ආයුධ ඉවර වුණත් සිතේ ධෛර්යය ඉතිරිව තිබුණා!!
ඔහු ගීකියනගේ දොන් ජනක පි‍්‍රයන්ත වුවද මුළු නාවික හමුදාවම හඳුනන්නේ කමාන්ඩර් පි‍්‍රයන්ත යන නමිනි. එබැවින්ම මේ ලියවිල්ල පුරාම මම ද ඔහු එලෙසින් හඳුන්වමි. කමාන්ඩර් යනු නාවික හමුදාවේ ඔහු දරන වත්මන් නිලයයි. එහෙත් ඉදිරියේදී මෙහි සඳහන් වීමට නියමිත ඇතැම් සිදුවීම් සිදුවන අවදියේ ඔහු දරමින් සිටියේ එම නිලය නොවේ.
එදා ඔහු ත්රස්තවාදීන්ට එරෙහිව මහ මුහුදේ දරුණු රළ අතර සිදු කළ අභීත මෙහෙයුම් අද ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී (අවි) ධූරය දක්වා ඔසවා තබා ඇත්තේය. ඔහු ගැන තබන මේ සටහනේ වැඩි ඉඩක් වීරත්වය විසින් වෙන් කර ගනු ලබන බව පෙනේ.
ඔහු ඊට සුදුසුකම් සපුරා ඇති බව පැහැදිලිව පෙනෙන බැවින් වීරත්වය වෙනුවෙන් වෙන්වන ඉඩ සීමා කිරීමට මම ද උත්සාහ නොදරමි. ඒ වෙනුවට මෙරටින් ත්‍රස්තවාදය තුරන් කිරීමට මෙරට යුද වීරයන් විසින් දරන ලද වෑයමේ ජනක පි‍්‍රයන්තගේ භූමිකාව පත්ඉරු මත සටහන් කිරීමට පන්හිඳට අවකාශ සලසමි.
ඒ 2001 වසරේ සැප්තැම්බර් 16 වැනිදාය. ත්‍රිකුණාමලයේ සිට පේදුරු තුඩුවට හමුදා සෙබළුන් රැගෙන යාත්‍රා කරන “ප්‍රයිඩ් ඔෆ් සවුත්” නෞකාව පැයට නොට් පහක් වන තම මන්දගාමී ගමන් රටාවෙන් යාත්‍රා කරමින් සිටියාය. ඇයට ආරක්ෂාව සපයමින් ඩෝරා යාත්‍රා කිහිපයක් ද විය. එහෙත් වෙලාව බලා දියඹට බසින ත්රස්තවාදීන්ගේ මිනීමරු ඉලක්කය සෙබළුන් දහස් ගණනකගේ ජීවිත රැගත් නෞකාවම විය. අලුයම් හිරු රැස් උතුරු අහස අත්පත් කර ගනිද්දී පේදුරු තුඩුවට නාවික සැතපුම් තිහක් පමණ ඊසාන දිග මුහුදේදී ත්‍රස්තවාදී යාත්‍රා විස්සකට අධික සංඛ්‍යාවක් මඟින් “ප්‍රයිඩ් ඔෆ් සවුත්” නෞකාවට ප්‍රහාර එල්ල කැරිණි.
අද මෙන් එදාත් නාවික හමුදාවේ ප්‍රබල ප්‍රහාරකයා වූ ඩෝරා යාත්‍රා සතුරා හමුවේ තම ශක්තිය උරගා බැලූහ. නැවත් සමඟ යාත්‍රා කරමින් වෙහෙසට පත්ව සිටි විරුවෝ උතුරෙන් මෙන්ම නැඟෙනහිර නාවික හමුදා බල ඇණිවලින් උපකාර පැතුවේ මුහුදු සටන්වල අවදානම මැනවින් ම වටහාගෙන සිටි නිසාය. ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ද ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර දැක්වීය. අතිරේක භට පිරිස් රැගත් ඩෝරා යාත්‍රා හතරක් සටන පවතින ස්ථානයට වහ වහා ගමන් ඇරැඹීය. අප කතානායකයා එවකට ලුතිනන් නිලයේ සිටි ජනක පි‍්‍රයන්ත ඉන් එක් යාත්‍රාවක අංශ භාර නිලධාරියා වූයේය.
