ආයුශ වැඩිකරන්න, තරුන බව රැකගන්න

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තාක්ශනික දේවල් වලට, ලාබය වැඩිකරගන්න ලෝකෙ ලොකු කම්පැනි වැඩකරාට ඇත්තටම මිනිස්සුන්ට උවමනාදේ කාලය.
    ගොඩක් වෙලාවට මිනිස්සු අවුරුදු 50දි මැරිලා යනවා, කොටින්ම කීවොත් ඉපදෙන එකේ තේරුමකුත් නෑ. 25 විතර වෙනකන් ඉගෙන ගන්න එකේ, අඩුම අවුරුදු දෙසීයක්වත් මිනිහෙක්ගෙ ආයුශ තියෙන්නෙ ඕන, ඒකෙන් තරුන කාලෙ තියෙන්න ඕන 160 වෙනකන්වත්.

    මන් එලෝන් මස්ක්, බිල් ගේට්ස් වගෙ කැරි සල්ලිකාරයෙක් උනානම් වත්කම් වලින් වැඩිකොටසක් වෙන්කරලා ආයුශ වැඩිකරගන්න පුලුවන් මෙඩිසින් එකක් හදන්න රිසර්ච් කරනවා. වැඩේ හරිගියොත් හොද ප්රොෆිට් එකක් හොයාගන්නත් පුලුවන්.

    මිනිස්සුන්ගෙ ආයුශ වැඩිකරන්න, තරුන බව රැකගන්න ලෝකෙ දැනට කරගෙන යන රිසර්ච් ගැන ඔයාලා දන්න විස්තර දාගෙන යන්න බලන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    එලෝන් මස්ක්, බිල් ගේට්ස්
    වැඩක් නෑ නේ උනුත් හොද සල්ලි කාරයෙක් වෙනකොට තරුණ කාලේ ගිහිං උන්ගේ ළමයිට තමයි පන් එකේ ඉන්න පුළුවන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සුඑන්සු
    gona
    bawana karanna athe gahanna
    good idea
    එලෝන් මස්ක්, බිල් ගේට්ස්
    වැඩක් නෑ නේ උනුත් හොද සල්ලි කාරයෙක් වෙනකොට තරුණ කාලේ ගිහිං උන්ගේ ළමයිට තමයි පන් එකේ ඉන්න පුළුවන්
    එලෝන්ට දැන් පනස් එකයි
    බලපන් රන්ජන්ට 60යි. කොන්ඩෙ තිබුනනම් ඌත් තාම කොල්ලා වගේනෙ.
    උට කාලෙ තියෙනවා තාම. අනිකදැන් ගේමක් ගහලා වයස යන එක නවත්තගන්නෙ පස්සෙ සෙල් රිපෙයා රීජෙනරෙට් කරන්න රිසච් එකක් කරානම් හරිනෙ
     
    • Love
    • Haha
    Reactions: NRTG and siri_ayya

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අඩුම අවුරුදු දෙසීයක්වත් මිනිහෙක්ගෙ ආයුශ තියෙන්නෙ ඕන, ඒකෙන් තරුන කාලෙ තියෙන්න ඕන 160 වෙනකන්වත්.
    එච්චර කාලයක් භෞතික ශරීරය තියාගත්තත් පියවි සිහිය තියාගන්න අමාරුයි.

    මන් එලෝන් මස්ක්, බිල් ගේට්ස් වගෙ කැරි සල්ලිකාරයෙක් උනානම් වත්කම් වලින් වැඩිකොටසක් වෙන්කරලා ආයුශ වැඩිකරගන්න පුලුවන් මෙඩිසින් එකක් හදන්න රිසර්ච් කරනවා. වැඩේ හරිගියොත් හොද ප්රොෆිට් එකක් හොයාගන්නත් පුලුවන්.
    Musk කියන විදියට එයාට ලොකු වුවමනාවක් නෑ වැඩිපුර කාලයක් ජීවත් වෙන්න. Gates විශ්වාස කරන්න බෑ. හැබැයි ගොඩක් AGI වලට උනන්දු billionaires ලාගෙ යටි අරමුණ තමයි වැඩි කාලයක් ජීවත් වෙන එක. ඒක ඉක්මන්ට සාර්ථක කරගන්න තමයි එයාලට AI ඕනි
     
