ආදරේ කෙරුව කෙනා නේද අද මෙහෙම මාව දාල ගියේ' කියන සිතුවිල්ල එක්ක අපි තව තවත් ඒ දුක පතුලටම කිමිදෙන්න බලනවා..

සමහරු හිතාවි අශ්වයා පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්නෙ මොකටද කියලා, ඒත් කල්පනා කරල බැලුවොත් තේරේවි කලින් කිව්ව ඉවසීම​, තේරුම් ගැනීම සහ කැපකිරීම කියන දේවල් වල අඩුවක් නිසයි බූට් එක ලැබුණෙ කියලා.. බූට් එකක් දෙනව නම් හේතුව කියන්න කියලා මම කිව්ව දේ වැදගත් වෙන්නෙ මෙතනදි.. මොකද එතකොට බූට් එක ලැබුණ කෙනා වැරැද්දක් කෙරුව නම් එයා ඒක තේරුම් ගනීවි.. එහෙම වැරැද්ද තේරුම් අරගෙන ආපහු ආදර සබඳතාව පටන් ගමු කියලා ඉල්ලන පෙම්වතාට හෝ පෙම්වතියට ආදරණීය සමාවක් දෙන්න මැළිවෙන්න එපා..

හේතු නොදක්වා අවසාන වෙන ආදර කතා වලදි නම් බූට් එක ලබාගන්න කෙනා ගොඩක් විඳවනවා.. කෙල්ලෙක් නම් බොහෝ දුරට කරන්නෙ දවසෙම අඬන එක සහ උපවාස කරන එක.. කොල්ලෙක් නම් බොහෝවිට මත්පැන් වල පිහිට ලබාගන්න යනවා දුක අමතක කරන්න කියලා..
කෙල්ල නොකා නොබී අඬලා අසනීප උනාමත්, කොල්ලා සිහිනැති වෙන්න බීලා සිහිය ආවමත් තේරුම් ගන්නවා ඒ කෙරුව දේවල් වලින් දුක අඩුවෙලා නැහැ කියලා..

දුක අඩු කරගන්න නම් කරන්න තියෙන හොඳම දේ පාලනයකින් තොර අපේ හිත කොහොම හරි පාලනය කරගන්න එකයි.. පරණ මතක දිගේ හිතට දුවන්න දෙන්නෙ නැතුව තියාගන්න​, ඒ මතක දිගේ හිත ඈතට දුවන තරමට දුක කියන දේ අපේ ආත්මයට මුහු වෙනවා.. නිදහසේ හිතල බලන්න, ආදරේ කෙරුව කෙනෙක් නම් එයා කවදාවත් ඔයාලට ඔහොම විඳවන්න දෙන්නෙ නෑ.. ආදරේ කරන කෙනෙක්ට තමන්ගෙ පෙම්වතියට හෝ පෙම්වතාට බූට් එකක් දෙන්නත් බෑ, එහෙම බූට් එකක් ලැබුණොත් එතන ආදරයක් තිබිලා නැහැ..


ඔන්න එහෙනම් අපි ගියා..දන්නව නේ..වටිනවා නම් සලකලා යන්න..අපිත් ආපිට සලකනවා
 

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
උබ කිව්වත් වගේ බූට් එක දිරවගන්න එක නම් පට්ට අමාරු වැඩක් මචන්. මොනා උනත් ඔලුව කෙලින් තියාගෙන වැඩ කරන එක තමා හොදම විකල්පය.
 

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඇරපන් කොල්ලෝ කට. :D:D උබේ කටට කාසියක් දාන්න වටිනවා. :yes::yes:

    උබ ඔච්චර සබ්ජෙට් එක දැනගෙනත් මොකෝ බන් උබේ කෙල්ල බුට තිබ්බේ??? :dull::rolleyes::rolleyes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,592
    113
    එක තැනක නෑ
    උබ කිව්වත් වගේ බූට් එක දිරවගන්න එක නම් පට්ට අමාරු වැඩක් මචන්. මොනා උනත් ඔලුව කෙලින් තියාගෙන වැඩ කරන එක තමා හොදම විකල්පය.

