පුද්ගලයෙකු ගල්ගසා මරා දමයි. ලංකාව දිනෙන් දින ගෝත්‍රික වන ආකාරය.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    collage-1.png


    කොහුවලදී පාසල් දරුවාගෙන් මුදල් කොල්ලකෑ පුද්ගලයා ගල් පහරින් මරුට



    කොහුවල ප්‍රදේශයේ සිදුවූ පාසල් සිසුවකුගෙන් මුදල් කොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයෙකුට ප්‍රදේශවාසීන් විසින් ගල්වලින් පහරදීමෙන් පසු තුවාල ලබා මියගොස් ඇති බව කොහුවල පොලිසිය නිවේදනය කර සිටී.


    පොලිස් වාර්තා වලට අනුව, මෙම සිද්ධිය කොහුවල පොලිස් වසමට අයත් එස්.ඩී.එස්. ජයසිංහ මාවත සහ මල්වත්ත පාර හංදිය අසලදී සිදුව ඇත. සැකකරු පාසල් ළමයකුගෙන් මුදල් කොල්ලකෑමට උත්සාහ කරන අවස්ථාවේදී, එය දුටු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් සැකකරුට ගල්වලින් පහරදී ප්‍රදේශයෙන් පන්නා දමා ඇත.

    කොහුවල පොලිසිය වැඩිදුරටත් වාර්තා කරන්නේ, පහරදීමෙන් පසු සැකකරු එම ස්ථානයෙන් පලායාමට සමත් වී ඇති බවයි. කෙසේ වෙතත්, පසුව එම සැකකරු නුගේගොඩ නාලන්දාරාම පාරේ ඇවිදින මංතීරුව අසල තුවාල සහිතව වැටී සිටිනු දැක ඇත.


    කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තුවාල ලැබූ සැකකරු හඳුනාගෙන, ඔහුව වහාම කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකරු මියගොස් ඇති බව පොලිසිය තහවුරු කර ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ කටයුතු සිදුකරමින් පවතී. මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් ද සිදුකිරීමට නියමිතය.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඇත්තටම ළමයෙක්ගෙන් සල්ලි පැහැර ගන්න එකකේ මැරුම් කෑවා නම් ප්‍රශනයක් නැහැ .

    කව්ද ඕකේ අත්ත නැත්ත දන්නේ

    ඔහොම පාරවල් වල අල්ලාගෙන ගහන උන්ව arrest කරන්න ඕන එකෙක් දේන්නෙක් , සිර දඬුවම් දෙන එකත් පෙන්නුවා නම් ඉබේම අමාරුව සනීප වෙනවා .
    accident එකක් උනාම වාහනේ ගියපු උන්ටත් ගහනවා , driver ට ගහනවා accident එක වෙනවා ඇහැට දැක්ක වත් නැති 2.50 පොන්නයෝ වීරයෝ කියල හිතගෙන, වැරැද්ද හැපිලා මැරුණ එකාගෙ උනත් driver ට ගහනවා .

    මේවා වෙනවට යම් දුරකට පොලිසිය වග කියන්න ඕන . ඒත් ඔහොම දෙයක් කරාම ,
    driver ගේ කැමැත්ත අකැමත්ත අදාල නැහැ , අනිවා නීතිපති හෝ පොලිසිය ගහපු උන්ට නඩු දාන්න නීති හදන්නා ඕන , විල මැද ටකරං මුඩුක්කුවේ උන් ඕව කරන්නේ නැහැ මාතෘකා trend කර කර ඉන්නවා .

    driver ගේ කැමැත්ත අකැමත්ත අදාල නැහැ වෙන්න ඕන ඔහොම දේකදී , නැත් නම් driver නඩු දාන්න අකමැති වෙනවා driver ට case එන්න පුළුවන් නිසා ගහපු පොන්නයෝන්ගෙන් & උගේ මෝඩ නෑදෑයෝ/යාලුවොන්ගෙන් .


    ඔහොම දේවල් උසාවි අරං යන්න ඕන නීති හදන්න ළමයෙක්ගෙන් සල්ලි පැහැර ගන්න හැදුවොත් , අනිවාර්ය නඩු විදිහට .
    ඒ මදි ඊට පස්සේ උසාවියෙන් දෙන තීන්දුව , media/social media වල විවේචනය කරන්න පුළුවන් වෙන්න නීති මාරු වෙන්න ඕන