වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ් ආයිත් පැනලා - කැබිනට් රැස්වීමට ඇවිත්
ගතවූ සති කිහිපය තුළ එජාපයෙන් සන්ධානයටත් නැවත සන්ධානයෙන් එජාපයටත් පිවිසි වසන්ත සේනානායක
අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී තිබෙයි.
ඔහු එජාපයෙන් ඉවත්වී පසුගියදා සංචාරක හා වනජිවි කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පැවති ඉකුත් 14 වනදා ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී යළි එක්සත් ජාතික පක්ෂය වෙත සහය පළ කර ප්‍රකාශයක් නිකුත් කළෙය.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට වසන්ත සේනානායක ද එක්ව සිටි බව වාර්තා විය.
පසුගියදා එජපයෙන් සන්ධානයටත් පසුව 14 වනදා සන්ධානයෙන් එජාපයටත් ගමන් කළ වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයාද අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වූබව වාර්තාවේ. ඔහු සමග වසන්ත සේනානායකද පැමිණ තිබුනි.
මුලින් සන්ධානයට ආ අවස්තාවේ ලබාගත් තීරණය ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා කියා තිබුනේ තමන් සුලු ජනකොටසක නියෝජිතයෙකු නිසා බහුතරය හඳුනාගත් ඕනෑම පක්ෂයකට සහය දී තම ජන කොටස වෙනුවෙන් යුතුකම් ඉටු කරන බවත් ඒ ගැන තමන්ට ඡන්දය දුන් අය දොස් නොපරවන බවත්ය.
කෙසේ වෙතත් 14 වනදා එජාප රැස්වීමට පැමිණ නායක රනිල් සමග එකළඟ අසුන් ගෙන සිටි සුරේෂ් තමා මුලින් ලබාගත් තීරණය වැරදි එකක් බව කියා තිබුනි.
ඔහු අද ඇමති මණ්ඩල රැස්වීමට එක්වූ බව ආණ්ඩු පක්ෂ ආරංචි තහවුරු කලේය.
Sorce:Gossiplankanews