ආයුධ ගබඩා කරන්නෙ කොහොමද.ලංකාවේ කොහොමද

chootid

Member
Jun 4, 2013
178
84
0
ආයුධ ගබඩා කරන්නෙ කොහොමද.ලංකාවේ කොහොමද

හමුදා කදවුරක ආයුධ ගබඩාවක් පවතින විට ක්‍රියාත්මක වන පළමු දෙවන හා අවසන් නියම වන්නේ ‘වරදින්නට හෝ අතපසු වන්නට බැහැ‘ යන්න බවය. මෙහි ගබඩා කොට ඇත්තේ අවි නොව උණ්ඩ හා පතුරම් ආදියයි. ඒ වගේම සංවේදි කදවුරු වල ආරක්ෂක පද්ධතියක් මගින් මේවා සියල්ල ක්ෂණීකව පිපිරවිය හැකි ආකාරයටත් තනා තියෙනවා කියනවා. ඒ යම් හෙයකින් කදවුර ත්‍රස්තයින් අතට ගියොත් ඔවුන්ට ඒ අවි භාවිත කිරීමට නොහැකි කරන්න. මෙහි ඒ දේ වුණාද කියල කියන්න දන්නෑ..

මෙවැනි ගඩබාවක් තැනීමේදී එකී ගොඩනැගිල්ල වටා වැව්බැම්මක් මෙන් පස් බැම්මක් ගොඩනගන අතර අතිරේකව දිය අගලක ආරක්ෂාවක් සැපයිය යුතු වෙන බව කියවෙනවා. එමෙන්ම අඩුම ජන ඝනත්වයක් ඇති ප්‍රෙද්ශයක්, හදිසි සැපයුම් මාර්ග තිබෙන ප්‍රෙද්ශයක් තෝරා ගන්නා බව කියැවෙනවා. එමෙන්ම මෙහි ආයුධ පිරිසිදු කොට ග්‍රීස් ගල්වා ලී පෙට්ටි මත ස්ථාවරව රදවනවා. ඒවා ඉතාම ඈතින් නිසි පරිදි අදාළ උෂ්ණත්ව මත ගබඩා කරනවා. සමහර ස්ථාන වල දියපාරවල් ඉහළින් කෘත්‍රිමව නිර්මාණය කරනවා. බිත්ති කොන්ක්‍රීට් වන අතර උෂ්ණත්වය හැකි පමණ අවම ලෙස පවත්වාගන්නවා. විදුලි කාන්දු වැලැක්වීමට විශේෂිත වයර් සහ සාමාන්‍ය නොවන ආරක්ෂක උපක්‍රම රැසක් අනුගමනය කරන බව කියැවෙනවා.

එමෙන්ම ආයුධ ගබඩාවට බල්ලන්ට පූසන්නට වගේම කදවුරේ සෙබලුන්ට යන්න එන්න බැහැ. ඒ සදහා තෝරාගත් ඛණ්ඩයක් ඉන්නවා. ඒ අයට ජංගම දුරකථනයක් වත් ගෙනයන්නනට අවසර නැහැ. සිගරට් නං කොහොමත් තහනම් නෙ. ඒ රාජකාරියට තෝරාගත් අය ඒ වාර්තා නිතිපතා තබාගන්න, යවත්කල් කරන්න අවශ්‍යයිලු. ඒ ආකාරයට කදවුරට අනන්‍යව සැකසුණු වෙනමම නීති මාලාවක් එහි තිබෙනවා...


අකුණු ගැසීම නිසා මෙවැනි අනතුරු ඇතිවීමේ ඉඩක් තියෙනවා, බෝම්බ පිපිරවීමට අවශ්‍ය මුලික පිපුරුම් ශක්තිය ලබා දෙන ඩෙටනේටර් යනු ශරීර උෂ්ණත්වයටත් සංවේදී වන උපාංගයි.ඩෙටනේටරයක වයර් අග්‍ර දෙකින් මිස වෙනත් තැනකින් නො අල්ලන්නට ප්‍රවේසම් වීම සිරිතකි,අකුණු ගැසීමේදී පර්සරයේ ඇතිවන ධන ආරෝපණ නිසා ඩෙටනේටර් පිපිරී යාමේ ඉඩක් තියෙනවා....මෙයට ප්‍රතිකර්මයක් ලෙස එකල අප ඩෙටනේටරයේ වයර් අග්‍ර දෙක එකට පටලවා තැබීම,සහ අකුණු ගසන විට ඩෙටනේටර්,වෙනත් පුපුරන ද්‍රව්‍ය වලින් ඈත්කර තැබීම සිදුකරනවා.එසේම මුර සංචාර වල යෙදෙන විට රැගෙන යන ක්ලේමෝ බෝම්බ සහ ඒවා පිපිරවීමට ගන්නා ඩෙටනේටර් වෙන වෙනම එකිනෙකා අතර දුර පරතරය ඇතිව ගමන් කරන නිලධාරින් ගෙනයන්නේ මේ අවධානම නිසයි.

සතුරා අතට පත් වීමට වඩා විනාශය හොඳයි කියන තියරියට හදන සිස්ටම් එක ගැනතමා බොහොමයක් පුපුරන ද්‍රව්‍ය විසෙසඥයො නම් මේක අලලා කියන්නෙ අලෙ මන්දා එහෙමමද කියලා

වෛද්‍යවරයෙක්ට වරදින්න බැහැ.. හමුදාවටත් වරදින්න බැහැ.. ඒ දෙගොල්ලන්ට වැරදුණොත් ජනතාවට බඩුම තමා..!
 

Hacker V

Member
Jan 27, 2014
767
108
0
යුද්දේ නැති කාලෙකත් ස්වයන් විනාශ පද්දති සක්‍රිය කරලද බන් තියෙන්නේ...
අනික මෙච්චර කලක් කිසි හෙනයක් නැතුව ඕක තිබ්බ නේ.දේවල් වෙන්නේ කියා කියා නෙවෙයි ,එත් ඔවයි වැඩිදියුණු කරපු අකුණු සන්නායක වගේ ඒවා තියනවා නේ.
බෝම්බ වගේ ඒවා දැන් භාවිතයට ගන්නේ නැති නිසා හරිනම් ඩි-ඇක්ටිවේට් කරලා නේද තියන්න ඕන
ඔවයි ගින්නක් ඇති උනාම ස්වයන් පාලන පද්දති වගේ ඒවත් තියෙනවා නේ..

දහසක් ආරක්‍ෂිත පද්දති ,ආරක්‍ෂිත ක්‍රියා මාර්ග තියෙන එකකට මෙහෙම උන එකයි පුදුමේ....:sorry:
 

chootid

Member
Jun 4, 2013
178
84
0
යුද්දේ නැති කාලෙකත් ස්වයන් විනාශ පද්දති සක්‍රිය කරලද බන් තියෙන්නේ...
අනික මෙච්චර කලක් කිසි හෙනයක් නැතුව ඕක තිබ්බ නේ.දේවල් වෙන්නේ කියා කියා නෙවෙයි ,එත් ඔවයි වැඩිදියුණු කරපු අකුණු සන්නායක වගේ ඒවා තියනවා නේ.
බෝම්බ වගේ ඒවා දැන් භාවිතයට ගන්නේ නැති නිසා හරිනම් ඩි-ඇක්ටිවේට් කරලා නේද තියන්න ඕන
ඔවයි ගින්නක් ඇති උනාම ස්වයන් පාලන පද්දති වගේ ඒවත් තියෙනවා නේ..

දහසක් ආරක්‍ෂිත පද්දති ,ආරක්‍ෂිත ක්‍රියා මාර්ග තියෙන එකකට මෙහෙම උන එකයි පුදුමේ....:sorry:
:angry::angry::angry::angry: