ආප්ප අපිට ලැබුණු හැටි නොහොත් ආප්පේ ජාතකේ
වත්මන් ශ්‍රී ලාංකීක මැලේවරුන් හට ඔවුන් භාවිත කරන මැලේ කෑම වර්ග උරුම වූයේ ඉන්දුනීසියානු දූපත් කලාපයට අයත් රටවලින්, දහහත් වැනි සියවසේ අග භාගයේ ලන්දේසි යුගයේදී ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ තම ආදි මැලේ මුතුන් මිත්තන් ගෙනි.
ලන්දේසි යුගයටත් වඩා ආදි මැලේවරු ශ්‍රී ලංකාව තුළ විවිධ පළාත්වලට සංක්‍රමණය වූයේ ඉන්පසු එළැඹි ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේදීය. ඒ ඉංගී්‍රසී ආණ්‌ඩුව විසින් ස්‌ථාපිත කරන ලද ලංකා මැලේ රයිෆල් රෙජිමේන්තුව (Ceylon Malay Rifle Regiment) 1873 දී විසුරුවා හැරීමෙන් අනතුරුවය. මැලේවරුන් විසින් ඕ 60 රෙජිමන්ට් යනුවෙන් හඳුන්වනු ලැබූ මෙම බළකාය (Orang) විසුරුවා හැරීමට ඉංග්‍රීසි ආණ්‌ඩුව විසින් තීරණය කරන ලද්දේ ප්‍රථමයෙන් මුහුදුබඩ ප්‍රදේශවලට පමණක් සීමා වී පැවති ඉංග්‍රීසි පාලනය කන්ද උඩරට රාජධානියේ ආධිපත්‍යයද මැලේ රෙජිමේන්තුවේ රණශූරත්වයද උපයෝගී කොටගෙන ඩැහැගැනීමෙන් පසුවය. ඒ තවදුරටත් සුවිසල් හමුදාවක් නඩත්තු කිරීමේ අර්ථයක් නැතැයි තීරණය කිරීමෙන් අනතුරුවය. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පාලනයට අභියෝග කිරීමට තරම් ශක්‌තිමත් බලවේගයක් තවදුරටත් නොදුටු බැවින්, ඉංග්‍රීසීන් එකී තීරණයට එළැඹීයේය.
ලංකා මැලේ රයිෆල් රෙජිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එහි සේවය කළ මැලේවරුන් හට තම නිජබිම් කරා යැමට ඉංග්‍රීසි ආණ්‌ඩුව අවකාශ ලබා දුන්නද බහුතරයක් මැලේවරු ඊට එකඟ නොවූහ. ඒ ඔවුන් තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ස්‌ථීර පදිංචිය දැරීමට වැඩි කැමැත්තක් දැක් වූ බැවිනි. එහිදී ඔවුන් හට ජීවිකාව උදෙසා වෙනත් විවිධ වෘත්තීන් වෙත යොමුවීමට සිදු වු අතර මැලේවරු විසින් එසේ තෝරා ගන්න ලද වෘත්තීන් අනුව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වී ඒ ඒ ප්‍රදේශ තම වාසස්‌ථාන ලෙස යොදා ගැනීමට ඔවුනට සිදුවිය. කුරුණෑගල, මහනුවර, හම්බන්තොට, ත්‍රිකුණාමලය වැනි අගනුවරින් දුර බැහැර ප්‍රදේශවලද, කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලද මැලේවරු විසිරී, තහවුරු වූයේ ඒ අයුරිනි. එසේ ඒ ඒ ප්‍රදේශවල වාසය කරන සිංහල, දෙමළ යෝනක (මරක්‌කල) ජනතාව සමඟ මුසු වී වාසය කරද්දී මැලේවරුන්ගේ විවිධ සංස්‌කෘතික අංග සෙසු ජාතීන් හටද හුරුපුරුදු විය. මැලේවරුන් හට ආවේණික ආහාර වර්ග ශ්‍රී ලංකාවේ සිංහල හා දෙමළ ජනතාවගේද කෑම මේසවල නිතර දක්‌නට ලැබෙන කෑම වර්ග වූයේ එසේය.
ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මරක්‌කල, ජනතාව තම උදේ ආහාර වේල සඳහාද, ඇතැම් විට රාත්‍රී ආහාරය ලෙසද බොහෝ විට ආහාරයට ගන්නා ආප්ප, ඉදිආප්ප, පිට්‌ටු, රොටී වැනි ප්‍රණීත ආහාර වර්ග ඉහත දැක්‌වූ පසුබිම යටතේ ඒ ඒ ජාතීන් හට හුරුපුරුදු වන්නට ඇතැයි අනුමාන කළ හැක්‌කේ එකී ආහාර වර්ග සියල්ලක්‌ම මැලේවරුන් හට ආවේණික, ඔවුන්ගේ මුතුන්මිත්තන් වෙතින් ඔවුනට උරුම වූ ආහාර වර්ග බැවිනි. ඒ අනුව ආප්ප, ඉදිආප්ප, පිට්‌ටු, රොටී වැනි අප පොදුවේ පාතරාසය (breakfast) ලෙස බොහෝ විට කෑමට ගැනීමට පුරුදු වී සිටින එක් එක් ආහාර වර්ග සාදා ගැනීමේදී ඒ වෙනුවෙන් යොදා ගන්නා ද්‍රව්‍ය, ඒවා සාදාගන්නා ක්‍රම, එසේම ඒ ආහාර ඇසුරේ සාදා ගන්නා විශේෂිත කෑම වර්ගවල මැලේජාතිකයන් හට ආවේණික සුවිශේෂතා විමසා බැලීම මෙහිදී වැදගත් වේ.
පෙරදිග මැලේවරු පරිභෝජනය සඳහා යොදා ගන්නා ආහාර විශේෂයක් වන්නේ ආප්පය. එය "ආප්පෙ" (Aape) නමින් ඔවුහු හඳුන්වති. සාමාන්‍ය ආප්ප වෙනුවට මැලේවරුන් හට ආවේණික ආප්ප වර්ග කීපයක්‌ම වේ. ආප්ප සෑදීමේදී මඳ ගින්නේ තැබූ ආප්ප තාච්චියට වත් කරන ආප්ප මිශ්‍රණය මැදට උකු පොල්කිරි ස්‌වල්පයක් වත්කොට සාදා ගන්නා ආප්ප ආප්පෙ සන්ටං (Aape Santang) යනුවෙන් මැලේවරු හඳුන්වයි. ඔවුහු එම ආප්ප ආහාරයට ගන්නේ සීනි හෝ උක්‌පැණි ඊට තවරා ගනිමිනි. මැලේ ජාතිකයෝ ආප්ප තායර් (Aape Tayer) නමින් හඳුන්වන ආප්ප විශේෂය තනා ගන්නේ පිසින ආප්පය මැදට මුදවපු කිරි ස්‌වල්පයක් දමා ගනිමිනි. ඉන්පසු ඔවුහු සීනි හෝ සීනිසම්බෝල සමඟ එය කෑමට ගනිති.
සාමාන්‍යයෙන් ආප්ප සාදා ගන්නේ, ආප්ප තාච්චිය තෙල් ගල්වා ඊට ආප්ප මිශ්‍රණය වත්කොට මද ගින්නේ තබමිනි. අර්ධ කවාකාර, තරමක් විශාල විශේෂ ආප්ප තාච්චියක් යොදා ගනිමින් ආප්ප සකසා ගන්නා මැලේවරු පෙති ගැසූ කෙසෙල්, කෑලි කැපූ කජු මද බිත්තර, හකුරු සහ සීනි, ආප්ප පිළියෙල කිරීමට යොදා ගන්නා ඒදන ලද පිටිවලට මිශ්‍රකොට සාදා ගන්නා ආප්ප හඳුන්වන්නේ "ආප්පෙ ආයර්" (Aape Ayer) නමිනි. බිත්තර ආප්ප මැලේ ජාතිකයන් අතර ඉතා ජනප්‍රිය ආප්ප විශේෂයකි. එය ඔවුහු හඳුන්වන්නේ ආප්පෙ තිල්ලූර් (Aape Telaur) යනුවෙනි.
සාමාන්‍යයෙන් ආප්ප පිළියෙල කර ගැනීම සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍ය සහ ඒවා සාදාගන්නා ක්‍රමය මැලේ ජාතිකයන්ටද පොදුය. එහෙත් ආප්පවල ගැබ්වී ඇති ඊට ආවේණික ප්‍රණීත රසය සුරැකෙන්නේ ඒ සඳහා යොදාගනු ලබන ද්‍රව්‍ය සහ එය පිළියෙල කරගන්නා ආකාරය අනුවය. අගනුවර බොහෝ කුඩා හෝටල්වල ආප්ප ලිපෙන් බා සුළු වේලාවකින් කෑමට රුචි නොවන සේ ඝන වීම, එක්‌කෝ අසාමාන්‍ය අයුරින් මැළ වී යැම, ආප්පයට ආවේණික මිහිරි රසයෙන් තොර වීම සිදුවන්නේ ඉහත අවශ්‍යතා නිසි පරිදි අනුගමනය නොකිරීමෙනි.
කැමති නම් රේප්+ ටිකක් දීලා යන්න
source: http://www.divaina.com/2017/08/13/feature06.html

Last edited: