1. ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදීම පෙර භවයෙහි කල අකුසලයක ප්‍රතිපලයක් ලෙස මෙයින් පැහැදිලි වන කරුණකි. එනම් බුදු දහමේ මතය වන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් වන බවයි. තවත් ආකාරයකින් පවසන්නේනම් පෙර භවයේ අකුසලයක දඬුවම් විපාකයක් ලෙසයි ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදෙන්නේ. මෙය මාතෘත්වය පිළිබඳව ඇති භයානක නිග්‍රහයක් ලෙස සලකන්නට සිදුවෙනවා නොවේද?
මනුෂ්‍ය ජීවිතය පවතින්නේ ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයේම තමන්ට පැවරී ඇති කාර්ය ඉටුකිරීම මතය. මව, බිරිඳ, සහෝදරිය, දියණිය ආදී සෙනෙහස හා කරුණාව පදනම්වූ බැඳියාවන්ගේ වටිනාකම ඉතා දරුණු ලෙස මෙම මතය තුලින් පළුදු කර ඇත. තමා මෙම බැඳියාවන් තුලින් දකින්නේ පව් කාරියක් දෙස යන හැඟීම සිත් සතන්හි මතුවීම කෙසේ නම් වලක්වා ගන්නටද?
ස්ත්‍රීන් සම්බන්ධව මෙවන් පහත් මතයක් බුදුදහමින් ඉදිරිපත් කිරීම පිළිගන්නේ කෙසේද යන්න මහත් ගැටළුවක් වී ඇත.
2. පිරිමි හා ස්ත්‍රී උත්පත්ති අතරේ ඉතා කිට්ටු ප්‍රතිශතයක් පවතින අතර යුද්ධ, අනතුරු ආදිය නිසා පිරිමි ජනගහණ ප්‍රතිශතය සුළු වශයෙන් අඩුවුවද එය සමාජ අර්බුදයක් ඇති කරවන තත්වයට තවම පත්වී නොමැත.
ලංකාවේ පැවති අවාසනාවන්ත යුද්ධයෙන් පිරිමින් ඉතා විශාල ප්‍රමාණයක් මිය යෑම හේතුවෙන් පිරිමි ප්‍රතිශතය පහත වැටී ස්ත්‍රී ප්‍රතිශතය ඉහල ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙවැනිම තත්වයක් යුද්ධයෙන් පීඩා විඳි රටවල්වල දක්නට තිබිණ. නමුත් සමස්තයක් වශයෙන් ස්ත්‍රී පිරිමි උත්පත්ති නිගමනය කරන බාහිර සාධක නිරතුරුවම බලපාන තත්වයක් ඇත්තේ නම් ස්ත්‍රී පුරුෂ උත්පත්ති සමතුලිත තාවයේ ඉතා භයානක අර්බුදයක් දැනටම මතු වී තිබිය යුතුය. ඉහත සඳහන් බෞද්ධ කර්ම විපාක සංකල්පය සත්‍යයක් ලෙස අප පිලිගන්නේනම් ස්ත්‍රී උත්පත්තියේ ඉතා බරපතල වර්ධනයක් සමස්තයක් වශයෙන් දක්නට තිබිය යුතුය. අද බොහෝ රටවල්වල සදාචාරය ඉතා සීඝ්‍ර ලෙස පිරිහෙන තත්වයක් මතුවී ඇති අතර ලිංගික අපචාරයේ යෙදීම ඉතාමත්ම සාධාරණ සිදුවීමක් බවට පත්වී ඇත. මේ සම්බන්ධව ඇති බෞද්ධ සංකල්පය සත්‍යය නම් ලිංගික අපචාරයේ යෙදෙන පිරිමි පාර්ශවය උත්පත්ති කිහිපයකදීම ස්ත්‍රී භවය ඇතිව ඉපදිය යුතු වන අතර එසේ ලිංගික අපචාරයේ යෙදෙන ස්ත්‍රී පාර්ශවය සදා උපදින්නේ ස්ත්‍රී භවයක් ඇතිවය. මෙය කෙතරම් සමාජ යතාර්ථයට පටහැනි එකක්ද යන්න බව පිළිගැනීමට ඔබට කිසිම අපහසු තාවයක් ඇතැයි නොසිතන්නෙමු. මෙම සංකල්පයේ ඇති භයානක දුර්වලතාවයන් හේතුකොට ගෙන සසරේ සැරිසැරීම හෙවත් භවයෙන් භවයට උත්පත්ති ලැබීම (නිවන් දකිනා තුරු) පිළිබඳව ඇති බෞද්ධ සංකල්පයේද අඩිතාලම දෙදරීමකට ලක් වන බව ඔබට පෙනෙන්නට ඇතැයි විශ්වාස කරන්නෙමු. මුලික සංකල්පයේ අනු සංකල්ප අවිද්‍යාත්මක වනවිට මුලික සංකල්පය සහතික වශයෙන්ම අවිද්‍යාත්මක වන බව අමුතුවෙන් කිව යුතු නැත. බුදු දහමේ කර්මය හා පුනර්භව සංකල්පය හාස්‍යයට ලක් කරවන තවත් අනු සංකල්පයක් පහතින් විස්තර කර ඇත්තෙමු.