    • Like
    Reactions: NRTG and asanka+++

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේක ගැන කියද්දි මම අදුරන සීයා කෙනෙක්ව මතක් උනා බන්. ඒ සීයා අපේ ගමේ. එයා පන්සලේ ඕනිම වැඩකට එනවා. එයාට දැන් 92ක්. තාම හොදට කන් ඇහෙනවා. ඇස් පේනවා. එයා ඉස්සර ඉදන්ම කරලා තියෙන්නෙ ගොවිතැන. කුඹුරු, රබර් වතු එහෙමත් තියනවා. එයා උදේම නැගිටලා කිරි දොවලා, හරක් ටික වෙලට අරන් යනවා. ඉස්සර මී හරක් දාලනේ කුඹුරු හෑවේ. ඒ කාලේ මෙයා ළග හරක් 30ක් විතර ඉදලා තියනවා. දැන් ඉන්නේ එක වැස්සියෙක් විතරක්. කොච්චර වයස උනත් දැනුත් ඒ වැස්සිව පාලනය කර ගන්න එයාට පුලුවන්. මේ සීයා ඒ කාලේ ඉදන්ම කන්නේ එයාම වවපු එළවලු. තෙල් බෙහෙත් පාවිච්චි කරන්නෙ නෑ. කෑමත් ස්වභාවික කෑම. කිරි පිටි වෙනුවට බොන්නේ එළකිරි. ලෙඩක් හැදුනත් යන්නේ අයුර්වේදයට විතරයි. ඒත් එයාට කිසි ලෙඩක් නෑ බන්. අවුරුදු 92ක් උනත් තාම කොල්ලා වගේ පෙනුම. මදුරුවා බයිසිකලේකුත් එළවගෙන පන්සලට එනවා යනවා. එයාගේ නෝනත් හොදට ඉන්නවා. එයාගේ ළමයුනුත් ගොඩක් නීරෝගියි. මට තේරෙන විදියට ස්වභාවික විදියට හිටියොත්, කිසිම ලෙඩක් හැදෙන්නෙ නෑ. ඒවගේම ආයුෂත් වැඩ් වෙනවා. ඒත් බන් අපිට එහෙම ඉන්න බෑනේ. :dull: අපි කන්නෙම විසනේ. මීට අමතරව ඒ මනුස්සයාගේ ආයුෂ වැඩි වෙන්න මානසික නිදහස කියන එකත් බලපානවත් ඇති. මොකද ඒ සීයා උදේ නැගිට්ට වෙලාවේ ඉදන් කරන වැඩ ටික කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව කරන්න පූළුවන්. එයා එයාට ඕනි වීදියට ගොවිතැන කියන ජොබ් එක නිදහසේ කරනවා. ඒවගේම හොද සල්ලියකුත් හොයනවා. ඒත් අපි එහෙම නෑනේ. බහුතරයක් අය වැඩට යන්නේම ස්ට්‍රෙස් එකකින්. ආපහු ගෙදර එන්නෙත් වැඩ ටීක ඉවර නෑ,හැ හෙටවත් ඉවර කරගන්න පුළුවන් වෙයිදෝ කියන පීඩනෙත් ඔලුවේ තියාගෙන. ආපහු ඊළග දවසේ වැඩට යද්දි තව ගිනි ගෙඩී ටීකකුත් පාත් වෙලා තියෙන්න පුළුවන්. උබලට ලංකාවේ ඔෆ්ස් කල්චර් එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැඅනේ. ඉතින් මේවගේ බිසී ලයිෆ් එකක ඉන්න අපි ජීවිතේ විදලත් නෑ, හරියට කෑමක් බීමක් කාලත් නෑ, නීරෝගිත් නෑ
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එච්චර කාලයක් භෞතික ශරීරය තියාගත්තත් පියවි සිහිය තියාගන්න අමාරුයි.

