ආන්ඩුවේ අතරේ පැවති රහස් සාකච්ඡාවක් ---- #

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආන්ඩුවේ අතරේ පැවති රහස් සාකච්ඡාවක් ---- #


    https://www.wsws.org/sinhala/2017/2017mar/slec-05m.html

    ආන්ඩුවේ ඇමතිවරුන් හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතරේ පැවති රහස් සාකච්ඡාවක් ගැන කොලඹ පලකරන ,සන්ඩේ ටයිම්ස් පුවත්පත ගිය සතියේ දිග ලිපියක් පල කලේය. පුවත් පතට අනුව, මෙම ඉහල පෙලේ රැස්වීම “රටෙහි දිග හැරෙමින් පවතින භයානක ආර්ථික තත්වයෙහි පෙරනිමිති මොනවාදැ”යි සාකච්ඡා කලේය.
    මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හා ඔහුගේ උප ප‍්‍රධානී නන්දලාල් වීරසිංහ රැස්වීමට කරුනු ඉදිරිපත් කල අතර සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ‍්‍රීලනිප) අයත් ඇමතිවරු රැස්වීමට සහභාගී වූහ. අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග ඇති කල “හවුල් ආන්ඩුවේ” ශ‍්‍රීලනිප හවුල් කරුවෙකි. එජාප ඇමතිවරු ඇතුලත් වන තවත් රැස්වීමක් සැලසුම් කර තිබේ.
    ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නිර්දේශිත කප්පාදු වැඩපිලිවෙල සම්පූර්නයෙන් ක‍්‍රියාත්මක කරන්නැයි මහ බැංකු නිලධාරීන් ශ‍්‍රී ලංකා ආන්ඩුවට කියා සිටි බව සන්ඩේ ටයිම්ස් වාර්තා කලේය. ගිය අගෝස්තුවේ ලබාගත් එජ ඩොලර් මිලියන 1.5 ට හිලව් වශයෙන්, බදු ඉහල දැමීම්, සහනාධාර කප්පාදු හා රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය ඇතුලු දුර දිගයන ආර්ථික ප‍්‍රතිසංස්කරන ගනනාවක් ක‍්‍රියාත්මක කරන්නට ජාමූඅ කොලඹ ආන්ඩුවට බල කලේය. කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන් මතට තව ප‍්‍රහාර එල්ල කරන්නට ආන්ඩුව දැන් සැලසුම් කරමින් සිටී.
    ගෝලීය ආර්ථිකයේ එක දිගට ඇද වැටීම්වලින් හා ප‍්‍රධාන වැවිලි විනාශ කරවූ දීර්ඝ නියඟය හේතුවෙන් ශ‍්‍රී ලංකාව දරුනු ප‍්‍රහාරයකට ලක් ව ඇති අතර අත්‍යාවශ්‍ය ආහාර මිල ගනන් අහස උසට නගිමින් තිබේ. ජාමූඅ ග‍්‍රහනය යටතේ ඇති ආර්ථිකය “රෝහල් ගත කර ඇති” බව මහ බැංකු අධිපති කුමාරස්වාමි විස්තර කලේය.
    මහ බැංකු නිලධාරීහු ඇමතිවරුන්ගේ රැස්වීමට දේශිය හා විදේශීය නය හා ඒ හා බැඳුනු නය සේවා ගැටලු ගැන සවිස්තරාත්මක විශ්ලේෂනයක් ඉදිරිපත් කලහ. 2010 දී එජ ඩො. බිලියන 30 (රුපියල් බිලියන 4,590) ක් වූ දේශීය නය 2016 දී ඩො. බිලියන 62 ක් තෙක් ඉහල ගිය බව වීරසිංහ පැවසීය. භාන්ඩාගාර බැඳුම්කර වල වාර්ෂික නය සේවා වියදම සඳහා එජ ඩො. බිලියන 6.23 (රුපියල් බිලියන 945) අවශ්‍ය වන නමුත් වෙලඳපොල ආරංචි මාර්ග අනතුරු අඟවන අන්දමට “උපයා ගත හැකි සංඛ්‍යාව” ඩො. බිලියන 4.74 (රුපියල් බිලියන 720) ක් පමනක් වන බව ඔහු පැවසීය.
