ආපදා මරණ 334ක් - අතුරුදන් 370ක් - වැඩිම මරණ මහනුවරින් 6:00 P. M: 30/11/2025 update:

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113

    ආපදා මරණ 334ක් - අතුරුදන් 370ක් - වැඩිම මරණ මහනුවරින්


    දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

    අද (30) සවස 6ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 370ක් අතුරුදන්ව ඇත.

    පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

    මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 68ක්, කුරුණෑගලින් මරණ 37ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් වාර්තා වී ඇත.

    මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 64ක්, බදුල්ලෙන් පුද්ගලයින් 53ක් හා කුරුණෑගලින් පුද්ගලයින් 35 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇත.

    - https://sinhala.adaderana.lk/news/217759
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,967
    15,417
    113
    වාරිමාර්ග හා කෘෂිකර්ම.ඇමති ලලකාන්ත. පේන්නවත් නැහැ
    Wenadata Dudley ge wets galawanna hari katha karanawa.
    Dudley ge weta galawanna gihin ekath redde reva gaththa.
     
    • Like
    Reactions: monson