“බෝට්ටුවේ කාර්ය මණ්ඩලය මාත් එක්ක දා හත් දෙනෙක් හිටියා. අණ ලැබුණු හැටියේම අපි ත්‍රිකුණාමලෙන් පිටත් වුණා. තේරීමක් කරන්න වෙලාවක් නෑ. මම හැමදාම රාජකාරි කරපු මගේ බෝට්ටුව, මගේ පුරුදු කාර්ය මණ්ඩලය එදා ලැබුණේ නෑ. අපි හුඟක් දෙනෙක් මෙහෙයුමට ඉදිරිපත් වුණේ ස්වේච්ඡාවෙන් වගේ. සිද්ධිය වෙන තැනට අපි යනකොටත් අපේ නාවිකයෝ දැඩි කැපවීමෙන් සටන ඉදිරියට ගෙන යමින් හිටියා. ඒත් පැවතුණේ ඔවුන්ට අවාසිදායක තත්ත්වයක්. අපි එකපාරටම සටනට අවතීර්ණ වුණා.”
කමාන්ඩර් පි‍්‍රයන්ත උතුරු මුහුදේ නාවික සැතපුම් තිහක් ඈතින් සිදුවන බිහිසුණු සටනක් මා හමුවේ චිත්රණය කරයි. වචන පහසුය. සරලය. ඇතැම් අයට නම් කොතෙක් ගැඹුරු අර්ථ සහිත වචන වුවද හුදු වචනම පමණි. එහෙත් සැබෑ මුහුදු සටනක් එලෙස ලඝු කළ නොහේ. ත්‍රස්ත බෝට්ටු සමඟ සටනට එළඹුණු අතිරේක බෝට්ටු හතරෙන් එකකට යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මඟදීම නතර වීමට සිදුවිය. ඉතිරි බෝට්ටු තුන නැවේ මගීන්ගේ ජීවිත වෙනුවෙන් ත්‍රස්ත බෝට්ටු හමුවට වේගයෙන් යාත්‍රා කළේය.
“ඩෝරා බෝට්ටුවක ප්‍රධානම අවිය තියෙන්නේ ඉස්සරහ. ඒ අවියෙන් පහර දීලා සතුරා දුරදීම විනාශ කරන්න පුළුවන්. ප්‍රහාරවල ප්රබලකම නිසාම සතුරා යාත්‍රාව ළඟට එන්නෙත් නැහැ. එදා අනික් බෝට්ටු දෙකත් එක්ක මම මගේ යාත්‍රාවත් සතුරු බෝට්ටු මැදට අරගෙන ගියා. ප්‍රහාර එල්ල කළ යුතු සීමාවේදී ප්‍රහාර එල්ල කරන්න ඩෝරාවේ දෙවැනි නිලධාරියාට අණ දුන්නා. ඒත් අවියෙන් වෙඩි පිටවුණේ නැහැ. මම හේතුව මොකක්ද කියලා දැනගන්න දෙවැනි අංශභාර නිලධාරියා දෙස බැලුවා. ඔහු කිසිවක් කරකියා ගන්න විදිහක් නැතිව ඉන්නවා. අපේ බෝට්ටුවේ ප්‍රධාන අවිය ක්‍රියා විරහිත වෙලා...”
යාත්‍රා තුනක් තමා වෙතට පැමිණිය ද ප්‍රහාර එල්ල වන්නේ යාත්‍රා දෙකකින් පමණි. එක් යාත්‍රාවක කුමක් හෝ දෝෂයක් බව වටහා ගැනීමට වෙලා ගතවූයේ නැත. ප්‍රධාන අවියේ බලපෑම් සීමාව තුළට නිරුපද්‍රිතව කඩා වදින ඔවුහු ඩෝරාව ආසන්නයටම පැමිණ ප්‍රහාර එල්ල කරන්නට වූහ.
