ආනන්ද ක්‍රිෂ්නන් මහතාගේ පුතනුවෝ
පූජ්‍ය අජාන් සිරිපඤ්ඤෝ භික්ෂුන්වහන්සේ ඉතා විනීත ගුණයෙන් යුතු තායිලන්තයේ ථෙරවාද ස්වාමින්වහන්සේ නමකි. උන්වහන්සේ පවුලේ එකම දරුවා වන අතර, ෆොර්බ්ස් 2016 මගින් පල කරන ලෝක-ධනවත් ලැයිස්තුවේ මැලේසියාවේ ඉහළම පොහොසතුන් අතරින් දෙවැන්නා වන, ඇමෙරිකන් ඩොලර් බිලියන 6.6ක් (රුපියල් බිලියන 990 ක්) වටිනා ව්‍යාපාරයක හිමි කරු, T. ආනන්ද ක්‍රිෂ්නන් මහතාගේ පුතනුවෝ ය. මවු තුමිය, රෂවොං සුපිංද ජක්රපං, දිවංගත තායි රජතුමාගේ මිනිබිරියෙකි.
1989 දී අජාන් සිරිපඤ්ඤෝ ස්වාමින් වහන්සේ මුලින්ම බුදු දහම අඳුනා ගත් අතර උන්වහන්සේ තම මවු-පරපුරට උපහාරයක් වශයෙන් තායි සම්ප්‍රදානුකූලව ආරණ්‍ය භික්ෂුවක වශයෙන් තාවකාලික-පැවිද්ද ලබා භාවනා යෝගීව කටයුතු කළහ. ඒ වනවිට උන්වහන්සේ ගේ වයස අවුරුදු 18 කි. මහා බ්‍රිතාන්‍යයේ විවිධ සංස්කෘතීන් ගැන අවබෝධයක් ඇතිව හැදුන වැඩුන නිසා, උන්වහන්සේට තාවකාලික-පැවිද්ද යම් ප්‍රමාණයකට විනෝදාත්මක අත්දැකීමක් වේ යැයි සිතුනත් බුදු දහම හඳුනා ගැනීමට එය මහත් උපකාරයක් විය.
මෙම 'තාවකාලික-පැවිද්ද' දැන් වසර 27ක් දක්වා දිගු වී ඇත. පූජ්‍ය අජාන් සිරිපඤ්ඤෝ භික්ෂුන්වහන්සේ තම පියාගේ ව්‍යාපාරික කටයුතු හා බැඳීමෙන් වැලකී, ශ්‍රමණ ජීවිතය ඉදිරියට ගෙනයාම තම අරමුණ වශයෙන් තෝරා ගත්තෝය. ථෙරවාද භික්ෂුන්වහන්සේ නමක වශයෙන් දිනකට එක් වරක් පමණක් හිර අවරට යාමට පෙර දානය වළදන අතර, පසු දින උදෑසන වනතුරු කිසිදු ඝන ආහාරයක් නොගනිති. මෙතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි තුන් සිවුරත්, පාත්‍ර සහ භික්ෂුවකට කැප දෙය පමණක් පරිහරණය කරමින් කිසිදු ආකාරයකට හෝ මුදල් පරිහරණයෙන් වැලකී ඉතා අල්පේච්ච, සරල දිවිපෙවෙතක් ගත කරති.
Source - Path to Nirvana. https://www.facebook.com/path.nirvana/

+