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “අභිධර්මයේ මුලික කරුණු” නම් ග්‍රන්ථයේ 135 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති.
“තෙන ඛොපන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොති
තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති”යි විනයෙහි ද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නොදන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.” (135 වැනි පිටුව)
කම්ම නියාමය සුරංගනා කතාවක් බවට පත් කරවන මෙවැනි තොරතුරු අපට කියා පාන්නේ කුමක්ද?
අන්ධ භක්තිය අත හැර සත්‍ය සොයන්නට උත්සාහයක යෙදෙන්නට ඇති අවශ්‍යතාවය නොවේද?
ස්ත්‍රීන් සම්බන්ධ බෞද්ධ ඉගැන්වීමෙහි අඩංගු තවත් කරුණක් පහතින් විස්තර කරන්නට කැමැත්තෙමු.
භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීමට ප්‍රජාපති ගෝතමී ඇතුළු පන්සියයක් බිසෝවරු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ ආනන්ද මහා තෙරුන්ගේ මැදිහත්වීමෙන් අවසානයේදී ඒ සඳහා අවසරය ලබා දෙන ලදී. නමුත් භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීම පිණිස පනවනු ලැබූ ගරු ධර්මයන් (කොන්දේසී) අට ස්ත්‍රීත්වය හා මාතෘත්වය පිළිබඳව කළ නිග්‍රහයක් ලෙස නොසලකා හරින්නට ඉතා අපහසුය. ඒ පිළිබඳව ඇති විස්තර විමසා බලමු.
“ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලා දකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක් බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක. එය කවරහ ද යත්:
1. සියක් වස්ව ගියාවූ මෙහෙනින්නක්වී නමුත් මාගේ සස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ළදරුවූ මහන කෙනෙකුන්ටත් දුරදී දැකම හුනස්නෙන් නැගී පෙර ගමන්කොට වැඳ පුදා ගෞරව කළ මැනව. මේ එක් ධර්මයෙක.
2. තවද භික්ෂුනී විසින් තමන්ගේ කැමැත්ත පරිදි ගිය ගිය තැන්හි වාසය කළ නොහැක්ක. මාගේ භික්ෂුන් වසන්නාවූ ජනපද යෙක එක් වරු ගොසින් වැඳ පුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීපවූ මෙහෙණ වරෙකම වාසය කළ මැනව. මෙය එක් ධර්මයෙක.
3. තවද දෙපෝයෙන් දෙපෝය කඩ නොකොට භික්ෂුන් කරා එළඹ ‘ස්වාමීනි, පෞෂත (පසළොස්වක) දිනය කවරේද? භික්ෂුනීන්ට අවවාද දුන මැනවැ’ යි ආරාධනා කළ මැනව. මෙයි දු භික්ෂුනීන්ගේ එක් ධර්මයෙකි.
4. තවද, වස් අවසානයෙහි උභතො සංඝයා කෙරෙහිම වස් පැවරුව මනාමය. මෙයිදු එක් ධර්මයෙකි.
5. අවතින් නැගී සිටිනු කැමැති මෙහෙනක් දෙපෝයක් උභතෝ සංඝයා කෙරෙහි මානත් පිරීම.
6. උපසම්පදා කැමැති මෙහෙනක් කාරනා හයක් හික්මී උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලැබීම.
7. තවද කිසියම් කාරනයෙකිනුත් මාගේ භික්ෂුන්ට ආක්‍රෝශ පරිභවයක් නොකළ මනාමය. මෙයිදු එක් ධර්මයෙක.
8. තවද, භික්ෂුනීන් විසින් මාගේ භික්ෂුන්ට අවවාද කිය නොහැක්කේමය. භික්ෂුන් විසින් භික්ෂුනීන්ට අවවාද කළ මනාමය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගෙන මනාමය. එයිදු එක් ධර්මයෙක.
