ආපනශාලා ආහාර රැසක මිල ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ ආපනශාලාවලට අවශ්‍ය සහ අළෙවි කරන ආහාර වර්ග රැසක මිල ඉහළ යෑමට ප්‍රතිචාර ලෙස දැඩි තීරණ ගැනීමට සිදුවන බවත් මිල අඩුවූ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සැබෑ ලෙස අඩුකිරීමට පාරිභෝගික අධිකාරිය මැදිහත් විය යුතු බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (10) පැවසීය.

    ශීතකරණවල තබන යෝගට්, අයිස් පැකට්, අයිස් ක්‍රීම්, බීම බෝතල් සහ කුකුළු මස් ඇතුළු බොහෝ ආහාර සහ පාන වර්ගවල මිල ඉහළ යනු ඇති බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට සැපවිදීමට ජනතාවට විශාල විදුලි ගාස්තුවක් පටවා ඇති බවත් අසේල සම්පත් මහතා කීය.

    පරිප්පු සහ සීනි ඇතුළු මිල අඩුවූයේ යැයි කියන අත්‍යවශ්‍ය භාණ්ඩලවල මිල පිටකොටුවේ සැබෑ ලෙස අඩුවී නැති බවත් ආපනශාලාවල ආහාර මිල වෙනස් නොවීමට නම් එම භාණ්ඩවල මිල සැබෑ ලෙස අඩුවිය යුතු බවත් අසේල සම්පත් මහතා සඳහන් කළේය.

    විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට පෞද්ගලික අංශයෙන් සුඛෝපභෝගි වාහන ගැනීමට සහ උප පොළවල් සඳහා පෞද්ගලික ගොඩනැගිලි කුලී පදනම මත ලබාගැනීමට විදුලිබල මණ්ඩලය විශාල මුදලක් වැය කරන බව කී අසේල සම්පත් මහතා මෙවැනි දේ නොනවත්වා එහි බර ජනතාවට පටවන්නේ නම් නිලධාරීන්ගේ නිවෙස් වටලන බව ද සඳහන් කළේය.

    ලංකාදීප
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,101

    images

    Menna me gothaya thamai ceb eka kiyana kiyana widiyata natala minissunta shot eka denne...
    Okkotama kalin utility commission kiyana hora guhawa sudda karanna barida?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    ඇත්ත තමා ඌ කියන්නේ.මිනිස්සු විදුලි බල මණ්ඩලය,පෙට්‍රෝලියම් එක තැන් වල ලොක්කොනේ ගෙවල් වට ලන්න ඕනේ
    තනිකරම ගසාකෑම. අපි ඉන්නෙ ගම්බදව මෙහේ බහුතරයක් 99%ක් ම රැකියාව කරන්නෙ නගරෙ. ගමේම සිල්ලර කඩ 4ක් ගැරජ් දෙකක් වගේ තියෙනව. ගෘහස්ත කර්මාන්ත 90%ක්ම වැහිල ගිහින්. රෙදි මහන තෙල් හිදින ඒව වගේ සුලු ව්‍යාපාර තමා ගෘහාශ්‍රිතව තියෙන්නෙ. ඕවට මහලොකු කරන්ට් එකක් ඕනෙත් නෑ. නැති උනා කියල පාඩුවකුත් නෑ.

    ප්‍රශ්නෙ තමා සතියේ දිනවල ගමේ විදුලි පරිභෝජනය ඔය විදියට තියෙද්දි මේන්ටනන්ස් හැම මාසෙකටම වැටෙන්නෙ සෙනසුරාදට. සති අන්තෙ මිනිස්සු ගමේ ඉන්න දවසට. එදාට මිනිස්සුන්ට වැඩක් කරගන්නත් නෑ අරුන් උදේ 8-6 වෙනකම් මේන්ටනන්ස් කියල ඕටී දාගන්නව. සතියෙ දවස් කිසිම දවසක මේන්ටනන්ස් කරන්නෙ නෑ. එහෙම මේන්ටනස් කරලත් පොඩි වැස්සක් ගියගමන් එදාට ලයින් එක බ්‍රෙක්ඩවුන් කියල කපනව. පොඩි වැස්සකටවත් ඔරොත්තුදෙන්නෙ නෑ. ඒ උනාට සති අන්තෙ මාසෙට දවස් දෙකක් මේන්ටනන්ස්..

    ඔන්න බලපන් 13 වෙනිද තත්වෙ. එපා වෙනව. පැය 4 කරන්ට කපපු කාලෙ රෑ 10 විතර වෙනකම් එක දිගටම නෑ

    dilUwOl.jpg
     
    Sathiye mada kapilimai godak set wenne mata, lokuma aula current thibbata 7:00pm to 9:00pm wage enne 125v to 175v ceb haththata keewata wadak naha dan close to two months