ආයෙමත් ආදරෙන්.....
ජීවිතය කියන්නෙ හරි පුදුම දෙයක්.. අපිට අපිව හරිහැටි තේරුම්ගන්න කවදාවත් පුළුවන් කමක් තියෙනවාද...? ඉතින් අපි කොහොම තවත් පාර්ශවයක් තේරුම් ගන්නද...? සමහරවිට ඒ නිසාවෙන්න ඇති සුනිල් එදිරිසිංහයන් කියන්නෙ... එදා ලග සිට දුටුව ඔබ නොව... මෙද දුර සිට මා දකින්නේ... සදකාලික නොවූ ලෝකයේ සද කෙලෙසද පෙම් බදින්නේ... කියල...

අපි ජීවත් වෙන්නෙ කොච්චරමු සුළු කාලයක්ද...? ඒ කාලයතුල අපිට කොතරම්නම් අය හමුවෙනවාද...? සමහර අය අපි උපන්දා සිටම අපේ ලග... තවත් අය අතර මගදී හමුවන අය.. හිතවත්කම්, නෑදෑකම්, සහෝදරකම්, තරහවීම්, වෛරය ආදී මෙකී නොකී කොතරම් නම් සම්බන්ධකම් අපේ ජීවිතය හා බැදුනඋන් සමග අපි පවත්වනවාද...?
මේ හැම සම්බන්ධකමක්ම පරයන සම්බන්ධකමක් වන ප්‍රේමනීය ආදරයක් එක තප්පරයකින් හටගන්න හැටි ගැන හිතනවිට මේ හිත මහා පුදුමාකාර එකක් කියල වෙලාවකට හිතෙනවා.. අවුරුදු ගානක් නොවිදිනා දුක්විදල අපිව පෝෂණය කරන දෙමවුපියන්ට විරුද්ධවෙන කොතරම් නම් දූ දරුවො ඉන්නවද...? දෙමාපියන්ට වඩා ඒ සම්බන්ධකමට පෙමින් වෙලීම.. සමහරවිට ජීවිතය පවා පූජා කිරීම.. නැතිනම් සදාකල්ම තිනිකඩව වෙසීම හෝ මෙතුවක් අප හා හිතවත් උනු අය අපේ ආදරය අභියසදී දෙවෙනිවීම හරිම පුදුමාකාරයි...
ඒත් ඒකම තමා ප්‍රේමවන්තයින්ගේ ආදරයක තිබෙන විශේෂත්වය සහ සුන්දරත්වය... එහෙම නොවුනොතින් සමහරවිට ඒ සම්බන්ධතාවයට ආදරය කියල කියන එකකුත් නෑ.. තත්පර හතකින් බැදෙන සබැදියාව... ආත්ම හතක් දක්වා ගලාගෙන යන අයුරුනම් හරිම සුන්දරයි..
අනන්තවූ මිනිසුන් අතර දෙදෙනෙකු අතර බැදෙන සංසාරගත ප්‍රේමයත් අතරමගදී මිරිගුවක් බවට පත් උනොත්... ජීවිතය කියන්නෙ අන්න ඒ වගේ සිතුදේ නොමවන නොසිතු දෙයක්ම වන මහා ප්‍රස්ථාපිරුළක්... ආදරය කියන්නෙ සම-මස් පසාරුකරගෙන, ඇටමිදුලු පසාරුකරගෙන.. ලේවලටම කිදා බහින හැගීමක්.. මේ හැගීම ඒ කිදාබැහැපු වේගෙන්ම ආයෙ එළියට ගන්න බෑ.. මොකද ලේ එක්ක නහර දිගේ මේ ආදර හැගීම මුළු සිරුර පුරාම එන්නත් වෙලා අවසානයි.. ඉතින් ඒ අනන්තයට ගිය සෙනෙහසම අහිමිවෙලා ගියදාට.. විදවන්න වෙන්නෙ හරියට ලේ පිළිකාවක් හැදුන හා සමානව.. මොකද පෙනෙන නොපෙනෙන දුරක අප පෙමින් වෙළුණු ආදරය නොහිටියත්.. මුලු සිරුරෙම ඒ ආදරයට පූජාකල උත්තරීතර සෙනෙහස සැරිසරණ නිසා...
ඔබට මා පෙම්බැන්දෙ මේ භවයට පමණක් නොවෙයි සංසාරය පුරාවටම එකට ඉන්නයි... ඒත් ඔබ මිරිගුවක් වූ හැටි පුදුමයි.. සැබෑවක් ඌ නුඹම දැන් සිහිනයක්.. හැබහින් සිහිනයක් ඌ ඔබ, සිහිනයෙන් හැබෑවක් වෙලා.. නුහුරු දේ හුරුවෙන්නත්, හුරු දේ නුහුරු වෙන්නත් තරමටම ඔබ මගේ සිතේ ලැගුම් අරගෙන... යතාර්ථය මිරිගුව බලාපොරොත්තු මගේ හිත එක්ක ගජරාමෙට තරග කරද්දි.. මේ ඔක්කොම මැද්දෙ නිහඩව කැකෑරෙන හදවතින් බුර බුරා නැගෙන්නෙ එකම හඩයි...
හැකිද ඔබට තුරුළු වෙන්නට ... මගේ සෙනෙහෙ පිරුණු පපුවට ඔය සියුමැළි මුව ලංකරල.. ආයෙමත් අර පුරුදු ලයාන්විත ආදරෙන්.....
හැකිද ඔබට තුරුළු වෙන්නට ... මගේ සෙනෙහෙ පිරුණු පපුවට ඔය සියුමැළි මුව ලංකරල.. ආයෙමත් අර පුරුදු ලයාන්විත ආදරෙන්.....