    Musk කියන විදියට එයාට ලොකු වුවමනාවක් නෑ වැඩිපුර කාලයක් ජීවත් වෙන්න.
    උබ කොහොමද කියන්නෙ බන් උට ජිවත් වෙන්න අසවක් නෑ කියලා. අපිවගේ එවුන්නම් කීවත් කමක් නෑ එහෙම
    Gates විශ්වාස කරන්න බෑ. හැබැයි ගොඩක් AGI වලට උනන්දු billionaires ලාගෙ යටි අරමුණ තමයි වැඩි කාලයක් ජීවත් වෙන එක. ඒක ඉක්මන්ට සාර්ථක කරගන්න තමයි එයාලට AI ඕනි
    ම්ම් ඒක හොදයි.
    penne na
    හිත හොද නම් වයසට යන්නෙ හෙමින් කියල අහල තියන්ව.
    ඔහොම කියපු එවුන් තමයි. ඉක්මනට මැරිලා තියෙන්නෙ
    Read Lifespan by Dr David Sinclair
    thanks

    උබ දන්න පයියක් නෑනෙ. අපි ලගම ආයුර්වේදෙන් අහගන්නම් ඒහින්දා
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    එලෝන් මස්ක්, බිල් ගේට්ස්
    වැඩක් නෑ නේ උනුත් හොද සල්ලි කාරයෙක් වෙනකොට තරුණ කාලේ ගිහිං උන්ගේ ළමයිට තමයි පන් එකේ ඉන්න පුළුවන්

    1686923228649.png
    '
    පල ඩෝ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එච්චර කාලයක් භෞතික ශරීරය තියාගත්තත් පියවි සිහිය තියාගන්න අමාරුයි.
    ඉතින් බන් පියවිසිහිය අවුල් යනවා කියන්නෙ මොලයේ ස්නායු, නියුරෝන සයිල අවුල් යනවා කියන එකනෙ.
    මේක ගැන කියද්දි මම අදුරන සීයා කෙනෙක්ව මතක් උනා බන්. ඒ සීයා අපේ ගමේ. එයා පන්සලේ ඕනිම වැඩකට එනවා. එයාට දැන් 92ක්. තාම හොදට කන් ඇහෙනවා. ඇස් පේනවා. එයා ඉස්සර ඉදන්ම කරලා තියෙන්නෙ ගොවිතැන. කුඹුරු, රබර් වතු එහෙමත් තියනවා. එයා උදේම නැගිටලා කිරි දොවලා, හරක් ටික වෙලට අරන් යනවා. ඉස්සර මී හරක් දාලනේ කුඹුරු හෑවේ. ඒ කාලේ මෙයා ළග හරක් 30ක් විතර ඉදලා තියනවා. දැන් ඉන්නේ එක වැස්සියෙක් විතරක්. කොච්චර වයස උනත් දැනුත් ඒ වැස්සිව පාලනය කර ගන්න එයාට පුලුවන්. මේ සීයා ඒ කාලේ ඉදන්ම කන්නේ එයාම වවපු එළවලු. තෙල් බෙහෙත් පාවිච්චි කරන්නෙ නෑ. කෑමත් ස්වභාවික කෑම. කිරි පිටි වෙනුවට බොන්නේ එළකිරි. ලෙඩක් හැදුනත් යන්නේ අයුර්වේදයට විතරයි. ඒත් එයාට කිසි ලෙඩක් නෑ බන්. අවුරුදු 92ක් උනත් තාම කොල්ලා වගේ පෙනුම. මදුරුවා බයිසිකලේකුත් එළවගෙන පන්සලට එනවා යනවා. එයාගේ නෝනත් හොදට ඉන්නවා. එයාගේ ළමයුනුත් ගොඩක් නීරෝගියි. මට තේරෙන විදියට ස්වභාවික විදියට හිටියොත්, කිසිම ලෙඩක් හැදෙන්නෙ නෑ. ඒවගේම ආයුෂත් වැඩ් වෙනවා. ඒත් බන් අපිට එහෙම ඉන්න බෑනේ. :dull: අපි කන්නෙම විසනේ. මීට අමතරව ඒ මනුස්සයාගේ ආයුෂ වැඩි වෙන්න මානසික නිදහස කියන එකත් බලපානවත් ඇති. මොකද ඒ සීයා උදේ නැගිට්ට වෙලාවේ ඉදන් කරන වැඩ ටික කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව කරන්න පූළුවන්. එයා එයාට ඕනි වීදියට ගොවිතැන කියන ජොබ් එක නිදහසේ කරනවා. ඒවගේම හොද සල්ලියකුත් හොයනවා. ඒත් අපි එහෙම නෑනේ. බහුතරයක් අය වැඩට යන්නේම ස්ට්‍රෙස් එකකින්. ආපහු ගෙදර එන්නෙත් වැඩ ටීක ඉවර නෑ,හැ හෙටවත් ඉවර කරගන්න පුළුවන් වෙයිදෝ කියන පීඩනෙත් ඔලුවේ තියාගෙන. ආපහු ඊළග දවසේ වැඩට යද්දි තව ගිනි ගෙඩී ටීකකුත් පාත් වෙලා තියෙන්න පුළුවන්. උබලට ලංකාවේ ඔෆ්ස් කල්චර් එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැඅනේ. ඉතින් මේවගේ බිසී ලයිෆ් එකක ඉන්න අපි ජීවිතේ විදලත් නෑ, හරියට කෑමක් බීමක් කාලත් නෑ, නීරෝගිත් නෑ
    ඔව් උබ කියන එක ඇත්ත. ඔය කියන විදියට හිටියනම් ලෙඩ ගොඩක් අඩුයි. ඒත් 55 පැන්නම වයස පේනවා බන් කැතටම. ඉතිරි හතලිහම නාකිනෙ.
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    1686925032323.png