“ප්‍රධාන අවිය වැඩ කරන්නේ නෑ කියලා දැනගත් ගමන් මම යාත්‍රාව හරවන්න අණ දුන්නා. ඒත් එතකොටත් ත්රස්තවාදීන් අපි ළඟටම ඇවිත් වෙඩි තියනවා. මම හිටියේ යාත්‍රාව ඇතුළෙ. මගේ දෙපැත්තේ නිලධාරීන් දෙන්නෙක් හිටියා. ඒ දෙන්නාගේම කිසිම සද්දයක් නෑ. බලනකොට යාත්‍රාවේ බඳ පසාරු කරගෙන ආ වෙඩි පහර වැදිලා ඒ දෙන්නම මිය ගිහින්. මට දැනුණා මගේ කකුලේ වළලු කරටත් වෙඩි උණ්ඩයක් වදිනවා. ඒත් එක්කම මම ඒ සටනේ ප්රබලතම අභියෝගයට මුහුණ දුන්නා.”
මීටර් 23 ක් පමණ දිග ඩෝරා යාත්‍රාවක ඇන්ජින් දෙකක් ඇත. ඒ දෙකම පිහිටා ඇත්තේ යාත්‍රාවේ ඇතුළත කොටසේය. ඉන් එක් එන්ජිමක් හෝ අක්‍රිය වූයේ නම් යාත්‍රාව හැරවීම හෝ ධාවනය පහසු වන්නේ නැත. ඩෝරා යාත්‍රා බඳ කොතෙක් ශක්තිමත් වුවද එය පසාරු කරමින් පැමිණෙන වෙඩි පහරකට එන්ජිමක් අක්‍රිය කළ හැකිය. ජනක පි‍්‍රයන්තගේ ඩෝරා යාත්‍රාවට මුහුණ පෑමට සිදුවූයේ ද එවන් වූ අවාසනාවන්ත ඉරණමකටය. ත්‍රස්ත වෙඩි පහරක් යාත්‍රාවේ එක් එන්ජිමක් අක්‍රිය කර දැමීය.
“බෝට්ටුවේ වේගය අඩුවුණා. මට දැනුණා කොටි බෝට්ටු අපිව වට කරගෙන වෙඩි තියනවා. ඒ වෙනකොටත් ඇතුළේ දෙන්නෙක් මිය ගිහින්. ඉක්මනින් ම බෝට්ටුවේ අනික් එන්ජිමත් අක්‍රිය වුණා. මම තීරණය කළා උඩට යන්න. කකුලත් ඇදගෙන බෝට්ටුවේ උඩ තට්ටුවට ගියා. උඩ අවිවල කට්ටිය ස්ථාන ගත වෙලා හිටියේ. ඒ වෙනකොටත් හැමෝටම වගේ තුවාලයි. කීප දෙනෙක් මිය ගිහින්. මාව දැක්කාම ඉතුරු වෙලා හිටපු අයගේ මූණුවල බලාපොරොත්තු මතු වුණා. ‘සර් අපි පනිමු.’ කව්දෝ කිව්වා. “නෑ. අපි ගහගන්නවා.” මම කිව්වා.
තම යාත්‍රාව අක්‍රිය වෙද්දී කාර්ය මණ්ඩලය මියැදෙද්දී, තුවාල ලබද්දී එක් පාදයක් අඩපණව ගොස් සිටිය ද සතුරාට පරාජය නොවීමට හෝ සටන අත්හැර නොදැමීමට තරම් චිත්ත ධෛර්යයක්, සටන්කාමී මානසිකත්වයක් පි‍්‍රයන්ත සතු විය. ඔහු ඒ මොහොතේ ගත් තීරණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ වීරයන්ගේ, සැබෑ වීරයන්ගේ ලැයිස්තුවට තවත් නම් කිහිපයකින් දිගු කිරීමට සමත් විය.
