ආනයන සීමා ගැන මහ බැංකුව කරන්න යන දේ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    විදේශ සංචිත ප්‍රමාණය අඩුකර ගැනීම වලක්වා ගැනීමට ආනයන තවදුරටත් සීමා කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

    විදේශ ආයෝජන වැඩි වශයෙන් ලබා ගැනීම, අපනයන ආදායම වැඩි කරගැනීම ,විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය අඩුකර ගැනීම ඇතුළු යෝජනා රැසක් මහ බැංකුව මුදල් අමාත්‍යංශයට යවා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර තින්දුවක් ලබා ගත යුතුව ඇති බව මහබැංකුව මුදල් අමාත්‍යාංශයට දන්වා ඇතැයි ආරංචි මාර්ග කියයි.

    ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ දක්වා අඩු වී ඇතැයි මහ බැංකුව පසුගිය දා ප්‍රකාශ කළ අතර ,ඩොලර් මිලියන 330ක් පමණ ඇත්තේ රත්රන් සංචිත බවද බැංකුව සඳහන් කළේය.


    Aruna
     
    • Haha
    Reactions: Anatha sinhalu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,172
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ගෙ මොලගෙඩි වලට තේරෙන්නෙ නෑනෙ ඩොලර් එකට සැබෑ වටිනාකමක් දෙන්න ඕන කියල. තාමත් මුන් රුපියල හිරකරගෙන ඉන්නද යන්නෙ.

    වෙන තැන්වල ඩොලර් එකට 240 ක් දෙද්දී උන් 210 ට ඩොලර් ගේනකන් බලන් ඉන්නවා. 🤣🤣🤣