    අපි මෙහෙ ණයට මිලියන 300 ක් හම්බුනාම රතින්‍ය දානව
    රටේ නිව්ස් හෙඩ්ලයින්ස්
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,575
    113
    Colombo, Sri Lanka
    මේක ගැන කියද්දි මම අදුරන සීයා කෙනෙක්ව මතක් උනා බන්. ඒ සීයා අපේ ගමේ. එයා පන්සලේ ඕනිම වැඩකට එනවා. එයාට දැන් 92ක්. තාම හොදට කන් ඇහෙනවා. ඇස් පේනවා. එයා ඉස්සර ඉදන්ම කරලා තියෙන්නෙ ගොවිතැන. කුඹුරු, රබර් වතු එහෙමත් තියනවා. එයා උදේම නැගිටලා කිරි දොවලා, හරක් ටික වෙලට අරන් යනවා. ඉස්සර මී හරක් දාලනේ කුඹුරු හෑවේ. ඒ කාලේ මෙයා ළග හරක් 30ක් විතර ඉදලා තියනවා. දැන් ඉන්නේ එක වැස්සියෙක් විතරක්. කොච්චර වයස උනත් දැනුත් ඒ වැස්සිව පාලනය කර ගන්න එයාට පුලුවන්. මේ සීයා ඒ කාලේ ඉදන්ම කන්නේ එයාම වවපු එළවලු. තෙල් බෙහෙත් පාවිච්චි කරන්නෙ නෑ. කෑමත් ස්වභාවික කෑම. කිරි පිටි වෙනුවට බොන්නේ එළකිරි. ලෙඩක් හැදුනත් යන්නේ අයුර්වේදයට විතරයි. ඒත් එයාට කිසි ලෙඩක් නෑ බන්. අවුරුදු 92ක් උනත් තාම කොල්ලා වගේ පෙනුම. මදුරුවා බයිසිකලේකුත් එළවගෙන පන්සලට එනවා යනවා. එයාගේ නෝනත් හොදට ඉන්නවා. එයාගේ ළමයුනුත් ගොඩක් නීරෝගියි. මට තේරෙන විදියට ස්වභාවික විදියට හිටියොත්, කිසිම ලෙඩක් හැදෙන්නෙ නෑ. ඒවගේම ආයුෂත් වැඩ් වෙනවා. ඒත් බන් අපිට එහෙම ඉන්න බෑනේ. :dull: අපි කන්නෙම විසනේ. මීට අමතරව ඒ මනුස්සයාගේ ආයුෂ වැඩි වෙන්න මානසික නිදහස කියන එකත් බලපානවත් ඇති. මොකද ඒ සීයා උදේ නැගිට්ට වෙලාවේ ඉදන් කරන වැඩ ටික කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව කරන්න පූළුවන්. එයා එයාට ඕනි වීදියට ගොවිතැන කියන ජොබ් එක නිදහසේ කරනවා. ඒවගේම හොද සල්ලියකුත් හොයනවා. ඒත් අපි එහෙම නෑනේ. බහුතරයක් අය වැඩට යන්නේම ස්ට්‍රෙස් එකකින්. ආපහු ගෙදර එන්නෙත් වැඩ ටීක ඉවර නෑ,හැ හෙටවත් ඉවර කරගන්න පුළුවන් වෙයිදෝ කියන පීඩනෙත් ඔලුවේ තියාගෙන. ආපහු ඊළග දවසේ වැඩට යද්දි තව ගිනි ගෙඩී ටීකකුත් පාත් වෙලා තියෙන්න පුළුවන්. උබලට ලංකාවේ ඔෆ්ස් කල්චර් එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැඅනේ. ඉතින් මේවගේ බිසී ලයිෆ් එකක ඉන්න අපි ජීවිතේ විදලත් නෑ, හරියට කෑමක් බීමක් කාලත් නෑ, නීරෝගිත් නෑ
    මෙය මස් මාළු කෑව කෙනෙක්ද එහෙම නැත්තම් වෙජිටෙරියන්ද. මොකද මම එහෙමෙ ඇහුවේ ගොඩක් අය කියනවා මස් මාළු නොකන අය නොරෝගිමත් කියලා. මට නම් මස් මාළු නැතුව එක වේලක් වත් කන්න බැහැ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    උබ කොහොමද කියන්නෙ බන් උට ජිවත් වෙන්න අසවක් නෑ කියලා. අපිවගේ එවුන්නම් කීවත් කමක් නෑ එහෙම
    ජීවත් වෙන්න ආසාවක් නෑ කියලා නෙවෙයි, සාමාන්‍ය කෙනෙක්ට වඩා වැඩිපුර කාලයක් ජීවත් වෙන්න වුවමනාවක් නෑ කියන එක තැන් තැන් වලදි කියලා තියෙනවා.