“ඒ වෙනකොට සියලුම ත්‍රස්ත බෝට්ටු අප වට කරගෙන. අපේ බෝට්ටුව මුහුද මැද්දේ අක්‍රිය වෙලා. අනෙක් ඩෝරා බෝට්ටු නැවට ආරක්ෂාව සපයමින් ඉදිරියට ගමන් කරමින් තිබුණා. ඒත් මම තනිවෙලා කියලා මට සිතුණේ නෑ. මම නාවික හමුදාවට බැඳුණේ ත්රස්තවාදීන් එක්ක සටන් කරන්න. ඉතින් මම සටන් කරනවා. මම හිතුවා. මගේ නාවිකයෝ කිහිප දෙනෙක්ම ඒ වෙනකොටත් මිය ගිහින්. ඉතිරි හැමෝම තුවාලයි. ඒත් මම වගේම සටන්කාමී මානසිකත්වයෙන් යුත් තව කීප දෙනෙක් බෝට්ටුවේ සිටියා. මට මතකයි නායක නැවි ඩී. කේ. ඩී. සී. සෙනෙවිරත්න. ඒ වෙනකොට ඔහුගේ එක ඇහැක් ගැලවිලා තිබුණේ. ඔහු ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක ගලවලා ඇහැ වැහෙන්න බැඳගෙන ෆයිව් සීරෝ අවියකින් දිගටම සතුරාට පහර දුන්නා. නම් වශයෙන් නොකිව්වත් ඉතිරි වෙලා හිටපු හැමෝම එක වගේ ධෛර්යයකින් සටන් කළා.”
පි‍්‍රයන්ත අක්‍රිය යාත්‍රාවක මුහුද මැද හුදකලා සටනකය. ත්‍රස්ත බෝට්ටු එකොළහක් නොකඩවා ඔහුගේ යාත්‍රාවට පහර දේ. තුවාල ලබා සිටි නැවියෝ ද එකා බැගින් ජීවිත අත් හැර යති. යාත්‍රාවේ ආයුධ, වෙඩි උණ්ඩ සහ ග්‍රෙනේඩ් බෝම්බ ද ක්‍රමයෙන් ක්ෂය වේ. එහෙත් නොසිඳී පවතින එකම එක දෙයකි. ඒ නම් පි‍්‍රයන්ත සහ සෙසු සගයන්ගේ චිත්ත ධෛර්යයයි.
“මේ විදිහට අපි පැය එකයි විනාඩි පනහක් තනියම සටන් කළා. හරියටම පැයයි විනාඩි විස්සකදී විතර ත්‍රස්ත බෝට්ටු එකොළහ අතරේ තිබුණු මරාගෙන මැරෙන බෝට්ටුව වේගයෙන් ඇවිත් මගේ යාත්‍රාවේ හැප්පුවා. ෆයිව් සීරෝ අවි දෙකෙන් පහර දෙමින් හිටපු දෙන්නා බිම දිගා වුණා. යාත්‍රාවේ පසුපසට වෙන්න හිටපු තවත් දෙන්නෙක් මුහුදට පැන්නා. මම හිටපු තැනට අඩි හතරක් පහක් දුරින් කොටි යාත්‍රාව අපේ යාත්‍රාවේ හැපුණා. ඒත් වාසනාව වෙන්න ඇති. ඒක පිපිරුවේ නෑ.”
දෛවය මේ වීරයා ලක් පොළවට ඉතිරි කරන්නට තීරණය කළා විය හැකිය. වහාම ප්‍රති ප්‍රහාර එල්ල කළ පි‍්‍රයන්ත ඇතුළු කණ්ඩායම මරාගෙන මැරෙන යාත්‍රාව අඩපණ කර දැමූහ. මේ අතර ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ත්‍රස්ත පණිවිඩ සේවාවන්ට සවන් දෙන්නන්ට නුහුරු පණිවිඩ කිහිපයක් ඇසෙමින් තිබුණි. ත්‍රස්ත නායකයන් බෝට්ටුව අත්පත් කර ගැනීමටත්, අවි ගලවා ගැනීමටත් අණ දෙති.
