ආයේ Office වෙලාවෙන් පස්සේ Call ගත්තොත් Boss ඉවරයි

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    තමාගේ වැඩ මුරය නිම වීමෙන් අනතුරු ව තමන්ට සිය ආයතන ප්‍රධානින්ගෙන් ලැබෙන අසාධාරණ දුරකථන ඇමතුම් සහ පණිවුඩ නොසලකා හැරීමේ අයිතිය තහවුරු කිරීමේ නව නීතියක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියාව පියවර ගනිමින් සිටියි.

    එම නීතිය උල්ලංඝනය කරන හාම්පුතුන්ට එරෙහි ව දඩ නියම කිරීමට ද එහි ප්‍රතිපාදන පවතින බව වාර්තා වේ.

    එරට කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ නීති කිහිපයක් සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති අතර "right to disconnect" යන නව නීතිය ඒ යටතේ හඳුන්වාදීමට නියමිත ය.

    නව නීතිය මගින් සේවකයින්ගේ රැකියාව සහ ජීවිතය අතර සමතුලිතතාව ඇති කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට අනුමාන කෙරේ. - ADA DERANA NEWS