මේ ගරුවු ධර්මයෝ අටදෙන නම් මාගේ සසුන් වන් මාතුගාමයන් (ස්ත්‍රීන්) විසින් දිවි පමණින් ඒකාන්ත කොට රක්ෂා කළ මනාවූ ගුණධර්ම යැ’යි වදාළ සේක” (පුජාවලිය – 556-557 පිටු)
අෂ්ට ගරු ධර්මයන් පැනවීමට පෙර ස්ත්‍රීන් පිළිබඳව සඳහන් කොට ඇති කරුණු ගැන අමුතුවෙන් අප විසින් කිසිවක් පැවසිය යුතුව ඇතැයි නොසිතන්නෙමු. ධර්මයන් අටද ස්ත්‍රී වර්ගයා කෙරෙහි ඉතා පහත් හා අපහාසාත්මක හැඟීම් දනවන්නක් බව ඔබටද ඉතා හොඳින් පැහැදිලිව අවබෝධ කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු. භික්ෂුන්ට හා භික්ෂුනීන්ට බලපාන නීති රීති දෙස බලන විටද එකම ඇවතට පනවා ඇති ශික්ෂා පද යන්ද භික්ෂුවට හා භික්ෂුනියට වෙනස් ආකාරයෙන් සකසා ඇති ආකාරය ඉතාමත්ම පැහැදිලි ව දක්නට තිබේ. මෙයට පෙර සාකච්ඡා කල කරුණුද එකතුව සලකා බලන විට ඉතා පැහැදිලිව පෙනෙන වැදගත්ම සාධකය නම් බෞද්ධ ඉගැන්වීම් තුල ස්ත්‍රියගේ අයිතිවාසිකම් හා ගෞරවය පුරුෂයෙකුගේ අයිතිවාසිකම් හා ගෞරවයට සමාන වන අයුරින් සකස් වී නොතිබෙන බවයි. මෙය පැහැදිලිවල පුරුෂෝත්තම සමාජ යක ලක්ෂණයන් බව අමුතුවෙන් කිව යුතුයි කියා නොසිතන්නෙමු. භික්ෂු භික්ෂුනීන්ට අයත් ශික්ෂා පද අතුරින් කාය සංසර්ග නම්වූ සංඝාදීශේෂ ඇවත භික්ෂුවකට සංඝාදීශේෂ ඇවතකි. භික්ෂුනීන්ට එම වැරදම පාරාජිකාපත්තියකි. භික්ෂුවකට පාරාජිකාපත්ති සතරකි. භික්ෂුනියකට පාරාජිකාපත්ති අටකි. භික්ෂුවකට සංඝාදීශේෂ 13 කි. භික්ෂුනියකට දහ හතකි. මෙම කරුණු දෙස බැලු විටද පෙනීයන්නේ භික්ෂුවකට වඩා භික්ෂුනියකගේ නීති පද්ධතිය ඉතා දැඩි හා යුක්තිය පදනම්වූ ඉගැන්වීමක කරුණු ලෙස විග්‍රහ කිරීම දුෂ්කර බවය.
ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසින් රචිත “කාන්තාව හා බුදු සමය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය…… ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි. එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි. ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත” (36 හා 37 වැනි පිටු).
පන්සීය පනස් ජාතක පොත සිංහල බෞද්ධ සමාජයට සාරධර්ම උගන්වන ප්‍රධාන මුලාශ්‍රයන්ගෙන් එකක් ලෙස සලකන්නට සිදුවී ඇත්තේ ධර්ම දේශනාවක් ජාතක කථා උපමාවකින් තොරව සිදුනොවන තත්වයට නුතනයෙදී පත්වී ඇති නිසාය. වෙසක් හා පොසොන් තොරන් වලිනුත් විදහා දක්වන්නේ ජාතක පොතේ කථා වස්තුවකි. මෙතරම් බෞද්ධ සමාජයට සමීපතාවයක් ඇති ග්‍රන්තයක ස්ත්‍රිය හුවා දක්වන ආකාරය සැබැවින්ම ඉතා අසාධාරණ හා අයුක්ති සහගත එකක් බව වීම අන්ත කනගාටු දායක තත්වයකි.
එක් දහමකට අසත්‍ය තොරතුරු යොදාගනිමින් මඩ ගසන විට තමන්ට ද එහි ඵලය බුක්ති විඳින්නට සිදුවන බව යථාර්තයකි. නමුත් අසත්‍ය තොරතුරු අප ප්‍රයෝජනය ගෙන නොමැත. අප ඉදිරිපත් කොට ඇත්තේ නිවැරදි මුලාශ්‍රයන් ගෙන් උපුටා ගත් සත්‍යය තොරතුරු පමණි.
ආයිෂා තුමියට මඩ ගැසීම නැවත් වූ විගස මෙම ලිපිය ඉවත් කිරීමට අපි නියත වශයෙන්ම කටයුතු කරන්නෙමු. අල් කුරානයේ 6 වන පරිච්චේදයේ 108 වැනි වාක්‍යයෙන් උගන්වන්නේ කිසිම දහමකට අපහාස නොකරන ලෙසය. වෙබ් අඩවි විශාල ප්‍රමාණයක හා මුහුණු පොතේ දැනට ඉස්ලාමයට, නබිතුමාට, දෙවිඳුන්ට කරන්නාවූ අපහාසයන් කරුණාකර නවත් වන්න. මෙය සැමට යහපතක් වනු නොඅනුමානය.