ත්‍රස්ත යාත්‍රාවල පිරිස් පවසන්නේ බෝට්ටුවේ ප්‍රහාර සැර වැඩි බැවින් ආසන්නයට යා නොහැකි බවයි. මේ ‘බෝට්ටුව‘ කුමක් දැයි විමසා බැලෙන්නේ ඒ අනුවය. ‘ප්‍රයිඩ් ඔෆ් සවුත්’ නැව ආරක්ෂිතය. ඒ සමඟ සෙසු ඩෝරා ද යාත්‍රා කරයි. පි‍්‍රයන්ත ගේර්ථ 465 ඩෝරාව පැය දෙකකට පසුවත් අභීත සටනක නිරත බව තහවුරු වන්නේ ඒ අනුවය. යාත්‍රාව බේරා ගැනීමට අණ ලැබිණි. ඩෝරා යාත්‍රා කිහිපයක් පි‍්‍රයන්තගේ සහායට පැමිණියේය.
“එදා මාත් එක්ක හිටපු හත් දෙනෙක් මිය ගියා. අනික් හැමෝටම තුවාලයි. මෙච්චර අභියෝගයකට මුහුණ දීලා බේරිලා ආපු එකම යාත්‍රාව අපි. මේ සිදුවීම නාවික හමුදාව අගය කළා. මට වීර වික්‍රම විභූෂණය සහ දේශ පුත්‍ර කියන පදක්කම් ලැබුණා. යාත්‍රාවේ සෙසු පිරිසටත් රණ වික්‍රම පදක්කම ලැබුණා. මාස කීපයක් වෛද්‍ය ප්‍රතිකාර අරගෙන ආයෙමත් මම මුහුදු සටන්වලට එකතු වුණා.”
ඔහු පෙනුමෙන් බිහිසුණු අත්දැකීම් ලත් දැඩි සිත් ඇති රණකාමියකුගෙන් බොහෝ දුරස්ය. ඒ වෙනුවට ප්‍රසන්න සිනහවක් සහිත තරුණ පෙනුමක් ඔහු සතු විය. කතාබහ මමත්වයෙන් තොරය. තමා නියුක්ත වූ එමෙන්ම ජයගත් සෑම සටනක්ම සාමූහික ප්රයත්නයක ප්‍රතිඵල බව නිතර පවසයි.
එහෙත් කමාන්ඩර් පි‍්‍රයන්ත යනු නාවික හමුදාව සතු විශිෂ්ට සටන්කාමියකු බව ඔහුගේ අතීත අත්දැකීම් සනාථ කරයි. 1969 හොරණ ප්‍රදේශයේ උපත ලබා හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් සහ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ජනක පි‍්‍රයන්ත පවුලේ මද්දුමයාය. එමෙන්ම පුතුන් අතරින් වැඩිමලාය. ගීකියනගේ කරුණාරත්න සහ එම්. ඩී. ලීලාවතී මවත් පියාත් වැඩිමල් පුතා ආරක්ෂක අංශවලට එක් වෙනවාට කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් මේ හිතුවක්කාරයා විද්‍යා අංශයෙන් උසස් පෙළ ලියූ සැණින් නාවික හමුදාවට එක් වූයේය. ඒ 1991 වසරේදීය.
“මම හැමදාම කැමැත්තෙන් හිටියේ සටන් කරන්න. ඒ කාලේ ඉඳලම නාවික හමුදාවේ තිබුණ හොඳම සටන් කණ්ඩායම තමයි ඩෝරා ඒකකය. මම මේ ඒකකයට ගියේ ඉතාම කැමැත්තෙන්. මම නිතරම උත්සාහ ගත්තා මගේ බෝට්ටුව පිරිසිදුකම, ක්‍රියාකාරීත්වය විතරක් නෙමෙයි සටන් අතින් උණත් ඉදිරියෙන්ම තියන්න. ගොඩබිම රාජකාරිවලදීත් මම මගේ උපරීමයෙන් සේවයට කැප වුණා. 98 වසරේදී කිලාලිවලදී දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණ දෙන්න මටත් සෙසු නාවිකයන් පිරිසකටත් සිදුවුණා. ඒ සටන හේතුවෙන් මට රණ වික්‍රම පදක්කම ලැබුණා. මානුෂිය මෙහෙයුමේ අවසන් අදියරේදී මම ඩෝරා ඒකකයේ බලඝන නිලධාරියෙක් ලෙස ක්‍රියා කළා. ඉතා හොඳ සූදානමකින් මුහුදේ ආරක්ෂාව ගැන අපි වග බලා ගත්තා. ඒ නිසා තමයි අවසන් සටනේදී ත්රස්තවාදීන්ට මුහුදු සටන්වලින් කිසිම ජයග්‍රහණයක් ලැබුණේ නැත්තේ.”
