ආපසු ආ රහස් යානය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ආපසු ආ රහස් යානය

    ‘එක්ස් 37බී’ යනු ඇමෙරිකා ගුවන් හමුදාවට අයත් රහස් යානයකි. මේ අබිරහස් යානය ගැන උනන්දු වන ඇමෙරිකන් මාධ්යවේදීන්, යානය හඳුන්වන්නේ ‘අභ්යවකාශ ගුවන් යානය’ යනුවෙනි. වසර දෙකක කාලයක් පෘථිවියේ පහළ කක්ෂයේ සැරිසැරූ අභ්යවකාශ ගුවන් යානය, පසුගිය දා යළි පෘථිවියට ගොඩබෑවේය.
    තාරකා විද්යාඥයන් ඔවුන්ගේ දුරේක්ෂ ආධාරයෙන් මේ යානය ගැන විමසිල්ලෙන් පසුවූයේ එය ගුවන්ගත වූ දා පටන් ය. දින 780 ක් පෘථිවියේ පහළ කක්ෂයේ රැදී පාවෙමින් සිටි ‘අභ්යවකාශ ගුවන් යානය’, යළි පෘථිවියට පැමිණියේ පසුගිය ඔක්තෝබර් 27 වැනිදා ය. කැනැවරල් තුඩුවේ, නාසා ආයතනයට අයත් කෙනඩි අභ්යවකාශ මධ්යස්ථානයට යානය ගොඩබෑම සිදුවිය. යානය පිටත්ව ගියේ ද මෙතැන සිටය.
    ‘එක්ස් 37බී යානය සාර්ථක මෙහෙයුමකින් පසු ආපසු ආවා. කලින් අවස්ථාවලදී මෙන් නොවෙයි, මේ අවස්ථාවේ යානය දින 780 ක් පෘථිවියේ පහළ කක්ෂයේ රැඳී සිටියා. මේ යානය රජය සහ පෞද්ලික අංශය එක් වී නිර්මාණය කළ නව නිපැයුමක්. අප නව විදුලි උපාංග කීපයක් උඩුගුවනේ දී පරීක්ෂාවට ලක් කළා.’ යැයි ගුවන් හමුදා මාණ්ඩලික ප්රධානී ජනරාල් ඬේවිඞ් ගෝල්ඞ්ෆින් ප්රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.
    විද්යුත් උපාංග උඩුගුවනේ දී පරීක්ෂාවට ලක් කිරීම පිළිගත නොහැකි යැයි ඇමෙරිකන් මාධ්යවේදීහු පෙන්වා දෙති. එය සැබැවින්ම සත්යය වසං කිරීමක් බව ඔවුහු කියති. කෙසේ නමුත්, ‘එක්ස් 37බී’ යානය මොන විදියේ එකක්දැයි කියා හෝ එය යොදා ගන්නේ කුමන කටයුත්තක් සඳහාදැයි හෝ හමුදාව නිසි පැහැදිලි කිරීමක් කර නැත. එය සැබැවින්ම රහසකි.
    තාරකා විද්යාඥයන් සහ ඇමෙරිකන් මාධ්ය පෙන්වා දෙන අන්දමට යානය පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින් ඔත්තු බැලීම් කරයි. ඒ, කවුරු ගැනදැයි දන්නේ නැත. ගුවන් හමුදා මාණ්ඩලික ප්රධානී ජනරාල් ඬේවිඞ් ගෝල්ඞ්ෆින් වැඩිදුරටත් මෙසේ ද පවසා තිබේ. ‘ඇමෙරිකා ගුවන් හමුදාවට ගුවනේ සීමා මායිමක් නැත. කොංග්රසය අනුමැතිය දුන්නොත්, අප මේ යානය ගුවන් හමුදාවට එක් කර ගන්නවා.’
    පර්යේෂණ මට්ටමින් විටින් විට පෘථිවියේ පහළ කක්ෂයේ රඳවා තැබෙන මෙම යානය නියමුන් රහිතව ක්රියාත්මක වෙයි. ඒ, රොබෝ නියමු පද්ධතියක් ආධරයෙනි. මෙය පෙනුමින් ඇමෙරිකා නාසා ආයතනය 80 සහ 90 දශකයේ භාවිතයට ගත් අභ්යවකාශ ෂටලයක් වැනිය. පියාපත් සමඟ යානයේ පළල අඩි 14 කි. උස අඩි 9 යි අඟල් 6 කි. පෘථිවි කක්ෂයට වී පෘථිවිය වටා යන්නේ පැයට සැතපුම් 17,426 ක වේගයකින් යැයි පැවැසෙයි.
    එක්ස් 37බී යානය නිර්මාණය කිරීමෙන් පසු පළමුවෙන් පෘථිවි කක්ෂයට යැවීම සිදු කළේ 2010 දීය. එම අවස්ථාවේදී දින 224 ක් සහ පැය 90 ක් එය පෘථිවියේ පහළ කක්ෂයේ රඳවා තැබුණි. ඉන්පසු අවස්ථා තුනකදී යළි එක්ස් 37බී පෘථිවි කක්ෂයේ රැඳවීමට ඇමෙරිකා ගුවන් හමුදාව කටයුතු කළේය.
    ලුසිත ජයමාන්න


    ‘ද සන්’ ඇසුරිනි


    x37b-otv4-landing.jpg



    VXkNgQpdYELFXz4Z5gofKo-320-80.jpg



     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    හිහි ඒ උනාට අභ්‍යවකාශය ගැන මහලොකු වැඩ කරන ඵයාලගෙ හෙලිකොප්ටර් කඩන් වැටිල වටින මිනිස්සු මැරෙනව.පුදුමයි නේද..:D.🇺🇸
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හිහි ඒ උනාට අභ්‍යවකාශය ගැන මහලොකු වැඩ කරන ඵයාලගෙ හෙලිකොප්ටර් කඩන් වැටිල වටින මිනිස්සු මැරෙනව.පුදුමයි නේද..:D.🇺🇸


    :rofl:බොරු හිල තමා..උන් තමා හෙන වැඩ්ඩො කියල ලෝකෙට පෙන්නන්න කරන මායාවල් තමා ඔය ඔක්කොම.ඒ කාලෙ ඕකුන් හඳත් පුපුරවන්න හදලා උන්ගෙ ලොකුකම පෙන්නන්න.ඉතිං හිතාගනින්කෝ..:rofl:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    :rofl:බොරු හිල තමා..උන් තමා හෙන වැඩ්ඩො කියල ලෝකෙට පෙන්නන්න කරන මායාවල් තමා ඔය ඔක්කොම.ඒ කාලෙ ඕකුන් හඳත් පුපුරවන්න හදලා උන්ගෙ ලොකුකම පෙන්නන්න.ඉතිං හිතාගනින්කෝ..:rofl:

    :shocked::lol::lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    හිහි ඒ උනාට අභ්‍යවකාශය ගැන මහලොකු වැඩ කරන ඵයාලගෙ හෙලිකොප්ටර් කඩන් වැටිල වටින මිනිස්සු මැරෙනව.පුදුමයි නේද..:D.🇺🇸

    :D :D :D