නංගි,
උඹ හොඳටම දන්නවා උඹ උඹේ හිතටම වංචා කර ගන්නවා කියලා.ඒකයි මේ ටික මම උඹට කියන්න කියල හිතුවෙ.මම හොඳටම දන්නවා මගේ පවුලේ කට්ටිය ඇරුණු කොට මේ ලෝකෙන් මට වැඩියෙන්ම ආදරේ කරන්නේ උඹ කියලා.අපි දෙන්නා ආශ්‍රය කරන්න පටන් ගද්දිම මම කිව්වා මාව අයියා කෙනෙක් විධියට හිතපන් කියලා.මට මතකයි උඹත් කිව්වා ඔයාව මගේම අයියා කෙනෙක් විදියට හිතන්නම් කියලා.දැන් බලපන් උඹ කරගෙන තියෙන දේ?උඹේ හිතටත් හොරා උඹ මට ආදරේ කරන්න පටන් අරන්.උඹ ඒ වචන තුන කිව්ව වෙලාවෙ මට පොලොව පලාගෙන යන්න හිතුනා.මොකද මම දන්නව කවදාවත් මට උඹට ආදරේ කරන්න බැරි බව.ඒ වග උඹත් හොඳටම දන්නවා,ඉතින් දැන දැනත් උඹව ඒ ගින්දරට දාන්න මට කොහොමටත් බෑ.මම දන්නවා උඹ මට ගොඩක් වෛර කරයි,සමහරවිට ආත්ම ගානක් යනකම් වෛර කරයි.ඒත් මට ඒ දේ උඹට කරන්න බෑ.උඹ හිතනවා ඇති මම හිතක් පපුවක් නැති මිනිහෙක් කියලා,ඒත් නංගියේ උඹ දන්නෑ කෙල්ලෙක් මුලු හිතින්ම ආදරෙයි කියද්දි ආපහු ඒ කෙල්ලටත් ඒ විධියටම ආදරෙයි කියලා කියන්න බැරි වෙද්දී දැනෙන දුක.සමහර විට උඹ දැන් හිතනවා ඇති උඹ තමයි මේ ලෝකෙ අවාසනාවන්තම කෙල්ල කියලා.උඹට එහෙම හිතෙන්නෙ උඹ තාම හරියට ජීවිතේ ගැන දන්නේ නැති නිසා.උඹට මම මගේම නංගියෙකුට වගේ ආදරෙයි.ඒ නිසයි කියන්නෙ,මට වැඩිය හොඳ කොල්ලෙක් උඹට හම්බෙයි,උඹට ආදරේ කරයි,උඹට ජීවත් වෙන හැටි කියල දෙයි.උඹ කොහොම හරි හිත හදාගනින්.ඊට පස්සෙ උඹට තේරෙයි මේ ජීවිතේ හිතන තරම් කාලකණ්නි නෑ කියල.මට මීට වඩා ගොඩක් දේවල් කියන්න තියෙනවා.ඒත් මගෙ හිතේ තියන දේවල් මේකෙ ලියන්න මට වචන නෑ.මම හිතනවා උඹ මට ඇත්තටම ආදරය කරනවානම් මේ දේ තේරුම් ගනියි කියලා..........!
මීට,
අයියා
සංකල්පය -Starz DK
කියවලා බලලා කැමතිනම් Rep+ එකක් දාන්න