    උඹව දැක්ක කල් :oo: අද 7ට සෙට් වෙනවා නේ ?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,592
    113
    එක තැනක නෑ
    නියම ත්‍රෙඩ් එකක් මචන්. ගොඩක් එවුන්ට වටිනවා මේක. සේරම කියෙව්වා. බුක් මාර්ක් එකක් දාගත්තා අයෙත් දවසක ඕන උනොත් කියවන්ඩ ;)
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    ඇරපන් කොල්ලෝ කට. :D:D උබේ කටට කාසියක් දාන්න වටිනවා. :yes::yes:

    උබ ඔච්චර සබ්ජෙට් එක දැනගෙනත් මොකෝ බන් උබේ කෙල්ල බුට තිබ්බේ??? :dull::rolleyes::rolleyes:

    අනිවා මචන්..එත් ඈත්ත මෙකය්.. "ගුරුන්ටත් අකුරු වරදි" කියනවා නෙ..

    එත් මචන් මෙක 100%ක්ම මම ලියපු එකක් නෙවේය්. මොනා උනත් කෙල්ලො කියන සුබ්ජෙට් එක තරම් අමාරු එකක් ලොවෙත් නෑ බන්
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    mamat ea unu unuwema boot ekak kawa. atta hethuwak kewet na ekaparatama boot eka hambuna. mata tamat hitaganna ba...
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    mamat ea unu unuwema boot ekak kawa. atta hethuwak kewet na ekaparatama boot eka hambuna. mata tamat hitaganna ba...

    මචන්, මම නම් අත්තටම කෙල්ලො කියන සුබ්ජෙට් එකෙ ඉන්න එකෙක් නෙවේ. එත් මට උනු දෙයින් පස්සෙ මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. කෙල්ලෙක් තෙරුම් ගන්න එක පට්ට අමරු වෑඩක් බන්.කෙල්ලෙක්ට වෙනස් වෙන්න යන්නෙ පොඩි වෙලවක් විතරඉ. එත් රත්තරන් කෙල්ලොත් ඉන්නව...අපි දනගන්න ඔනෙ සතා මොකාද කියලා. මම දන්නෙ නෑ මචන් උබෙ වයස කියද කියලා..එත් මෙකත් කියන්නම්. හොන්ද කෙල්ලෙක් හොයන්නෙ

    1. සාර්තක කොල්ලෙක්
    2. ඉගෙනගත්ත කොල්ලෙක්
    3. සල්ලි තියෙන කොල්ලෙක්..


    ඉතින් මචන් හොන්ද කෙල්ලෙක් ලබන්න අපි ජිවිතේ හොන්ද තෑනකට යන්න ඔනෙ නෙද?

    මම නම් ඉගෙන ගත්තෙ ඔන්න ඔය ටික...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන්, මම නම් අත්තටම කෙල්ලො කියන සුබ්ජෙට් එකෙ ඉන්න එකෙක් නෙවේ. එත් මට උනු දෙයින් පස්සෙ මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. කෙල්ලෙක් තෙරුම් ගන්න එක පට්ට අමරු වෑඩක් බන්.කෙල්ලෙක්ට වෙනස් වෙන්න යන්නෙ පොඩි වෙලවක් විතරඉ. එත් රත්තරන් කෙල්ලොත් ඉන්නව...අපි දනගන්න ඔනෙ සතා මොකාද කියලා. මම දන්නෙ නෑ මචන් උබෙ වයස කියද කියලා..එත් මෙකත් කියන්නම්. හොන්ද කෙල්ලෙක් හොයන්නෙ

    1. සාර්තක කොල්ලෙක්
    2. ඉගෙනගත්ත කොල්ලෙක්
    3. සල්ලි තියෙන කොල්ලෙක්..


    ඉතින් මචන් හොන්ද කෙල්ලෙක් ලබන්න අපි ජිවිතේ හොන්ද තෑනකට යන්න ඔනෙ නෙද?

    මම නම් ඉගෙන ගත්තෙ ඔන්න ඔය ටික...

    සහතික ඇත්ත.. අද කාලේ කෙල්ලෙක් බලන්නේ ඔන්න ඔය දේවල් පමණයි. මුලදි පොඩි පොඩි සීනී බෝල affair තිබුනට බඳින්නේ ඔන්න ඔය කාරණා ගොඩක් දුරට සම්පූර්ණ කොල්ලෙක්.එතනදි කොල්ලා ලස්සනද සුදුද කැතද පෙනුමද එවුවා වැඩක් නෑ කෙල්ලොන්ට. :D