ආදර වසන්තේ

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ආදර වසන්තේ

ගොඩාක් කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ... පුන්චි අලුත් දෙයක් හැමෝම එක්ක බෙදා හදා ගන්න. අහිංසක උත්සාහයක්. බලන්නකෝ හොඳයිද කියලා.

මේක සිංදුවක්

ගායනය : දුල්හරි ඉලංගකෝන් සමඟ සසිඳු එන්. සෙල්ලහේවා.
පද රචනය : දුල්හරි ඉලංගකෝන්.
තනුව හා සංගීතය : සසිඳු එන්. සෙල්ලහේවා.
Studio Eagles & Rabbits ඉදිරිපත් කිරීමක්.

කිරිකෝඩු හැඟුමන් සරා හද පුරා
නෙත් එක්ක හිත් යා කලා
පුරුදු ලෙසින් ආයෙමත් ආදරෙන්
සුවඳකට හිත අමුණලා

ආදර වසන්තේ පහසයි දැනෙන්නේ
අපි අපිට ළං ළං වෙලා

හිත අස්සට ගලන
නෙක සිත්තම් කරන
හරි පෙම්බර හදක් ලැබුණා
ආලෙන් ඔබේ හද සතුටින් ගොතා හිත
ළං වී රැදෙන්නම් සදා

කෝලම් සිනා මා මන්මත් කලා
දකිනා වරක් පාසා
අඳුරින් මිඳුණු සිත සායම් කලා
සිතෙනා වරක් පාසා

ආදර වසන්තේ පහසයි දැනෙන්නේ
අපි අපිට ළං ළං වෙලා

හිත අස්සට ගලන
නෙක සිත්තම් කරන
හරි පෙම්බර හදක් ලැබුණා
ආලෙන් ඔබේ හද සතුටින් ගොතා හිත
ළං වී රැදෙන්නම් සදා

http://www.hirufm.lk/music/song-det...ulhari-illangakoon-ft-sasindun-sellahewa.html
 
  • Like
Reactions: tewera