ආයුබෝ වේවා..! මහ රජාණෙනී
ආයුබෝ වේවා..! මහ රජාණෙනී..!! සකල ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව වෙත කෙරෙන බොදු බල සේනා කාරුණික ආයාචනයයි..!!!
අපගේ උතුම් වූ මාතෘ භූමිය ඉතා අවංක වූ ද, සාධාරණ වූ ද, යුක්ති සහගත වූ ද මානුෂික මෙහෙයුමක් මගින් මැසි මදුරුවෙකු උරා බොන පමණකින් වත් ලේ බිඳක් නොසොල්වා, රුදුරු ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගෙන, එකී ත්‍රස්තවාදී නායක නායිකාවන් කෙරෙහි වූ මහත් කරුණාවෙන්, ඔවුන් වෙත ජීවිත දානය දී සුඛිත මුදිත කරවූවා වූද, ක්‍රිස්තු වර්ෂ ප්‍රමාණයෙන් 2005 දී ජාතික හෙළ උරුමය නම් වූ දේශප්‍රේමී පක්ෂය සමග අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම පරිදි එම පක්ෂය හොබවන්නා වූ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ආදී වූ සර්වගුණෝපෙත මහා සංඝ රත්නයේ උපදෙස් සහ උපකාර ලබා, උන් වහන්සේලාගේ අපේක්ෂාවන් සහ අභිමතයන් පරිසමාප්තියට පත් කරමින්, ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේත් මුළු මහත් ආසියාවේත් ෂඩ් වර්ණයෙන් බබලන ධර්මරාජ්‍ය බවට පත් කරන ලද්දා වූද, අප මහා රාජෝත්තමයාණන් වන නීතීඥ, ශ්‍රී රෝහණ ජනරංජන, විශ්ව කීර්ති ශ්‍රී ත්‍රිසිංහලදීෂ්වර, ශ්‍රී වීර වික්‍රම ලංකාධීෂ්වර, ශ්‍රී ලංකා රාජ වංශ විභූෂණ ධර්මද්වීප චක්‍රවර්තී, මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නරපතියාණන් මේ වන විට ගිලන්ව පසුවන්නාහු ය.
අප මහා රාජොත්තමයාණන් වහන්සේගේ ආශ්චර්යමත් පාලනය යටතේ වසර දෙදහස් පන්සියයක් පැරණි ඇන්ටික් බුදු දහමේ කටු කොහොල් හරවා, දුඹුළු කඩා, මලකඩ සූරා, රිවස් කොට, රිවයිස් කොට, රීකන්ඩිෂන් කොට, ඇති හෙයින්ද, එකී බුදු දහම දහසක් මිථ්‍යා දෘෂ්ඨිකයන්ගෙන් රැක ගැනීම උදෙසා, පිස්තෝල සන්නද්ධ නායක හිමිවරුන්ගෙන්ද, කඩු, පොලූ, කිනිසි, කලා කිරිඤ්ඤ, නන්චකු, ගල් මුල්, වැලි බෝතල්, පැට්‍රෝල් බෝම්බ, ආදී සුළු අවි වලින් සන්නද්ධ කොට පෙළගස්වන ලද්දා වූ බොදු බල සේනාව සීරුවෙන් සිටුවා ඇති හෙයින්ද, මෙරට පාලනය කරනු ලද්දා වූ පර සුද්දන්ගේත්, ඔවුන්ගේ අනුග්‍රහ ලැබූ බටහිර කොම්ප්‍රදෝරු ධනපතියන්ගේත්, නීච අභිලාෂය පරිදි බුදු දහම විනාශ කරනු පිණිස අටවා තබන ලද්දා වූ, විහාර දේවාල ගම් පනත මුලිනුපුටා දමා ඒ වෙනුවට ශ්‍රී දළදා වහන්සේත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේත්, සිරිපා පියුමත් ප්‍රධාන කොට ඇති සිරිලක පුරා විහිදී විසිරී පැතිරී තිඛෙන සධාතුක සම්පත් පමණක් නොව විහාර දේවාල සහ ඒවාට අනුබද්ධ වූත්, අනුයුක්ත වූත්, සියළු නිශ්චල චංචල දේපොල පාලනය විධිමත් කිරීමේ පවිත්‍ර චේතනාව පෙරදැරිව ඒ සියල්ල කොමසාරිස් ජෙනරාල් වරයෙකු යටතට පත් කොට එකී තනතුරට පැන්ෂන් ගිය හමුදා කාරයෙකු පත් කිරීමේ මහඟු සැලැස්ම කෙස් ගහට සකසා ඇති බැවින්ද, ශ්‍රී ලංකා වාසී සකළ බෞද්ධ ජනතාව අප මහ රජතුමාණන්ට සදා ණය ගැති විය යුත්තාහ.
ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයේ සිට මේ තාක් කල් අපගේ බෞද්ධ ජනතාව තෙරුවන් සරණින් සෙත් පැතීම කරන ලද්දේ, මහත් වූ මුලාවකට පත්ව බව මේ වන විට අප විසින් ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගෙන ඇත්තෙමු. මේ තාක් කල් එසේ තෙරුවන් සරණින් සෙත් පැතීමෙන් ශාසනයටත්, රටටත්, ජාතියටත් සෙතක් සැලසී නැති බව තේරුම් ගැනීමෙන් පසුව, නූතන බුද්ධ ශාසනයේ ආරක්ෂක මුර දේවතාවා වූ රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර මහතෙරුන් වහන්සේ විසින් උන් වහන්සේගේ අසාධාරණ දෙසැත්තෑ ඥානය මෙහෙයවා අලූත්ගම දම් සභා මණ්ඩපයේදී මහා කරුණාවෙන් දෙසා වදාරන ලද ''අබ සරණය'' තුන් සරණය වෙනුවට නොපමාව ආදේශ කළ යුත්තේම ය.
එසේ හෙයින්, අප මහ රජතුමා ගිලානප්‍රාප්තව සිටින මේ මොහොතේ ජාතික හෙළ උරුමයේ සිට බොදු බල සේනාව දක්වා කුදු මහත් භික්ෂු, භික්ෂුනී, උපාසික, උපාසක වශයෙන් සංවිධාන ගත සිව්වනක් පිරිසගෙන් සැදුම් ලත් ජාතිමාමක, දේශමාමක, ශාසනමාමක සමූහයා විසින් ශ්‍රී ලංකා වාසී සකල බෞද්ධ ජනතාවගෙන් ඉතා කරුණාවෙන් සහ ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අප මහ රජතුමාණන්ට ඉක්මන් සුවය පතා ''අබ සරණ'' ප්‍රාර්ථනා කොට සෙත් පැතීමට අප සමග එක්වන ලෙසය.
ඒ සඳහා එතනෝල් මිශ්‍ර ගල් අරක්කු, කුඩු පැකට් සහ තණමල්විල ගංජා ආදිය දන්සැල් විවෘත කොට නොපමාව ජනයාට දන්දෙන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි. පින්වතුනට අවශ්‍ය එතනෝල් මිශ්‍ර ගල් අරක්කු හිඟයකින් තොරව පහසු මිලට සපයා දීමට කුරුණෑගල ජොනී සහ මාතලේ වසන්ත මහා දානපතීන් සූදානමින් සිටිති. කන්ටේනර් ගණනට කුඩු ලබා ගැනීම සඳහා බුද්ධ ශාසන ඇමැතිවරයා වූ ද, ගරු අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයා ඇමතිය හැකිය.
අප මහ රජතුමාට ''අබ සරණ'' පැතීමට එක්වෙමු..! ඔබ සැමට ද අබ සරණ වේවා..!!
මීට
බොදු බල සේනාව.
(තුම්මුල්ලේ පදිංචි ඩිලන්ත විතානගේ වන මා විසින් වැලිකඩ බන්ධනාගාරයට යාබද රජයේ මුද්‍රණාලයේ දී ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ කාරුණික අනුග්‍රාහකත්වයෙන් අච්චු ගස්සවා ප්‍රසිද්ධ කොට ඛෙදා හරින ලදී.)
-ඊ.කේ.අයියා විසින් රචිත ලංකා ඊ නිව්ස් කොළමකි -2014.අගෝ.24, ප.ව.11.55-