ආදායම් බදු නිලධාරීන් වහලයෙන්!!!
ආදායම් බදු නිලධාරීන් වහලයෙන් හෝ පැමිණිය හැක...
කාන්තාවෝ වයස හංගන්නෝය. පිරිමි තමන්ගේ පඩිය හංගන්නෝය. සාමාන්‍ය විදිහ ඒකය. වයසට යන ඇන්ටිලා කොණ්ඩය කොටට කපන්නෝය. ඒ ඩයි කිරීම ලේසි වන්නටය. සුදු කොණ්ඩය වරින් වර කළු කරනවා වඩා එකවර ටින්ට් කිරීම පහසුය. ඒ නිසා ඔවුන් කෙලින්ම කොණ්ඩය කොටට කපා ටින්ට් කරන්නෝය. ඒ ක්‍රමය පහසුය. මේකප් එකක් දමා එළියට බහින්නේ රැලි මැකෙන්නටය. විටක බෙල්ල වැහෙන්නට පවා හයි-නෙක් අදින්නෝය. ඒත් රැලි වැහෙන්නටය. කාන්තාවෝ ඒ සියල්ල කරන්නේ තමන්ගේ වයස වහන්නටය. පිරිමින්ට වයස වැසීමේ අවශ්‍යතාවයක් නැතිය. තිබුණත් කාන්තාවන්ට තරම් නැත්තේය. ඔවුන්ට ඇත්තේ තමන්ගේ පඩිය වැසීමේ උවමනාවක්ය. බොහෝ විට කීයක් ලැබුනත් වැඩියෙන් පෙන්වීමටය. හැබැයි ලොවෙත් ගාණ මෙච්චර යැයි නොකියන්නෝය. විදිහ එහෙමය. ඒ තමන් වියදම් කරන ප්‍රමාණය සැඟවීමට විය හැකිය. නැතිනම් ඉතිරි කරන ප්‍රමාණය සැඟවීමට විය හැකිය. කෙසේ හෝ අයියාට ඇති පඩි ගණන කීවත් තමන්ට ලැබෙන පඩිය කීයද කියා නොකියන්නෝය.
ඉස්සර සෑමා වැඩ කළ කම්පැනියක ඩෑල් එකක් කිව්වේ කවදාවත් ගෙදරට කලින් යන්නට එපා කියාය. ඌ විවාහ වී සිටි අයෙක්ය. කලින් ගෙදර ගියොත් පවුල සැකෙන් බලා අසන්නේ ඇයි අද කලින් කියාය. පරක්කු වී ගියත් පවුල අසන්නේ මොකෝ අද පරක්කු කියාය. ඒ නිසා ඔහු අනුගමනය කළේ බොරු බිසී සීන් එකක් පෙන්වා පමා වී යෑමක්ය. දිනක් වෙලාවට කලින් ගෙදර ගොස්, දොරට තට්ටු නොකර එළියේ ඇති පුටුවක වාඩි වී නින්දක් දමා වෙනදා වෙලාවට දොර ඇර ගත් බවක් හෙතෙම කිව්වේය. ඒ කලින් නිවසට ගොස් කුණු කතන්දර ඇසිය නොහැකි නිසා විය යුතුය. තවත් වරක් වේයන්ගොඩින් බැසිය යුතු කෝච්චියේ ඊටත් වඩා දුරක් ගොස් නැවත ගෙදර ආ බවක් කිව්වේය. ඔහු කිව්වේ ගෙදර ඉන්නවාට වඩා කම්පැනිය ඇතුලේ සිටීමෙන් කරන්නට ඇති රාජකාරී අඩුවන බවක්ය. ඒ තරමට ඔහු වැඩට ඇවිත් නිදහසේ සිටියේය. එකම කම්පැනියක වයසට යන ඩෑල් එහෙමය. ඔවුන්ට ඉහළ නිලධාරීන් කිසිම කරදරයක් නොකරන අතර උන් පාඩුවේ කාලය ගත කර ගෙදර යන්නෝය. සැබවින්ම සැදෑ සමය ගත කරන්නේ කම්පැනියේය.
පඩියේ ප්‍රමාණය සිය බිරිඳට සඟවන්නට යෑම ටිකක් දරුණු වැඩක්ය. ඔවුන් හිතන්නේ යකෝ මූ වෙන එකියකට වියදම් කරනවා කියාය. නැති නම් මූ අඩියක් පුඩියක් ගසා සියල්ල කාබාසිනියා කරනවා කියාය. ඒ ඇරත් pay slip එකක් හෝ බැංකු පොතක් අහු වුණොත් සියල්ල අවුල් ජංජාලයක් වන්නේය. ඒ නිසා ගෙදර උන්දෑට ආදායම් වියදම් පිළිබඳ යම්තාක් දැනුවත් කිරීම වටින්නේය. එය ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ බජට් එක මෙන් දශමයට තිබිය යුතු නැත්තේය. දළ අදහසක් ලබා දී තිබෙන්නේ නම් ප්රමාණවත්ය.
තත්වය එසේ තිබියදී අපේ මිතුරෙකු අනුගමනය කළේ ඉතා දරුණුම ක්‍රම වේදයක්ය. ඒ තමන්ගේ ආදායම පිළිබඳව බිරිඳට සැගවීමය. ඇය ප්‍රශ්න නොනගන තාක් එය අවුලක් නැතිය. එහෙත් කොනක් අල්ලා ගත් දාට වසන්නට වෙන්නේ සදාතනිකව කම්පැනිය ඇතුළේය. ඩෑල් එක ගෙදරට අඩු පාඩුවක් නොකරන්නේය. පඩිය ගැන නිවසට සැගවූයේ කාන්තාවන්ගෙන් වෙන අනිසි, වියදම් අඩුකරන්නට විය යුතුය. ඒ නිසා හෙතෙම පඩිය කොපමණද කියා වසන් කරන්නට තම pay sheets පවා අස්ථාන ගත කොට තැබුවේය.
දිනක් වහලයේ කැඩුණු මුදුන් උළු කැටයක් මාරු කිරීම පැවරෙන්නේ අප මිත්රයාටය. මිත්‍රයා තරමක් උස මහත නිසාත්, බර වැඩි නිසාත්, වහලට නැගීමේදී සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට හෙතෙම වහලයට නග්ගන්නේ තම බිරිඳවය. ඇය කෙට්ටුය. හීන්දෑරිය. බර අවමය. කෙසේ හෝ වහලයට හේත්තු කළ ඉනිමග දිගේ ඇය ඉහලට නගිද්දී අප මිත්‍රයා ඉනිමග අල්ලාගෙන සිටියේය. ඇය වහලට නැග්ගාය. පහළ තිබූ මුදුන් උළු කැටයක්ද ඇයට දී කැඩුණු උළු කැටයද පහළට ගත් ඔහු ඉනිමඟ අල්ලාගෙන සිටියේය. උළු මාරු කිරීමේ කාර්යය අවසන් වන්නට වෙලාව ඇතිය. කැඩුණු කැටය බිමය. අළුත් කැටය නිවැරදි තැනින් ඇය තැබුවාය. අප මිත්‍රයා ඉනිමඟ පාමුලය. පැය කාලක් ගත් වුණේය. ඇය සද්ද නැතිය. පැය භාගයක් ගත වූයේය. ඇය සද්ද නැතිය. කුමක් හෝ ලොකු සීන් එකක් වහලය මත සිද්ධ වෙනවා යැයි සිතූ මිතුරා හඬ අවදි කර ඇත්තේය.
“ඒයි... ඔයා කොහෙද??“
ඇය සද්ද නැතිය. දෙතුන් වතාවක් හඬ අවදි කොට ඔහු ඇයව සොයා ගත්තාය. ඉන්පසු ඇය වහලය මතින් නැගී සිටියේ කුඩා කඩදහි කොළ සැට් එකක්ද අතැතිවය. අපේ මිත්‍රයාට හීන් දාඩිය දමන්නට ඇත්තේ එතැන් සිටය. ඇය වහලයේ ෂීට් කැබැල්ලක් අස්සෙන් සීලිම මත තිබූ කොළ කැබලි කිහිපයක් පරික්ෂා කර ඇත්තීය. එය හොදින් කියවා බලා, පිළිවෙලකට සකසාගෙන ඇය පහළට බැස ඇත්තේ තම ස්වාමියා අත් අඩංගුවට ගැනීමටය. එතෙක් කල් කාමරයේ සීලිං ෂීට් කැබැල්ලක් ඔසවා, සීලිම අස්සේ සැඟවූ අප මිත්‍රයාගේ pay sheet සියල්ල හසු වූයේ එලසය. ඔහු නැවත තම බිරිඳව වහලයට නග්ගන්නට පෙර දෙවරක් හිතනවා ෂුවර්ය. නැති නම් Income tax එකට හසු නොවුනත්, තම බිරිඳට හසු නොවී හිදීම බොරු බව තේරුම් ගන්නවා ෂුවර්ය.
Written_by_sAm_ශ්‍රී_9,30PM_03/04/17
http://samindikasrimantha.blogspot.com

3+