ආයෙත් සෙල්ලම පටන් ගත්තද

topkollek

Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආයෙත් සෙල්ලම පටන් ගත්තද

    ඊයේ රාත්‍රියේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකු පළා යාමට උත්සාහ කර තිබෙන අතර එම අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් එය වළක්වන්නට දැරූ ප්‍රයත්නය අතරතුර කඹයකින් වැටී එක් අයෙකු මියගොස් තිබේ.

    පැනයාමට ගත් උත්සාහය නිලධාරින් ව්‍යර්ථ කරන ලදැයි පොලිසිය දන්වා ඇත.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ කඹයක් යොදාගනිමින් මෙම පිරිස පලායාමට උත්සාහ දරා ඇති බවත් වලක්වන්නට දැරූ උත්සාහයේදී බන්ධනාගාර ආරක්ෂකයන් දෙදෙනෙකුට පහරදී ඇති බවයි. මෙහිදී කමයෙන් ඇද වැටීමක් හේතුවෙන් 38 හැවිරිදි බන්ධනාගාර රැඳවියෙකු මියගොස් ඇති අතර අනෙක් 6 දෙනා නැවත බන්ධනාගාර නිළධාරීන් විසින් සිය ග්‍රහණයට ගෙන සිර කූඩුවට යොමු කර ඇත.
    පහර කෑමෙන් තුවාල ලැබූ බන්ධනාගාර ආරක්ෂකයන් දෙදෙනා රෝහල්ගත කර තිබෙයි.