“ඩෝරා යාත්‍රා කණ්ඩායමේ නිලධාරීන්ගේ, සේවකයන්ගේ කාර්යභාරය හැමෝටම කරන්න බෑ. ඒ වෙනුවෙන් හොඳ විනයක්, කැපවීමක් තියෙන්න ඕනේ. එදා ඉඳන්ම අපේ ඩෝරා ඒකකයට ඒ ගුණාංග තිබුණා. අණදෙන නිලධාරීන් වගේම පුහුණු නිලධාරීනුත් ඒ තත්ත්වය ඇති කරන්න සෑහෙන කාර්යභාරයක් කළා. අවසන් සටනේදීත්, ඊට පෙර අවස්ථාවලදීත් අපට රට ජාතිය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙයක් කරන්න ලැබුණේ ඒ නිසයි. ඒ වගේම අපේ උසස් නිලධාරීන්ගේ මඟ පෙන්වීම සහ උපදෙස් ගැන කියන්නම ඕනේ. විශේෂයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් දිසානායක මානුෂිය මෙහෙයුම කාලයේදීත්, වර්තමානයේදීත් අපට ලබා දුන් සහාය විශිෂ්ටයි. රියර් අද්මිරාල් එස්. එම්. බී. වීරසේකර මහතාවත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුමයි. අවසාන වශයෙන් මම මහ මුහුදේ මාත් එක්ක සටන් කරපු, දිවි පුදපු සියලුම වීරයන් අගය කරන්න මේ අවස්ථාව යොදා ගන්නවා.”
වසර විසි එකක් පුරා නාවික හමුදා නිලධාරියකු ලෙස ඔහු ලත් අත්දැකීම් සංක්ෂිප්තව සටහන් කිරීම අසීරුය. එහෙත් මම ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන බිඳුවක් හෝ සටහන් කිරීමට ඉඩ ඉතිරි කරමි. ඔහු කලින්ම පැවසු එක් කරුණක් මට සිහිපත් වේ. ඒ මා පළමුවෙන්ම සඳහන් කළ බිහිසුණු මුහුදු සටනට ඔහු නායකත්වය දෙන විට ඔහුගේ බිළිඳු දියණියගේ වයස යාන්තම් මාස දෙකක් පමණක් බවයි.
“මම විවාහ වුණේ 1995 දී. බිරිය චම්පා. මම පුතෙකු ගේ සහ දියණියකගේ පියෙක්. මේ වෙනකොට නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි කරන නිසා මට වැඩි වෙලාවක් ඔවුන් සමඟ රැඳෙන්න හැකි වෙලා තියෙනවා. ඒත් සටන් පැවති කාලයේ ඔවුන් මට දැක්වූ සහයෝගය ගැන සිහිපත් කරන්නම ඕනේ.”
වීරයන් නිර්මාණය කිරීමට නොහැක. මුහුණ දෙන සිදුවීම සහ ඒ අවස්ථාවේ ගන්නා ක්ෂණික ක්‍රියාමාර්ග වීරයා කව්ද යන්න තීරණය කරන බැවිනි. කමාන්ඩර් ජනක පි‍්‍රයන්ත ගැන තබනා මේ සටහන අවසානය කරා එළඹ තිබේ. එහෙත් වීරත්වය වෙනුවෙන් ඉතිහාස පොතේ ඔහු ගැන තවත් සටහන් තැබෙනු ඇත.
සටහන
ටිරෝනි වෑවලගේ