    ජනවාරියේදී නිල විදේශ සංචිත ඩො. බිලියන 5.5 ක් පමනක් බැව්, එනම් පසුගිය මාස 12 පුරාවට ඩොලර් බිලියන භාගයක ඇද වැටීමක් සිදුව ඇති බව මෑත කාලීන වාර්තාවකින් අනාවරනය විය. ආයෝජන මංඩලයට අනුව, 2015 දී ඩො. මිලියන 600 ක් වූ සෘජු විදේශ ආයෝජන 2016 දී එමෙන් අඩක් එනම් ඩො. මිලියන 300 ක් විය.
    එජ ෆෙඩරල් මහ බැංකුවේ “දැඩි ආක‍්‍රමනශීලී ප‍්‍රතිපත්තියත් වෙලඳාම, ආගමන හා අන්තර්ජාතික සම්බන්ධතා සම්බන්ධ එජ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිපත්තිත් හේතුවෙන් මතුවුනු අස්ථාවරත්වය නිසා” ඇතිවූ “ප‍්‍රාග්ධන ඉවතට ගලායාමෙන් රිදවුනු රුපියල මුහුන දුන් නැවුම් විකිනීමේ පීඩනය හේතුවෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රතිපත්ති සම්පාදකයන්හට දුෂ්කර තුලන ක‍්‍රියා පිලිවෙතකට මුහුන දීමට සිදුවූ” බව මෑතකදී නිකුත් වූ රොයිටර් ප‍්‍රවෘත්ති නිවේදනයක ද සඳහන් වී තිබින.
    ශ‍්‍රී ලංකාවෙන් ප‍්‍රාග්ධනය ගලායාමේ වැඩිවීම අඟවමින්, පෙබරවාරි 8 න් අවසන් වූ සති හතර ඇතුලතදී විදේශ ආයෝජකයෝ ඩො. මිලියන 208 ක් පමන වූ ආන්ඩුවේ සුරැකුම් පත් විකුනා දැමූහ. අපනයන ද ඇද වැටෙමින් ඇති අතර රුපියල දේශීය මිල ගනන් සීඝ‍්‍රව ඉහල යවමින් 2015 ජනවාරි සිට සියයට 15 කින් පමන අවප‍්‍රමාන වී තිබේ.
    කොලඹ සමග සෘජුව වැඩ කරමින් සිටින ජාමූඅ ට අනුව, “ආන්ඩුවේ සුරැකුම් පත් වලින් විදේශ මුදල් ඉවත්ව යාම, සෘජු විදේශ ආයෝජන (සෘවිආ) පැමිනීමේ අඩුවීම හා බාහිර ආයෝජනයන්ගෙන් සිදු කරන රාජ්‍ය හා පුද්ගලික ව්‍යාපෘතිවල මන්දගාමී ක‍්‍රියාකාරිත්වය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග්ධන හා මූල්‍ය තත්වය දුර්වල වී ඇත.”
    “ගෝලීය වෙලඳපොල අස්ථිරභාවය හා දේශීය ප‍්‍රතිපත්ති සම්බන්ධව උත්සුකතා පිලිබිඹුුකරමින් ආයෝජක මනෝභාවය නරක අතට හැරී ඇති” බව ජාමූඅ පැවසීය. ජාමූඅ කන්ඩායම ගිය සතියේ ශ‍්‍රී ලංකාවට පැමිනි අතර අමතර කන්ඩායමක් කෙටි කාලයක් තුල පැමිනීමට නියමිතය.
    සුරැකුම් පත් වලින් ඉවතට ඇදී ගිය අරමුදල් හානි පූරනයට මූල්‍ය වෙලඳපොලින් ඩො. මිලියන 500 ක් උපයා ගත යුතු බවට ජාමූඅ යෝජනා කර තිබේ. කෙසේවුවද, මුදල් අමාත්‍යාංශය මෙම යෝජනාව පිලිබඳව සිය සැලකිල්ල පල කර තිබේ. “මිනිසුන් මත අසාධාරන බර පැටවීම අවිචාරවත් බව” ජාමූඅ වෙත පැවසූ මුදල් අමාත්‍යාංශය, “ජාමූඅ පැත්තෙන් නම්‍යශීලිත්වයක් පෙන්වීමට ඇති අකමැත්ත ආන්ඩුව අස්ථාවර තත්වයට පත් කල හැකි” බවට අනතුරු ඇඟවූ බව ගිය සතියේ සන්ඩේ ටයිම්ස්පැවසීය.
    එහි උත්සුකතා තිබියදීම, රජය අන්තර්ජාතික වෙලඳපොලින් නය ලබාගැනීමට දැනටමත් උත්සාහ කරමින් සිටී. මේ වසරේ නය සේවා වියදම පියවා ගැනීමට ඊලඟ මාස කිහිපය තුලදී ඩො. බිලියන 1.5 ක් උපයා ගැනීමේ උත්සාහයන්ට ගිය සතියේ කැබිනට් මංඩල අනුමැතිය හිමි විය.