    https://www.cnbc.com/2022/04/11/elo...gevity-research-i-am-not-afraid-of-dying.html

    oke anith pattha nemed?
    ඉතින් බන් පියවිසිහිය අවුල් යනවා කියන්නෙ මොලයේ ස්නායු, නියුරෝන සයිල අවුල් යනවා කියන එකනෙ
    ඒක නම් මං කිව්වේ science සම්බන්ධ දෙයක් දැනගෙන නෙවෙයි. ජීවිතේ දැකපු අත්දැකපු දේවල් වලින් තේරුණ දෙයක් තමයි මිනිස්සුන්ට හොඳ සිහියෙන් ඉන්න පුලුවන් පොඩි කාලයයි. වයසට නොගියත් ගොඩක් හොඳ මානසික මට්ටමක් තියෙන කෙනෙක්ට ලැබෙන අත්දැකීම් වලින් එයාගෙ හොඳ සිහිය නැති කරන්න පුලුවන්. අනික අපේ මතකෙ තියෙන දේවල් විකෘති වෙන්න පුලුවන් වයසට යන්න කලින්ම.

    ඉතින් අවු 70 කින් විතර නොමැරි තව අවු 50ක් 100ක් ඉන්නවා කියන්නෙ අත්දැකීම් ප්‍රමාණය වැඩිවෙලා, මතක තියාගන්න දේවල් වැඩිවෙලා හොඳ සිහිය තියාගන්න අමාරු වෙන එක. ගොඩක් වෙලාවට ඕවාට පිළියම් විදියට මිනිස්සුන්ගේ මොළේ upgrade කරයි තාක්ෂණෙන්. එතකොට ජීවත් වෙන්නෙ hybrid මිනිස්සු මිසක් දැන් ඉන්න ස්වාභාකික අය නෙවෙයිනෙ.

    මගේ පුද්ගලික මතය ජීවත්වෙන කාලේ වැඩිවුණා කියලා ඒකෙන් වැඩිපුර සැපක් ලැබෙන එක්ක් නෑ, හැමදේම ලැබුණත් boring වෙයි ටික කාලෙකින්