ආයෙත් Passport පෝලිමක් එන පාටයි පැය 24 සේවාව නවතියි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,609
    72,811
    113
    මාලඹේ
    පැය 24 පාස්පෝට් නිකුතුව නවත්වයි…


    image_b19ee944ea.jpg

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ගමන් බලපත් ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාව වෙත කරනු ලබන නිවේදනයයි.
    මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය පැය 24 පුරාවට සිදු කිරීම 2025.02.18 දින සිට ක්‍රියාත්මක වූ අතර එය 2025.05.30 දිනෙන් අවසන් වේ.

    ඒ අනුව 2025 ජුනි මස 02 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව පෙ.ව. 7.00 සිට ප.ව. 2.00 දක්වා අයදුම්පත්‍ර භාර ගැනීමේ කටයුතු සිදු කරනු ලැබේ.

    එදිනට එක් දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කර ගනු ලැබූ එදිනට නියමිතඅයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ටද ඉහත කාල සීමාව තුල තම අයදුම්පත් එක්දින සේවාව යටතේ භාර දිය හැකිය
    ප්‍රධාන කාර්‌යාලයේ සාමාන්‍ය සේවය යටතේ අයදුම්පත් භාර ගැනීම ද පෙ.ව. 7.00 සිට ප.ව. 2.00 දක්වා සිදු කෙරේ.

    ප්‍රාදේශීය කාර්යාල වල පෙර පරිදිම පෙ.ව. 7.00 සිට ප.ව 2.00 දක්වා සාමාන්‍ය හා එක්දින අයදුම්පත් භාර ගැනීම සිදු කරනු ලබයි
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    dn polima adu athi ehenm mn april wala renew kle new year passe habei edath crowd eka sahenna appointment tibba nisa 6ta gihin 11 weddi gatta
     
    • Like
    Reactions: handley

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,201
    12,001
    113
    අනේ ඉන්ඩ

    රට දාාලා යන්න එපා


    අනේ ඉන්ඩ !!