    2016 දී රටේ මූල්‍ය කාර්ය සාධනය හරි මගට වැටී ඇති බව ප‍්‍රකාශ කරමින්, මුදල් ඇමති රවි කරුනානායක පැසවෙන ආර්ථික ගැටලු වසන් කිරීමට උත්සාහ කලේය. “මූල්‍ය කාර්ය සාධනය හරි මගට වැටී ඇත” යන්නෙහි තේරුම වන්නේ, ජාමූඅ අනුව යමින්, අමතර බදු ඉහල දැමීම් හා සමාජ වියදම් කපා හැරීමෙන් මූල්‍ය හිඟය දල දේශීය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 5.4 තෙක් අඩු කරන බවයි.
    කෙසේවුවද, “දදේනි යෙන් සියයට 40 ක් වන විදේශ මුදල් නය ශ‍්‍රී ලංකාවේ මුදල් සැපයුම දුර්වල කරන අතර රුපියල සීඝ‍්‍රයෙන් අව ප‍්‍රමාන වුව හොත් දේශීය මුදලින් ගනන් බැලූ විට ඉතා ඉහල නයෙහි අවදානම වැඩි වනු ඇත.” ෆිච් මූල්‍ය වර්ගීකරන ආයතනය අනතුරු ඇඟවීය.
    වෙලඳ භාන්ඩවල මිල ඉහල යෑමෙන්, විශේෂයෙන්ම හාල්, පොල් හා එලවලු වැනි අත්‍යාවශ්‍ය භාන්ඩ, කම්කරුවන්ට හා දුගීන්ට පහර වැදෙමින් උද්ධමනය ඉහල යමින් තිබේ. 2017 අයවැයේදී පැන වූ බදු ඉහලයෑම් වල බලපෑම යටතේ, දෙසැම්බරයේදී සියයට 5.8 ක් වූ මධ්‍ය උද්ධමන අනුපාතය ජනවාරි වන විට සියයට 7 ක් විය.
    දරුනු නියඟයක් රටෙහි වැඩි කොටසකට බලපා ඇති අතර ඒ හේතුවෙන් ආහාර හිඟයක් ඇති වී තිබේ. මිල ගනන් ඉහල යාම වැලැක්වීමේ අපේක්ෂා විරහිත උත්සාහයක් ගනිමින් ආන්ඩුව ගිය සතියේදී සහල් මිල පාලනයකට නතු කලේය. ඉන්දියාවෙන්, වියට්නාමයෙන් හා ඉන්දුනීසියාවෙන් සහල් ආනයනය කිරීමට රජයට බල කෙරුනේය. ආන්ඩුවත් සමග ඉතා සමීප සම්බන්ධතා ඇති විශාල හාල් මෝල් හිමියන් හාල් රැස් කර තබා ඇති බවටත් මිල ගනන් ඉහල යවන බවටත් ගොවීහු චෝදනා කලහ.
    මෙම සාමාජීයව පුපුරා යන සුලු ස්වභාවයෙහි දේශපාලන ප‍්‍රතිවිපාක ගැන බියවන සන්ඬේ ටයිම්ස් “මෙම භයානක නය සිදුවීම් පෙලෙහිදී, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ජනාධිපති හා අගමැති කාර්යාල ඇතුලත් ආන්ඩුවේ සමස්ත කාර්ය සංවිධානය නය අර්බුදයෙහි දැවැන්ත පරිමාවේ අභියෝගයට මුහුන දීමට පරමානන්දිතව නුසූදානම් බව පෙනේ.... ”ප‍්‍රකාශ කලේය.
    ඇත්තටම, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව හදිසි තත්වයක් බලාත්මක කිරීමට හා මහජනතාව අතරේ කිසියම් නොසන්සුන්තාවක් ඇතිවුව හොත් එය මැඩ ලන්නට ආරක්ෂක හමුදා යෙදවීමට සලකා බලමින් සිටී. ඒ අනුව යමින් ගිය මාසයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ යෝජනාවක් කැබිනට් මංඩලයට ඉදිරිපත් කලේය. මෙවැනි ඩ‍්‍රැකෝනියානු ප‍්‍රතිචාරයක් සඳහා මුවා වූයේ ශ‍්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක 25 න් 16 ක් නියඟයෙන් බැටකෑමට යි.
    එවැනි වැඩපිලිවෙලකට තම සහයෝගය පෙන්වාදෙමින්. “හදිසි තත්වයකට වටපිටාව මෝරා නැතත්, පරීක්ෂාකාරී හා ඉක්මන් තත්වයක් මේ පැයේ දී උවමනා වේ”යැයි සන්ඩේ ටයිම්ස් ප‍්‍රකාශ
     
    Last edited:
    • Like
    Reactions: Pissu_Matta

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රහස් සාකච්ඡාවක් නං උන් කොහොමද දන්නෙ රටේ ආර්ථිකේ ගැන කතා වුනා කියල ? :dull: :dull: