ආයෙත් එන්නම් - විජේදාස
ඕනෙම නම් ආයෙත් එන්නම් - විජේදාස මලික්ට කියලා

එක්සත් ජාතික පක්ෂය තමන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම් නැවතත් එජාපයට එක්වීමට තමන්ට හැකි බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මලික් සමරවික්‍රම මහතාට දන්වා ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය හැරගොස් මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ඇමති ධුර ලබාගත් වසන්ත සේනානායක සහ වඩිවේල් සුරේෂ් යන මන්ත්‍රීවරුන් අද (14) නැවතත් එජාපයට එක්විය. ඒ, රවී කරුණානායක මහතාගේ මැදිහත් වීමෙනි.
ඉන් අනතුරුව මලික් සමරවික්‍රම මහතාට දුරකථන ඇමතුමක් ගෙන විජේදාස රාජපක්ෂ මහතා පවසා ඇත්තේ "මොනවා කිව්වත් අපි හොඳ යූඑන්පී කාරයෝ. ඕනෙම නම්, ඔයගොල්ලෝ ඉල්ලීමක් කරනවා නම්, මට ආපහු එන්න සලකලා බලන්න පුළුවන්. බොස් එක්ක කතා කරලා කියන්නකෝ" යනුවෙනි.
රවී කරුණානායක මහතා මේ වන විටත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් නැවත එජාපය වෙත රැගෙන පැමිණි නිසා මහින්ද රාජපක්ෂ මහතා පිහිටුවීමට ගිය රජයේ ඇමතිකමක් භාරගත් විජේදාස රාජපක්ෂව ද තමන්ගේ මැදිහත් වීමෙන් යළි පක්ෂයට සම්බන්ධ කරගැනීමට මලික් සමරවික්‍රම මහතා ද කැමැත්තෙන් පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.