දිවයින පුරා ලුණු හිඟයක්?

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,163
    8,288
    113
    දිවයින පුරා ලුණු හිඟයක්?


    ‍ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බවය.

    එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

    ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

    මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරයි.

    කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

    ඇතැම් පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළකර තිබුණි.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ පාරිභෝගික පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කළේය.

    එහිදී පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවය.

    ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩු පැකට් එක සිගරට් පෙට්ටියකට වඩා අඩුයි. අරක්කු බෝතලේකට වඩා අඩුයි. තව ටික දවසකින් ලුණු පැකට් එකටත් වඩා අඩු වෙයි. මොකද බං මේ උඹලගේ මහා එකා කරන්නෙ? @Kumbhakarna22
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    සීය/මයින/ගවය දුන්න ආතල් ජෙප්ප පිටින් යන්නෙ :lol:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    මන් ගිය ජනවාරි වල කිව්වෙ

    පුතාණෝ දින්නනම් සැප නේහ් 🙃
    අනිවාර්යෙන්. ඌ දින්නනම් කන්න ටික හරි තියනවා

    දැන් හාල් නෑ. ඉස්සරහට ලුණු කැඳත් නෑ තොපිට
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොටා චන්දේ දවස් වල කිව්වා රට වටේම මුහුද මේ ගොල්ලො ඒ උනාට සැමන් චීනෙන් ගේනවා කියලා. 😂

    ඒ මුහුදේ වතුර ටික අරන් ලුණු හදන්න බැරි එකා කොහොමද බන් අනික්වා කරයි කියලා බලාපොරොත්තු තියන්නෙ
     
    • Haha
    Reactions: supun_sg

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    කලින් ආන්ඩු වලින් ඇතිවෙන්න ලුනු හදලා ගියේ නැති නිසා තමයි ලුණු හිඟයක් ඇවිල්ලා තියෙන්නේ.

    මීට,
    නලීන් හෑවා ගේ සහ ලපාන්ඩුව

    😂 😂 😂 🤌 🤌