හෙඩිම කියවල ඇතුලට ආපු එකේ මගෙ හිතට ආපු ටික කියලම යනව...
දැන් ගණං වැඩිවුණාට පස්සෙ ආප්ප වල ගාණ කොහොමද දන්නෑ.... මාස ගාණකින් ආප්ප කෑල්ලක් කන්න බැරිවුණා....

ඉස්සරනං අම්ම ඉරිද දවසට එහෙම ගෙදර ආප්ප හදනව, දැන් කොහෙද, එහෙම හදන්නත් ගෑස් තියෙන එකක්යැ. දර ලිපේ ඔය මරිය කරන්න පුලුවනෑ....
ආප්ප විතරක් නෙමෙයි, දැන් කාලෙකින් කොත්තු රොටියක, ෆ්‍රයිඩ් රයිස් එකක තියා පරාට කෑල්ලකවත් රස බලන්න බැරිවුණා... අද කාලෙ තියෙන වියදම් එක්ක එක වේලකට හත් අටසීයක් වියදම් කරන්න හිත දෙන්නෙ නෑ....
ඒ ගාණ ගත්තත් කමක් නෑ, කොලිටි එකට බඩු දෙනවනං,
යාන්තං ලූනු කොළ දෙකක් විසි කරල හොදි නැලියක් වක් කරල දෙකට දෙමාරුවට ගහපු කොත්තු ජුන්ඩකට ඔය ගාණ දෙන්න වෙනම කැසිල්ලක් තියෙන්න ඕනෙ...
පහුවදාට පස්ස පැත්තෙ ආඩම්බර බලන්නත් ඕනෙ.
ඊට දාහෙන් සම්පතයි, ගෙදර ගිහින් පරිප්පුවක්, කොස් මැල්ලුමක් එක්ක මිරිස් කරලක්, පපඩමක් බැදගෙන බත් ජින්ඩක් කනව.....